යෝෂිත රාජපක්ෂගේ පියා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කඩුවෙළ අධිකරණ භූමියට ඇතුළු වූ පසු ඔහු වටකරගත් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියතෙම පුතා අත්අඩංගුවට ගැනීමට යතියි දැනගත් වහාම ඔහුගෙන් ඒ ගැන විමසූ බවයි. එෆ්.සී.අයි.ඩී. ය තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න යැයි තමන්ට කී බවත් හිටපු ජනපති කීවේය.
පුතාලා, නෝනලා, සහෝදරයන් අත්අඩංගුවට ගෙන හිරේ දැමීමෙන් 1936 සිට ලැබූ පන්නරය නැති නොවන බවත් බල්ලන් බිරුවාට ඒ පන්නර නැතිකළ නොහැකි බවත් කීයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපට හොඳ පාඩම්...! (නි)
පීකොක් මන්දිරෙන් ගත්ත රත්රං මාරයි.(කෞ)
දැන් ඉතින් එදා උජාරුවෙන් කයිවාරු ගහපු අයව ගෙනෙමුකෝ නැවත බලයට. (නි)
ප්‍රියාන්, එතකොට සරත් ෆොන්සේකා වන්දි ගෙව්වේ මොකක් නිසාද? (නි)
බොහොම හොඳයි වෙච්ච දේ නම් (නි)
"කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....." හොරමැරකම් කරන, වංචා කරන, තර්ජන ගර්ජන කරන, පැහැරගැනීම්, මිනීමැරුම් කරන හැමෝටම පොදු ධර්මතාවක්. මහින්ද මහත්තයෝ, බල්ලෝ වුණත් හොරු දැක්කහම පන්නරය බලන්නේ නැහැ බුරන්න. (නි)
"කරන කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....." (ම)
පුතා කරලා තියෙන වැරදි වලට හරියන්න හිරේ ලැගලා ආවාවේ! දුක තමයි සොමේ! (ම)
පුතා කරලා තියෙන වැරදි වලට හරියන්න දඬුවම් විඳපුවාවේ (නි)
ෆොන්සේකව හිරේ දානකොට ඔහොම හිතුනේ නැහැ නේද? යෝෂිත රිමාන්ඩ් කරලා තියෙන්නේ වරදකටනේ. බලමු මොකෝ වෙන්නේ කියලා (නි)
රට බේරාගත්තා කියලා ඒකාධිපතියෙක් වෙන්න දෙන්න බැහැනේ. ඒකයි ජනතාව එකපාරක් නෙමෙයි දෙපාරක්ම ඔබතුමාව පරාද කළේ. දැන්වත් ඒක තේරුම් අරන් නිදහසේ පැත්තකට වෙලා ඉන්න. තවත් ප්‍රශ්න දාගන්නේ නැතුව. (නි)
අප අසා ඇත්තේ " බල්ලෙක් බිරුවාට කන්දක් පාත්වෙන්නේ නැති " බවකි. හැබැයි " බල්ලන් බිරුවාට පන්නරය නැතිකරන්න හරි ඇතිකරන්න හරි පුළුවන් කෙසේදැයි නොදනිමු. සමහරුන්ට දරාගන්න බැරිවුණාම ඔහොම දේවල් ඉතින් කියවෙනවා තමයි. අනේ ඉතින් කළදේට අපි කුමක් කරන්නද? (නි)
රට බේරාගත් වීරෝධාර නායකයා කුදලාගෙන ගිහින් කූඩුවේ දානකොට හිතෙන්නේ නැතුව ඇති දිට්ට ධම්ම වේදනීය කර්මය කාටත් පොදුයි කියලා නේද? (නි)
ප්‍රියාන්, යුද්ධ කළේ නායකයෝ නෙමෙයි (නි)
