එප්පාවල කන්දකුලම, වෙල්යායකදී තවත් ඇතකුගේ පහරදීමෙන් මියගිය ඇතාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් ඇතාගේ දළ යුගළ දෙක කපාගත් වනජීවි නිලධරයන් ඇත් කුණ එහි දමා ගිය බව ප්‍රදේශවාසීයි කියති.
ඇතා මියගොස් සිටියේ නුවර වැවට ජලය ගලාබසින ඇළ මාර්ගයක් බැවින් එම ජලය ද අපිරිසිදු වන නිසා ප්‍රදේශාවසීහු එය පිළිස්සූහ.
එක්ව එම ඇත්කුණ ගිනි දමා විනාශ කිරීමට කටයුතු කළේය.
පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ මෙවැනි විශාල ශරීරයක් විනාශ කිරීමට දින දෙකක් ගත වන බවයි බල්ලන් හා අනෙක් සතුන් අලි මස් කෑමට ප්‍රිය කරන බැවින් ඇත් සිරුරට එසේ කිරීම වරදක් නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්දෝ නොගැළපෙන ගතියක් දැනෙනවා මෙතන. (නි)
රොබින් අපරාදේ අපි දෙන්නා ගියානම් අලි දෙන්නව දෙපැත්තට ඇදල රණ්ඩුව බේරන්න තිබුනා .(අ)
කාලෙකට අලි රණ්ඩු වෙනවා. මේක කාලයකදී පමණක් සිදුවන බැවින් බොහෝවිට දකින්නට නොලැබේ. (නි)
මෙතන මස් ගැන කතාකරන කට්ටිය හරියට මස් මාළු අල්ලන්නෙවත් නැහැ වගෙයිනේ කතාව (නි)
වැවේ කිඹුල්ලු, කබරගොයින් සහ නරි රංචුවක් ආවා නම් අපරාදේ කියන්න බැහැ එළිවෙනකොට කටු ටික විතරක් ඉතුරු කරයි (නි)
මොනවා වුණත් පවු අසරණ සතා! (නි)
ඔය අලි දෙන්නගේ සටන මිනිසුන්ට වළක්වන්න බැරි වුණාද? (නි)
පිස්සුද මේ වනජීවී කට්ටියට? එහෙනම් සොහොන් පිට්ටනි ඕනත් නෑනේ මේ රටට? (නදී)
දළ දෙකට මොනවා වෙයිද? (නි)
නිදහසට කාරණා නම් එමටයි. එහෙත් සතෙකුට මහා පොළවේ පස්වෙලා යන්න ඉඩක් නැද්ද? එහෙනම් මිනීමස් කන්න කැමති සත්තු හොයලා ලංකාවේ මැරෙන මිනිසුන් කොහේහරි තැනකට එකතුකරලා දාමු සතුන්ට කන්න.එතකොට මල්ශාලා වලට බොරුවට සල්ලි නාස්ති කරන්න ඕනෑ නැහැනේ (නි)
අලි මස් කන අයට මලකුණ කන්න කියල ඇත් දළ කන අය දළ දෙක ගෙනියලා. දළ දෙකත් ඇඟේ මාංශයත් දන් දුන් තිරිසන් සත්වයාට පින් අනුමෝදන් වෙත්වා! (නදී)
ඉර්ෆාන්, පහුගිය උත්සව කාලේ, හරකුන්ගේ බෙල්ලේ බල නහර කපලා, ලේ ගිහින් විඳවලා මැරෙන කල් වට වෙලා සතුටෙන් බලන් ඉන්න කොට ඔහොම පව් කියල හිතුනේ නැද්ද? (නදී)
මහත්තයගේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. එහෙත් මහජන අවශ්‍යතාවයන් සඳහා ජලය ගලා බැස යන ඇලක ඇති මල සිරුරක් කුණුවෙන්න හරින එක හරිද. මෙයාගේ ගේ ලඟත් සතෙක් මරුනහම අනිත් සතුන්ට කෑමට ඉඩදීමේ පවිත්‍ර චේතනාවෙන් කනුවෙන්න හරිනවා ඇති. අනේ මෙහෙමත් මහත් හොරු (නදී)
මිනිස්සුන්ට වත් හරියට නොසලකන රටේ අලින් ගැන මොන කතාද (අ)
සම්පුර්ණ වගකීම වනජීවි නිලධාරීන්, ලිං වලට වැටුන අලි ගොඩට ආව ගමන් වෙඩි දන්නේ ඇයි, උන්ට ටිකක් එහාට යන්න දෙන්න, තමන්ට අනතුරක් කරන්න එනවට වෙඩි දාන එක වෙනම දෙයක්, ඕවයින් වෙන්නේ මනුස්සයින් එක්ක වයිර බදිනඑක.(අ)
ඉර්ෆාන්, අනිත් සත්තුත් පව් නේද? (නදී)
ඇත්තු මේ විදියට විනාශ වෙන එක අපරාදයක් නේද? බලධාරීන් නිදිද ? (නදී)
අනේ පවු අහිංසක සතා! (නි)