IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘බල්ලන් අලිමස් කන්න කැමතිලු‘

එප්පාවල කන්දකුලම, වෙල්යායකදී තවත් ඇතකුගේ පහරදීමෙන් මියගිය ඇතාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් ඇතාගේ දළ යුගළ දෙක කපාගත් වනජීවි නිලධරයන් ඇත් කුණ එහි දමා ගිය බව ප්‍රදේශවාසීයි කියති. 

ඇතා මියගොස් සිටියේ නුවර වැවට ජලය ගලාබසින ඇළ මාර්ගයක් බැවින් එම ජලය ද අපිරිසිදු වන නිසා ප්‍රදේශාවසීහු එය පිළිස්සූහ.

 එක්ව එම ඇත්කුණ ගිනි දමා විනාශ කිරීමට කටයුතු කළේය.

පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ මෙවැනි විශාල ශරීරයක් විනාශ කිරීමට දින දෙකක් ගත වන බවයි බල්ලන් හා අනෙක් සතුන් අලි මස් කෑමට ප්‍රිය කරන බැවින් ඇත් සිරුරට එසේ කිරීම වරදක් නැති බවයි.



අදහස් (0)

‘බල්ලන් අලිමස් කන්න කැමතිලු‘

උපාලි Wednesday, 08 October 2014 06:16 PM

මොකක්දෝ නොගැළපෙන ගතියක් දැනෙනවා මෙතන. (නි)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 09 October 2014 06:56 AM

රොබින් අපරාදේ අපි දෙන්නා ගියානම් අලි දෙන්නව දෙපැත්තට ඇදල රණ්ඩුව බේරන්න තිබුනා .(අ)

:       0       0

සමන්ති Thursday, 09 October 2014 12:30 PM

කාලෙකට අලි රණ්ඩු වෙනවා. මේක කාලයකදී පමණක් සිදුවන බැවින් බොහෝවිට දකින්නට නොලැබේ. (නි)

:       0       0

තුවාන් Thursday, 09 October 2014 07:21 AM

මෙතන මස් ගැන කතාකරන කට්ටිය හරියට මස් මාළු අල්ලන්නෙවත් නැහැ වගෙයිනේ කතාව (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 12:31 PM

වැවේ කිඹුල්ලු, කබරගොයින් සහ නරි රංචුවක් ආවා නම් අපරාදේ කියන්න බැහැ එළිවෙනකොට කටු ටික විතරක් ඉතුරු කරයි (නි)

:       0       0

ටානියා Wednesday, 08 October 2014 01:01 PM

මොනවා වුණත් පවු අසරණ සතා! (නි)

:       0       0

රොබින් Thursday, 09 October 2014 12:42 AM

ඔය අලි දෙන්නගේ සටන මිනිසුන්ට වළක්වන්න බැරි වුණාද? (නි)

:       0       0

ධනංජය Thursday, 09 October 2014 01:52 AM

පිස්සුද මේ වනජීවී කට්ටියට? එහෙනම් සොහොන් පිට්ටනි ඕනත් නෑනේ මේ රටට? (නදී)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 02:02 PM

දළ දෙකට මොනවා වෙයිද? (නි)

:       0       0

විරාජ් Thursday, 09 October 2014 02:57 AM

නිදහසට කාරණා නම් එමටයි. එහෙත් සතෙකුට මහා පොළවේ පස්වෙලා යන්න ඉඩක් නැද්ද? එහෙනම් මිනීමස් කන්න කැමති සත්තු හොයලා ලංකාවේ මැරෙන මිනිසුන් කොහේහරි තැනකට එකතුකරලා දාමු සතුන්ට කන්න.එතකොට මල්ශාලා වලට බොරුවට සල්ලි නාස්ති කරන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

සනත් ඒකනායක Thursday, 09 October 2014 04:35 PM

අලි මස් කන අයට මලකුණ කන්න කියල ඇත් දළ කන අය දළ දෙක ගෙනියලා. දළ දෙකත් ඇඟේ මාංශයත් දන් දුන් තිරිසන් සත්වයාට පින් අනුමෝදන් වෙත්වා! (නදී)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 09 October 2014 03:35 AM

ඉර්ෆාන්, පහුගිය උත්සව කාලේ, හරකුන්ගේ බෙල්ලේ බල නහර කපලා, ලේ ගිහින් විඳවලා මැරෙන කල් වට වෙලා සතුටෙන් බලන් ඉන්න කොට ඔහොම පව් කියල හිතුනේ නැද්ද? (නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 09 October 2014 03:37 AM

මහත්තයගේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. එහෙත් මහජන අවශ්‍යතාවයන් සඳහා ජලය ගලා බැස යන ඇලක ඇති මල සිරුරක් කුණුවෙන්න හරින එක හරිද. මෙයාගේ ගේ ලඟත් සතෙක් මරුනහම අනිත් සතුන්ට කෑමට ඉඩදීමේ පවිත්‍ර චේතනාවෙන් කනුවෙන්න හරිනවා ඇති. අනේ මෙහෙමත් මහත් හොරු (නදී)

:       0       0

සරත් Wednesday, 08 October 2014 04:52 PM

මිනිස්සුන්ට වත් හරියට නොසලකන රටේ අලින් ගැන මොන කතාද (අ)

:       0       0

පාරා Wednesday, 08 October 2014 04:58 PM

සම්පුර්ණ වගකීම වනජීවි නිලධාරීන්, ලිං වලට වැටුන අලි ගොඩට ආව ගමන් වෙඩි දන්නේ ඇයි, උන්ට ටිකක් එහාට යන්න දෙන්න, තමන්ට අනතුරක් කරන්න එනවට වෙඩි දාන එක වෙනම දෙයක්, ඕවයින් වෙන්නේ මනුස්සයින් එක්ක වයිර බදිනඑක.(අ)

:       0       0

සමන් Thursday, 09 October 2014 05:50 AM

ඉර්ෆාන්, අනිත් සත්තුත් පව් නේද? (නදී)

:       0       0

ජයන්ති බඹරැන්ද Thursday, 09 October 2014 05:51 AM

ඇත්තු මේ විදියට විනාශ වෙන එක අපරාදයක් නේද? බලධාරීන් නිදිද ? (නදී)

:       0       0

ඉර්ෆාන් Wednesday, 08 October 2014 06:03 PM

අනේ පවු අහිංසක සතා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site