පන්නරයෙන් කොස් කොටන්නද තමන්ගේ දරුවන් සහෝදරයන් හොරකම් කර අසුවෙනවිට? (නි)
එයාලා කළ වැරදි වල තරම දැනගෙන අදහස් පළකරන්න (නි)
බුරන්නේ නැති බල්ලෝ හපා කාපු හැටිත් අපි නම් දැක්කා. (නි)
පිටිගල මිලානෝ, ඔබගේ පෙනීම ගැන සැළකිලිමත් වෙන්න. (නි)
දැන් වාරය කොකාගේ. තව ටික කාලෙකින් තිත්තයාගේ වාරය. එදාට අවුරුද්දක් බලාගෙන ඉන්නේ නැහැ. ක්ෂණික තීන්දු. එදාට අපි අහනවා ඉල්ලන් කෑවා නේද කියලා. (නි)
රට බේරාගත් ඔබතුමාට අප සැමදා ගෞරව කරනවා ඔබ තුමා නිසා තමයි යුද්දය ජයගෙන රට දියුණු කරන්නට හැකි වුණේ (ම)
පසුගිය දශක තුන හතර තුළ ජාතික හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා සිංහල ජාතිය වට්ටන්න හැසිරුනේ කෙසේද යන්න දන්නෝ දනිති. රට දැන් දුවන්නේ රට රකින්න වැඩකළ පිරිස පෙළන්න බව දිනපතා සිදුවෙන දෙයින් වැටහෙයි. මේවාට දැන නොදැන බහුතර ජනමතය මහා ඡන්දයේදී දුන් පිරිසටද අන්තිමට මොකද වෙන්නේ බලමු. (නි)
තාත්තා කෙනෙකු වශයෙන් පුතුන් කරන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටියා නම් හෝ පුතුන්ට නොමඟ යාමට උපදෙස් දුන් අය ගැන සෙව්වා නම් මෙසේ නොවේ (නි)
අපි හැමදාම ඔබතුමා සමඟ ඉන්නවා (නි)
මට මතක්වෙන්නේ අර කුමාරයා තල හොරෙන් කාපු කතාව. (නි)
අප එකිනෙකාට ගරු කළයුතු බව අමතක නොකරන්න. එය දේශයේ පැවැත්මට සුභදායක වේ (නි)
ඉන්දිකගේ කතාව ඇත්ත.... (නි)
සත්‍යය කවදා හෝ ජයගනීවි මහත්තයෝ (නි)
රට බේරුවා වගේම අවසානයටත් ගෙනියනවා වගේ. (ම)
මට නම් හිතෙන හැටියට ඕක ඔබතුමාටත් හරියටම හරියන කතාවක් (නි)
ඔයා ගැනනම් බොහොම දුකයි , එත් කළ වැරදි වලට නිසි දඬුවම් විඳිය යුතුමයි නේද ? (ම)
එදා සහ මෙදා කතා දෙකක්නේ. හිටපු කාලේ පත්තර සහ මාධ්‍ය රැකගත්තද? සුදු වෑන් වලින් කොච්චර ඉස්සුවද? ගිනි තිබ්බද? (නි)
මේ වසරේ මගේ ලොකුම බලාපොරොත්තුව, සිහිනය, යහපාලන මායාවට උල්පන්දන් දී රට ජාතිය වට්ටන්න උරදුන් අය ඇතුළු බහුතර ඡන්ද කැමැත්ත දුන් සිංහලයාට යහපාලනේ නිසාම වැලේ වැල් නැතුව යනවා දැකීමයි. (නි)
විරුද්ධවාදීන්ට පමණක්ම යහපාලනය ක්‍රියාත්මක වීම කෙසේනම් අනුමත කරන්නද? අපේ රටට මෙයින් හොඳක් සිද්ධවෙන්නේ නැත. (නි)
අපි අහලා තියෙන්නේ බල්ලන් බිරුවට කඳු පහත් නොවන බවයි. මෙතුමා මේ කියන්නේ අලුත් විදියක්ද? (නි)
පුතෙක් හොරකමක් කළාම, තාත්තාගේ වගකීම හොඳ නරක කියාදීම. (නි)
කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (නි)
