IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


බොලිවුඩ් තාරකා හමුවූ සෞන්දර්යාත්මක අත්දැකීම - Hiru Golden Film Awards 2016

2016-09-15-ent-34

2016-09-15-ent-35

බොලිවුඩ් තාරකාත් අපේ සිනමා තාරකාත් එකට මුහුවුණු සෞන්දර්යාත්මක අත්දැකීම වන Hiru Golden Film Awards 2016 සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මීට පෙරදී මෙන්ම මෙවරද බොලිවුඩයේ අති දක්ෂ රංග ශිල්පි ශිල්පිනියන් පිරිසකගේ පැමිණීමෙන් සම්මාන උළෙළ විචිත්‍රවත් වී තිබුණි. මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි කපූර්, කරිෂ්මා කපූර්, , ජැකී ෂොරොෆ්, සුනිල් ෂෙට්ටි, නීල් නිටින් මුකේෂ් යන තරැ මෙරටට පායා තිබුණි. චිත්‍රපට නිෂ්පාදක ෙබානී කපූර්ද ෙම් පැමිණි පිරිස අතර විය.

සිනමා සම්මාන රාත්‍රියදා උදෑසන කොළඹ හිල්ටන් හෝටලයේදී විශේෂ ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡාවක් පැවැත්වූෙය් සම්මාන උළෙලට පැමිණි බොලිවුඩ් තරැ එක්කාසු කරගෙන ය. ඊට මධුරි ඩික්සිත්, කරිෂ්මා කපූර්, සුනිල් ෂෙට්ටි, ජැකී ෂොරොෆ් හා නීල් නිටින් මුකේෂ් එක්ව හුන්හ. මේ එහිදී ඔවුන් හා මාධ්‍යවේදීන් අතර ඇති වූ සුහද කතාබහයි.

 

ජැකී ෂොරොෆ් - මුලින්ම කියන්න ඕන මේ සම්මාන උළෙලට සහභාගි වෙන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. සුනිල් ෂෙට්ටි තමා මට මේ 2016-09-15-ent-39ඇරයුම කළේ. අපිට මේ වෙද්දිත් ඉතාම හොඳ ආදරයක් වගේම සත්කාරයක් ඔබ සියලු දෙනා හිමිකර දීලා තියෙනවා. සම්මාන උළෙලට ආවා වගේ ඉස්සරහට ශ්‍රී ලංකාවේ චිත්‍රපටයකට එකතු වෙන්නත් මම ආසාවෙන් ඉන්නවා. ම්ම්ම් එක්කෝ ඇයි මම විතරක් අපි හැමෝටම පුළුවන් ලංකාවේ චිත්‍රපටයකට එකතු වෙන්න. ඉතින් ලංකාවේ අධ්‍යක්ෂවරැන්ටත් චිත්‍රපට රචකයින්ටත් මම ආරාධනා කරනවා අපි ගැන ටිකක් සළකා බලන්න කියලා. අපි රංගනයට එච්චර අදක්ෂ නෑ. (සිනාසෙමින්) අපිටත් ටිකක් රඟපාන්න පුළුවන්. ඉතින් අපිවත් ඉදිරියේදී ශ්‍රීලංකාවේ සිනමාවට එකතු කරගනී කියලා මම හිතනවා.

 

සුනිල් ෂෙට්ටි - මම මුලින්ම ස්තූති කරන්න ඕන මේ මාත් එක්ක වාඩිවෙලා ඉන්න හතරදෙනාටම එක දුරකතන ඇමතුමකින් ඔවුන් ලංකාවට ඇවිත් මේ සම්මාන උළෙලට සහභාගී වෙන්නත් ලංකාවේ තමන්ගෙ ආදරණීය රසික රසිකාවියන් දැකගන්නත් කැමැත්ත පළ කළා. මම හොඳින්ම දන්නවා, මධුරි ජී, කරිෂ්මා ජී, ජැකී සර්, නීල් කියන හතර දෙනාම ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර බොහොම ජනප්‍රිය චරිත. මම පෞද්ගලිකව ලංකාවට පස් සැරයක් විතර ඇවිත් තියෙනවා. ඒ හැම වතාවෙදිම මම ආපහු ඉන්දියාවට ගියේ හරිම ප්‍රීතිමත් හැඟීමකින්. ‍ඒ තරම් ආදරයක්, සත්කාරයක් ලංකා‍වෙන් ලැබුණා. ශ්‍රී ලංකාව කියන්නෙ අපිට ගොඩක් සමීප රටක්. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හරහා. සනත්, අර්ජුන, මහේල වගේ ලෝකයේ හොඳම ක්‍රීඩකයෝ ලංකාවෙන් බිහිවුණා. ක්‍රිකට් වගේම තමයි ලංකාවේ කෑම බීම. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ මට හැමවෙලේම හරිම සුන්දර මතකයක්.

