IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බොලිවුඩ් නළු නිළියන් සමග 'ජැකී චෑන්'

20160406Jacky_2ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ජැකී චෑන් මේ දිනවල ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව තිබෙන බව වාර්තා වෙනවා. 'කුංග් ෆු යෝග' නම් වූ මෙම චිත්‍රපටය ස්ටැන්ලි ටොන්ග්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වේ. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ජැකී චෑන් මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවුවද සෙසු ප්‍රධාන හා උප ප්‍රධාන චරිත සඳහා බොලිවුඩ් සිනමා නළු නිළියන් එක්ව තිබීමයි. 2

2014 වසරේ තිරගත වූ ෆාරා ඛාන්ගේ "හැෆි නිව් ඉයර්" චිත්‍රපටයේ රඟපෑ සෝනූ සෝඩි මෙන්ම, නවක සිනමා නිළි අමීරා ඩස්ටර්ද එක්ව සිටිනවා.

ඔවුන් දෙදෙනාට අමතරව දිස්නා පටානි, ආරිෆ් රහමන් සහ චීනයේ ජනප්‍රිය ගායකයෙකු වන ෂැන්ග් ඊෂින්ග්ද 'කුංග් ෆු යෝග' චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් චීනයේ මෙන්ම ඉන්දියාවේදී මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම මෙම චිත්‍රපටය චීන, ඉංග්‍රීසි, දමිළ හා හින්දි භාෂාවලින්ද හඬකැවීමට සූදානම් කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක වියදමකින් තැනෙන මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත්තේ මේ වසරේ අගභාගයේදීය.

මෙම චිත්‍රපටය ජැකී චෑන් ඉන්දීය නළුනිළියන් සමග රංගනයේ යෙදෙන පළමු චිත්‍රපටය බවද මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ජැකී චෑන්, ආක්ෂේ කුමාර් සමගින් චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූවද ආක්ෂේ මෙන්ම ජැකීද ඒ වනවිට කාර්යබහුල වී සිටි හෙයින් එම චිත්‍රපටය නිර්මාණය කරන්න තිබු අදහස චිත්‍රපට නිෂ්පාදකවරුන් අත්හැර දමන්නට සිදුවුණා.

20160406Jacky_1



අදහස් (0)

බොලිවුඩ් නළු නිළියන් සමග 'ජැකී චෑන්'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site