1936 කොහෙද දේශපාලනයක් තිබුණේ? ඒක ඉංග්‍රීසි ආණ්ඩුව (නි)
වෛරය පිරිමහ ගන්න මහින්ද මරන් කෑවත් අපිට කමක් නෑ මට බැරියෝ කියමින් හඩා වැටීමෙන් පලක් නැත. බලය ගැනීමට පෙර පොර ටෝල්ක් දුන්නා සේ හැකි ඉක්මණින් කුලියාපිටියේ වොක්ෂගන් කර්මාන්ත ශාලාව ආරම්භ කර පහසු මිලට කුලියාපිටිය පොලෙන් අතේ ඇති මුදලට වාහනයක් ගෙදර ගෙනයෑමේ අවස්ථාව උදා කළ යුතුය.නැත්නම් ඉක්මනින්ම අකුලෝ ගෙන යාමට සුදානම් විය යුතුය.අමතක නොකළ යුතු තිත්ත ඇත්ත නම් බලය ලබා ගැනීම පහසුය එය රැකගැනිම අති දුෂ්කරය (බ)
කවුද බල්ල? (බ)
බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරළපු, දුටුගැමුණු රජුටත් බණින මිනිස්සු මහින්දට මොනවා නොකියයිද? (නි)
පුතා නිර්දෝෂී බව ඔප්පු කරන්න. (බ)
එක නෙන්නන්ම්..., පත්තර නැති කරන්න නම් සුදු වෑන් එකක් යවන්න එපායැ. (බ)
ඔබතුමා රටට නොමැකෙන සේවයක් කළා. දැන්වත් දේශපාලනයෙන් ඉවත් වුනොත් සෞඛ්‍යට ගුණයි නේද? විපක්ෂයට පන්නරය දෙන්න එකතු වුනොත් මේ යන විදියට ඔබතුමාත් ගෝඨාභයත් අත්අඩංගුවට ගන්න දිනය වෙඩි ඇතක නෙවෙයි. (බ)
බල්ලන් පසුගිය රජය කාලයේ පත්තර සහ මාධ්‍යවේදීන් පසුපස පන්නපු ඒවා, බල්ලන් සපා කා මරපු ඒවා ගැනද මේ කියන්නේ? මේ නව රජය යටතේ පත්තර සහ මාධ්‍යවේදීන් බියක් සැකක් නැතුව ඉන්නවා (නි)
මොනවා කරන්නද හිටපු ජනපති තුමා ,ඔබතුමාගේ, ඔබතුමාගේ දරුවන්ගේ, ඔබතුම වටා සිටි හෙන්චයින්ගේ වරදවල් නිසා ඔබතුමාලා විඳවනවා. කොටි හිතවතුන්ගේ පාරාදීසයක් වෙලා. (බ)
ඉන්දික, ඔබ හරියටම හරි. මේකේ ඉන්නේ මහා කුහක මිනිස්සු ජාතියක්. හොරකම් කරනතුරු දඬුවම් ලැබිය යුතුයි. හැබැයි ප්‍රශ්නය ඕවා දේශපාලන වාසි සඳහා දෙපැත්තම ගන්නවා. ඒක මේ ආසියාතික රටවල හැටියක්. (නි)
ඔබතුමා හරි (නි)
කාගේ පන්නරය කොහොම වෙතත් බල්ලන්ට බුරන්නට අයිතියක් ඇත. රජ කාලේ පන්නරයට බයේ බල්ලන් සැඟ වී සිටියත් අද එවැනි යුගයක් නොවෙන්නට පුළුවන. (බ)
රට බේරාගත්තේ ඔහු විතරක් නෙමෙයි. මහින්ද ගැන මම හොඳට පෞද්ගලිකව දන්නවා (නි)
මහින්ද තමන් සමඟ දේශපාලනය කළ මිනිසුන්ගෙන් පළිගන්න ඇති. එහෙත් කිසිම දවසක කාගෙවත් දරුවන්ගෙන් පළිගත් බවක් මම දන්නේ නැහැ. ෆොන්සේකාව හිරේ දැම්මාට මේකට හොඳ වැඩේ කියන අය දන්නේ නැතුව ඇති ෆොන්සේකාගේ දරුවන්ට උගන්නලා, යුද්ධ කාලේ විශේෂ ආරක්ෂාවක් ඒ දරුවන්ට දුන්නේ කවුද කියලා. නිදහස් පක්ෂය මේ ඡන්දෙදි දෙකට කැඩෙන බව දැන් ස්ථීරයි (නි)