 

කරිෂ්මා කපූර් - මම මීට කලින් වතාවක් ලංකාවට ආවා ප්‍රසංගයකට. ගොඩක් හොඳ උණුසුම් පිළිගැනීමක් අපිට ඒ වතාවෙත් හිමිවුණා. ඒ මීට අවුරැදු 12කට විතර කලින් මට මතක විදිහට. මම අාසයි ලංකාෙව් මගේ රසිකයින් හමුවන්නට. එදා මාධ්‍ය හමුෙව්දී කී අයුරින්ම කරිෂ්මා Hiru Golden Film Awards ෙව්දිකාෙවදි අපූරැ නර්තනයක ෙයදුණාය.

 

මධුරි ඩික්සිත් - ලංකාවට පැමිණීම ගැන හරිම ආස්වාදජනක හැඟීමක් තියෙන්නෙ. මේ මගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි. ඒ නිසාම සංවිධායකයින්ට මම ගොඩක් ස්තූති කරනවා මට ආරාධනා කිරීම ගැන. ඒ වගේම කරිෂ්මා සහ නීල් ලංකාවේදී නර්තනයේ යෙදෙන හැටි බලන්නත් ආසාවෙන් මම ඉන්නවා. මම දකින විදිහට සිනමාව තරම් මිනිසුන් එකට එකතු කරන තවත් දෙයක් නැහැ. අපි හැමෝටම පොදු කතාන්දර වගේම අපි හැමෝම තුළ තිබෙන හැඟීම් සිනමාව හරහා එළියට එනවා. මේ සංචාරය අතරතුරදී ලංකාවේ සිනමා නළු නිළියන් දැකගන්නත් ගොඩක් ආසාවෙන් මම ඉන්නෙ.

 

නීල් නිටින් මුකේෂ් - මට මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන ස්තූති කරන අතරේම අපේ සිනමාවේ පතාක යෝධයන් වගේ චරිත එක්ක මේ වෙලාවේ එකට ඉඳගෙන කතාකරන්න ලැබීමත් ලොකු වාසනාවක් කියලා මට හිතෙනවා. සුනිල් ෂෙට්ටිට මම ස්තූති කරනවා මට ආරාධනා කිරීම ගැන. මම දැනට දින දෙකක් තිස්සේ මෙහේ ඉඳන් නර්තන පුහුණුවීම්වල යෙදෙනවා. ශාලාවේ පහසුකම් වගේම එහි සේවය කරන සේවක මඬුල්ලෙන් අපට ලැබෙන සහායත් ගොඩක් විශිෂ්ටයි. මේ තරම් දැවැන්ත සිනමා උළෙලක් බව මම එනකල් දැනගෙන හිටියේ නැහැ. මම මෙතෙක් කල් ඉදිරිපත් කිරීම් කරපු විශාලම වේදිකා අතුරින් එකක් තමා මේ. ඉතින් සිනමා රාත්‍රිය උදාවෙන කල් ගොඩක් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. ෙම් අයුරින් මූලිකව අදහස් දැක්වීමෙන් අනතුරැව ඔවුහු මාධ්‍ය සගයන්ගේ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරැ දුන්හ.

 

ශ්‍රී ලංකාවේ සිනමාවත් එක්ක නළු නිළියන් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔබ සියලු දෙනාට යම් අදහසක් තිබෙනවාද?