දැන් ඔබතුමා විවේකයක් ගන්න (නි)
යන්න බලන් ඉන්න. කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙනවා (බ)
මෙච්චර කල් කෝ හොරු ඇල්ලුවද ඇහුවා. දැන් පළිගන්නවා කියනවා. කටට ආවට ඔහේ කියවනවා. (නි)
මිනිසුන්ගේ ආදරය ගෞරවය දිනාගෙන ලස්සනට ඉන්න තිබුණු අවස්ථාව තණ්හාව නිසා නැතිකර ගත්තා. (නි)
එසේම වෛරයෙන් වෛරයද නොසන්සිඳේ (නි)
මේ සැරේ ඇවිල්ල ඉන්නේ දියමන්ති වලින් හදපු බල්ලන්, උන් එක්ක හැප්පුනොත් නාකි පන්නර නිකම්ම මොට්ට වෙලා නිකම්ම යකඩ කෑලි බවට පත් වෙන බව නම් සිකුරු යි. (බ)
කල ගුණ නොදත් අය බුරනවා. කොටි හෙන්චයියන්ගේ පා ලෙව කනවා. පිරබාහරන් දණ ගස්සපු ඔබට රටම ණයගැතියි. සැලෙන්න එපා. මුළු රටම දැන්නම් ඔබ සමගයි. ජය වේවා. (බ)
චන්ද ඉවර වෙනතුරු පීකොක් මන්දිරේ වැලි හලන එකත් පහුගිය රජයේ නම ගිය කීප දෙනෙක් අත් අඩංගුවේ තබා ගැනීමත් කලාම වාසී ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි. (කෞ)
ඒ වගේ වැඩකරපු නිසානේ උසාවි යන්නේ (බ)
සරත් ෆොන්සේකා මහතාට තරම් කණගාටුවක් දුකක් කිසිවෙකුට වෙන්න එපා. (නි)
රට බේරාගත් නායකයා හිරේ ගියා ඒ කාලේ. අද රට බේරාගත් නායකයාගේ පුතාට හිරේ යන්න වෙලා. (නි)
ඔබතුමා හිරේ යන්නේ වෙන මොකුත් නිසා නොවේ තිස් අවුරුදු යුද්ධය ඉවර කරපු නිසා , දැන් ඩයස්පෝරාව සතුටු කරන්න ඔබතුමා ගෙන් පළිගන්න හදනවා . මේ ඉටු කරන්නේ ඡන්ද පොරොන්දු , මේ දේවල් කරන්න කරන්න ඔබතුමා ශක්තිමත් වෙනවා , නමුත් අවුරුදු 5 ගියාට පසු මේ රජය කරන දේවල් වෙනස් කරන්න ඔබතුමාට තියා ඔබාමා ට වත් බැරි වේවි . (බ)
සැබෑ ජනමතය කුමක්ද යන්න නොබෝ දිනකින්ම හෙළිවනු ඇත (නි)
සරත් ෆොන්සේකා හිරේේ යවද්දි මෙහෙමෙවෙයි කියලා .හිතුනේ නැහැ නේද (බ)
ඔය කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඇති. සමහරු තමන්ගෙ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගෙ ඇස්වල ඉදිකටු හොයනවා. මේව නීතියට අනුවම සිදුවෙන දේවල් නම් හොඳයි. (නි)
කලින් කිවා කෝ හොරු කියලා දැන් පරීක්ෂණ කරලා අල්ලද්දීත් වැරදි ,දෙපැත්තෙම ඉන්න උන්ට හොරා කන්න දීල හුරේ දදා ඉදපල්ලා..(බ)
වන්දි ගෙවන්න වෙන්නේ රට බේරාගත් නායකයා නිසාද? (බ)
ඒ පන්නරය පුතා ලබාගෙන නැද්ද? බලමු. (නි)
මෙතන බල්ලෝ බුරන කතාවක් ඇදලා ගන්න අවශ්‍ය නැහැනේ. පුතා නිර්දෝෂයි කියලා ඔප්පු කළා නම් හරිනේ (නි)
සමහර අදහස් එක්ක මිනිසුන් මොනතරම් විජාතිකද කියලා හිතෙනවා. (නි)
පළිගැනීම තරම් නරක වැඩක් මට හිතාගන්නවත් බැහැ. මහින්දට රිදුනා තමයි. හැබැයි ලංකාවේ ගොඩක් තාත්තලාට රිදෙන වැඩක් මේක (නි)
සිල්වා මහත්තයෝ, මොකක්ද මේ වෛර කතාව? චෝදනා බරපතලයි නම් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව බැහැනේ. ඔයගොල්ලන්ගේ ඔය බණ දාන්න තිබුනේ ෆොන්සේකා මහත්තයාටයි ශිරාණි මහත්මියටයි හිංසා කළ දවස්වල නේද? (නි)
කොටි හිතවතුන් ගොඩක් අදහස් දාල බව පේනවා. මතක තියා ගන්න රටක් ආණ්ඩු කරනවා කියන්නේ තමන් ගේ බලය රැක ගන්න විරුද්ධවාදීන් හිරේ දමන එක නොවේ. මාධ්‍ය වලට රීරි යකුන් කියමින් තර්ජනය කිරීමත් නොවේ.(කෞ)
යහපාලන ඇමතිකමක් ගත්තා නම් කිසිකෙනෙකුට ඔහොම වෙන්නේ නැතිවෙයි කියලා මට හිතෙනවා (නි)
ටියුනිසියාව විනාශකළ බෙන් අලි ප්‍රමුඛ හොරු 107 දෙනා පැනලා යනකොට රත්තරන් කිලෝ දහස් ගණනක්,ඩොලර් කෝටි දහස් ගණනක් අරගෙනයි රටින් පැනලා ගියේ. අද වෙනකම් ඒ මුදල් නැවත ජනතා සතු කරන්න බැරි වුණා. දැඩි දඬුවම් දෙන්න බැරිවුණා. ලංකාවේ එහෙම වෙන්න ඉඩදෙන්න එපා. (නි)
කර තිබෙන විනාශය අනුව අඩුම වශයෙන් අවුරුදු 15-20 කටවත් බරපතල වැඩ ඇතුව "මහගෙදර" යවන්න. (නි)
බල්ලෝ බිරුවාට ඌරෝ අසූචි කන එක නවත්වන්නේත් නැතිලුනේ (නි)
දිලිප් වික්‍රමරත්න, අපි මැරිලා ඉපදුනේ නැහැ. (නි)
රටට කර තිබෙන විනාශයට දැඩි දඬුවම් දෙන්න. ඒ ධනස්කන්දය නැවත ජනතා සතු කරන්න. ඒ මුදලින් රටේ දුප්පත්කම තුරන් කරන්න. (නි)
සමහර අදහස් ගැන දුකයි (නි)
බාල සුරිය නමෙන්ම පේනවා කතාව බාල බව. සිංහලයට ඉන්න රටක් ඉතුරු කරලා දුන්න නායකයා මහින්ද. වන්දි ලබාගන්න වැඩි කාලයක් පිස්සන්ට බලයේ ඉන්න බැහැ. තමුන්ගේ නම බාල සිංහල වුණාට පියා සිංහල වෙන්න බැහැ. අපි මහින්දට ගරු කරන්නේ සිංහල ජාතිය පාවා නොදුන්න නායකයෙක් නිසා. 4 වෙනිදට ජාතික ගිය දෙමලෙන් කියල නිදහස සමරනවා බාල සුරිය.(බ)
ඔබ රට බේරා ගත් නිසා ඔබේ ඥාතීන්ට නීතිය අවනීතිය කිරීමට ලයිසන් ඇතැයි ඔබ සිතන්නේ නම් එයද අවනීතියේම කොටසකි. ඔබට අද යම් වේදනාවක් දැනේ නම් ඒ වේදනාව සියලු පියවරුන්ට පොදුය. (බ)
සෑම මිනිසෙකුගේම හෘද සාක්ෂිය තමා කළ වැරදි දනී. වරදක් කළ අයෙක් තමා නිවැරදි යයි කියන සෑම විටම තමා කරන්නේ වරදක් බව දනී. (බ)