සුනිල් ෂෙට්ටි - මම හිතන විදිහට අපි දෙපිරිස අතර ගනුදෙනුවලට යම් බාධාවක් වෙලා තියෙන්නේ භාෂාව තමයි. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ නිර්මාණ නරඹලා තියෙන කෙනෙක් විදිහට මම මේ විදිහේ දෙයක් දකිනවා. පසුගිය අවුරැදු දෙකක වගේ කාලය ඇතුළත ලංකාවේ සිනමා ක්ෂේත්‍රය සැළකිය යුතු වර්ධනයක් අත් කරගෙන තියෙනවා. ඊට මේ Hiru Golden Film Awards සම්මාන උළෙලත් දායකත්වය දී ඇති බවයි මගේ හැඟීම. ලංකාවේ සිනමාව දියුණු වීමට නම් සිනමා ශාලා ප්‍රමාණයක් වර්ධනය විය යුතුයි. තවත් දෙයක් තමයි චිත්‍රපට රෑගත කිරීම් සඳහා සුදුසු ස්ථානයක් ලෙස දැන් දැන් ලංකාව ප්‍රචලිත වෙමින් තිබෙනවා. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. අනික ලංකාවේ ශිල්පීන් ඉතා දක්ෂයි. කලින් වතාවේ නේහා, විවේක් එක්ක ලංකාවේ නළු නිළියන් නර්තනයේ යෙදුණා. බොහොම ලස්සනට තිබුණා.

 

අද මේ ඇවිත් ඉන්න ඔබ බහුතරයක් දෙනා බොලිවුඩයේ එක් පරම්පරාවකට අයත් ශිල්පීන්. 2000 වසරේ මැද භාගයේ සිට හින්දි සිනමාවේ වෙනස්කම් එහෙමත් නැත්නම් බොලිවුඩයේ අලුත් පරම්පරාව ඔබට දැනෙන්නෙ කොහොමද?

ජැකී ෂොරොෆ් - ඒකට මට ලබාදෙන්න තියෙන්නේ මේ වගේ උත්තරයක්. කඳුළුවල පාට කිසිම විටෙක වෙනස් වෙන්නේ නැහැ. සිනමා කර්මාන්තය ආරම්භ වුණු වකවානුවේත් අදත් කවදාහෝ අවසාන වෙන තැනකදීත් මිනිස් කඳුළුවල පාට එක වගේමයි. අපේ හැඟීම් එලෙසමයි. වෙනස් වෙන්නේ නෑ. (ආසෝකා කලද් බදල්තා නහී හේ). ඉස්සරහටත් ගොඩක් අලුත් තාක්ෂණය ඒවි. හැබැයි මිනිස් ජීවිතයේ සම්බන්ධතා වෙනස් වෙන්නේ නැහැ. අම්මා පුතා, තාත්තා අතර සම්බන්ධය, හොඳ නරක, කුසගින්න වගේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඔබට දැනෙන කුසගින්නමයි මටත් දැනෙන්නෙ.

 

ජැකී ඔබේ පුතා ටයිගර් මේ වනවිට බොලිවුඩයේ නැගී එමින් ඉන්න තරැවක්. කොහොමද ඔහු ගැන දැනෙන්නෙ?

ජැකී ෂොරොෆ් - ආහ්හ්. මම මොනවද මගේ පුතා ගැන කියන්නෙ. මෙහෙමයි මට ගොඩක් සතුටුයි ඔහුට වැඩිහිටියන්ගේ වගේම පොඩි අයගේත් ආදරය දිනාගන්න හැකිවෙලා තියෙනවා. ඒ ආදරය ඔහු දිගටම පවත්වාගනීවි කියලත් මම හිතනවා.

 

60/70 දශකවලදී ලංකාවේ සිනමාවත් ඉන්දියානු සිනමාවත් එක මට්ටමේ වගේයි පැවතුණේ. එම්.ජී.ආර් සහ ගාමිණී ෆොන්සේකා එක තලයේ සිටි දෙදෙනෙක්. ඔබ කොහොමද එදා සහ අද දකින්නේ?