හිටපු ජනපති තුමාට පින් සිද්ධ වෙන්න කවුරුත් ජනාධිපති අගමැති කම් කරනවා කොටියට බයේ හැංගිලා හිටපු කාලේ මහා කොටියට බයේ කොටිමහත්තයෝ කියල දනින් වැටිලා හිටපු හැටි තොපිට අමතක වුනාට අපිට මතකයි කෙලෙහි ගුණයක් නැති අය සිංහල ජාතිය විනාශ වෙනවා නමුත් නියම සිංහලයෝ ටික හැමදාම මහින්ද මහතාට ණයගැති මේ කරන පළිගැනීමට තොපිට කොටියන්ගෙන්ම පාඩම් ලැබෙන්න ඕන (බ)
ඇඹිලිපිටිය නිහඬයි. නීතියත් මෙහෙමයි. වෙනස යහපාලනයයි. (නි)
නිර්දෝශී බව නෙමෙයි චෝදනා නිවැරදියි කියලයි ඔප්පු කරන්න ඕනෑ. පහුහිය අවුරුද්දත් පළිගැනීම් සහ මාධ්‍ය සංදර්ශන වලින්ම ගෙවිලා ගියා. රට ආපස්සට යනවා. අපේ සමහර අයට මේවා නොතේරෙන එකයි අවාසනාව. (නි)
මෙතුමා රටට සේවයක් කලබව ඇත්ත. ඒත් තමන්ගේ පවුල දරුවන්ට බලය රිසි සේ යෙදන්න බලය දුන්න එක වැරදියි නැත්නම් අදටත් බලයේ ඉන්නවා (ම)
මේ සිදුවුණ දේ ගැන අපේ බලවත් විරෝධය! (නි)
පික්පොකට් ගහලා දුවන මිනිහා වුණත් පස්සෙන් එන මිනිසුන්ට වෙනත් මිනිහෙක්ව පෙන්වමින් ඇඟිල්ල දික්කරමින් තමා දුවන්නේ. (නි)
රාජපක්ෂලා හිතා හිටියේ රටේ ඉන්න අය හැමදාම එයාලගේ වහල්ලු වගේ ඉඳීවී කියලා. අන්න එතනයි රාජපක්ෂලාට වැරදුන තැන. (නි)
පිටිගල, කඩේ යාම නවත්වන්න. (නි)
බඩවැල් ටික අතේ තියාගෙන ජීවිතය බේරාගත් මහරණවිරුවාත් කුදලාගෙන විත් හිරේ දැම්මා අමතකද? (නි)
වරදක් කළා නම් දඬුවම් විඳින්න ඕනෑ. අල්ලනතුරු කෝ මොකුත් නැහැ කියනවා. ඇල්ලුවහම පළිගන්නවලු. ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුරුදුවෙන්න. (නි)
බුද්දාගම අනුව දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවා .ඒ අනුව තමන් වැරදි කරා නම් තමන්ට දඩුවම් ලැබෙනවා .(ම)
බල්ලෝ කරපුව නිසා තමයි අද පැටවුන්ට කුඩුවෙන්න සිදුවෙලා තියෙන්නේ (කෞ)
පුළුවන් නම් අල්ලන්න කියා පන්සල් ගානේ ගිය මිනිහ දැන් මොකද කියන්නේ .....(ම).
පුතෙක් දුෂණයෙන් වළක්වාගන්න බැරිවුණානේ ඔබට...? (නි)
තිලක් ඩුබායි,ඔයාට හැදිලා තියෙන්නේ ඔටු උණ. (කෞ)
කළකම් පළ දේ කියන්නේ මේවට තමයි!! (නි)
චෝදනා ඔප්පු වෙනවනම් .නීතිය හැමෝටම එකයි .චෝදනා වලින් නිදහස් වෙන්න බලන්න .සරත් ෆොන්සේකා මහත්තය හිරේ ගියෙත් ඔය වගේ වංචා චෝදනාවකට .ටෙන්ඩර් 1ක් බැනැගේ සමාගමට දුන්න වරදට එහෙම බැලුවම මේක ඊට වඩා බර පතල චෝදනාවක් .චෝදනා ඔප්පු වෙනවනම් ඉතින් වරදට දඩුවම් ලැබෙන්න ඕනේ.එක හිතවත් කමට හරි වෙන මොකක් නිසා හරි නොදී හිටියොත් ඊට පස්සේ මේ ආණ්ඩුවෙන් සිදුවන මේ වගේ වැරදිවලටත් දඩුවම් කරන්න ලැබෙන එක් නැහැ (කෞ).
ඔබතුමා බයවෙන්න එපා. සත්‍යය ජයගනීවි (නි)