සුනිල් ෂෙට්ටි - ඉස්සර සිලෝන් රෙඩියෝවත් ඉතාම ඉහළ තත්ත්වයක තිබුණා. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ ක්ෂේත්‍රය යම් අර්බුදකාරී තත්ත්වයකට පත්වුණා. ඇත්තටම මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ලංකාවේ ගොඩක් දක්ෂ ශිල්පීන් ඉන්නවා. යම් යම් පරිසර තත්ත්වවලයි කාලයේයි තමයි ගැටලුව තියෙන්නෙ. මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. මුළු ලෝකයේම ආසියාවේ වර්ධනයක් තියෙනවා. චිත්‍රපට කර්මාන්තය අතින් වුණත් එහෙමයි. මුළු ලෝකයේම දක්ෂතම නර්තන ශිල්පීන් අපේ රටවල ඉන්නවා. ටයිගර් ෂෙරොෆ් වුණත් ඒ වගේ කෙනෙක්. මේ වෙද්දි දීපිකා, ප්‍රියංකා වගේ අය ලෝක සිනමාව තුළ තැනක් නිර්මාණය කරගෙන අවසන්.

 

ලාංකික සිනමාෙව්දීන්ට ලබාදෙන්න යම් උපදෙසක් තියෙනවද?

සුනිල් ෂෙට්ටි - නැහැ. අපිට අවශ්‍ය තරම් දක්ෂතා සහිත පිරිසක් රටවල් දෙකේම ඉන්නවා. ඉතින් මම දකින්නේ මේක කාලය පිළිබඳ ගැටලුවක් විතරයි. තව කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ සිනමාව තවත් ඉහළ තලයකට ගමන් කරාවි. ඔබ ඉන්දියාව දිහා බැලුවොත් විවිධ ප්‍රාදේශීය භාෂාවලින් ප්‍රාන්ත 13ක පමණ වෙන වෙනම සිනමා කර්මාන්තය පවතිනවා. ඒ වගේම සිනමාවට අදාළ හැදෑරීම් සඳහාත් විශේෂ ආයතන පවතිනවා. මේ විදිහේ පහසුකම් තිබීම ඕනම රටකට වැදගත්. එතැනදී රජයේ සහායත් වැදගත්.

 

ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය හා හින්දි සිනමා කර්මාන්තය අතර හොඳ සහයෝගීතාවක් ගොඩනගලා ලාංකික කලාකරැවන්ට ඉන්දියාවේත් ඉන්දීය කලාකරැවන්ට ලංකාවේත් දක්ෂතා දක්වන්න අවස්ථාවක් තියෙනවද?

නීල් නිටින් මුකේෂ් - මුලින්ම කියන්න කැමැතියි ක්ෂේත්‍රය තුළ ඉස්සරහට එන්න අවශ්‍ය වන්නේ නිර්මාණශීලීත්වය පමණයි. ලංකාවයි, ඉන්දියාවයි අතර තියෙන්නේ බොහොම පුංචි පරතරයක්. අපි මේ විදිහට පැමිණීම තුළිනුත් අදහස් කතාබහ කිරීම තුළිනුත් ඒ පරතරය සඳහා පාලමක් ඉදිවෙනවා. මෙතැන තියෙන්නේ දක්ෂතාවය පිළිබඳ කතන්දරයක් පමණයි. දකුණු ඉන්දියාවේ ඉඳන් කෙනෙක්ට බොලිවුඩයට එන්න පුළුවන් වගේම බොලිවුඩයේ ඉඳන් හොලිවුඩයට යන්න පුළුවන් වගේම ලංකාවේ ඉඳන් කෙනෙක්ට බොලිවුඩයට එන්න පුළුවන්. ඔබ දක්ෂයෙක්ද කියන එක විතරයි එතැනදි වැදගත් වෙන්නෙ.

 

රජිත  / සේයා රෑ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

2016-09-15-ent-38
2016-09-15-ent-37
2016-09-15-ent-36



අදහස් (0)

බොලිවුඩ් තාරකා හමුවූ සෞන්දර්යාත්මක අත්දැකීම - Hiru Golden Film Awards 2016

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site