යාබද නිවසේ බල්ලාගේ බිරීමෙන් හා කුකුළාගේ හඬලෑමෙන් තමාට මහත් පීඩාවක් සිදු වන බව කියමින් ඇමෙරිකා ඉන්ජිනේරුවකු වන ජේම්ස් ෆොර්නින් යාපනය නාවල පාරේ ගෙහිමියකුට එරෙහිව පොලිසියට පැමිණිලි කළේය.
බල්ලා අයිතිකරු ග‍්‍රාම සේවා නිලධරයෙකි.
දෙදෙනාම පොලිසියට කැඳවනු ලැබූහග බල්ලා ඉවත් කරන්නැයි පොලිසිය උපදෙස් දුන්නේය.
ග‍්‍රාම සේවා නිලධරයාගේ බිරිය පොලිසියට පැවසුවේ එසේ කිරීමට නම් ගෙදරට පොලිස් ආරක්ෂාව සපයන ලෙසයි.
බල්ලාගේ බුරන්නේත්ල කුකුළා හඬලන්නේත් තමන්ගේ නියමයකින් නොවන බව ඇය කියා සිටියාය.
පොලිසිය පැවසුවේ ලබන පස් වැනි දාට පෙර බල්ලා නිවසින් ඉවත් කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද හරි. ලංකාවේ බල්ලන් හදන විදියට අසල්වාසීන්ට කරදරයි (නි)
මගේ අසල්වැසි නිවාස වල, හැම නිවසකම වගේ බල්ලෝ ඇති කරනවා.හැබැයි කිසි වෙලාවක බල්ලෙක් බුරන සද්දයක් ඇහෙන්නේ නැහැ.ඒ වගේම තමයි අයාලේ යන බල්ලෙක් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ.තමන්ගේ ගෙදර ඇති කරන බල්ලන්,බළලුන් අනිවාර්යෙන්ම නගර සභාවේ ලියාපදිංචි කල යුතුයි. ඒකයි නීතිය.(අ)
යුරෝපයේ වගේ නීතිරීති වලට යටත් කර බල්ලන් හදන්න තියා නීතිරීති වලට යටත් කර ළමයි හදන්න තරම්වත් මොළයක් ඇති උදවිය ලංකාවේ නැහැ. සුද්දාව මානසික රෝගියෙක් වගේ අපේ උදවියට පෙනෙනවා ඇති මෙතන. එහෙම වෙන්නේ අනෙකාගේ නිදහස ගැන හිතන්නට පුරුදු නොවුණ සමාජයක අපි ඉන්න නිසා. (නි)
බල්ලෝ පැනලා බයිසිකල්කරුවන්ම දහනවයක් මියගියා කියලා තියනවා මම දැක්කා ගිය වසරේ විතරක්.පන්සල් ළඟ ගෙවල් ළඟ බලු පැටවූ අතහැරලා මාරුවෙන, ගම දෙකක් වෙන්නට රෑ යාමේ බජවු දාලා අසල්වැසියන්ට වදදෙන උදවියට සුද්දා පිස්සෙක් වගේ පේනවා ඇති (නි)
මේ මිනිසාගේ පැමිණිල්ලෙන් පෙනෙන්නේ ඒ රටේ මිනිසුන් ජිවත්වෙන විදිහ නොවේද? මට කණගාටු බල්ලාගේ බිරුම තියා අර කන පැලෙන්නට බස් වල දාන කසිකබල් සංගීතේ නවත්වන්නට එක ලාංකිකයෙක්ට පුළුවන් වුණාද? (නි)
බල්ලන්ට ඉව තියනවා. ඒ නිසා බුරනවා ඇති. (නි)
ශීලාගේ කතාව හරියටම හරි (නි)
ජර්මනියේ බර්ලින් වල මම ඉන්න කාලේ මම හිටියේ කුලී ගේක.ගෙදර කුලියට ගනිද්දී බල්ලන් හදන්ට තහනම් කියලා අයිතිකාරයා කිවුවා.එහෙම කළේ බල්ලා හෝ පුසා කාර්පට් එක විනාශ කරයි කියලා.ඒ වගේම මට බාධාවක් වෙයි කියලා අල්ලපු ගෙදර හිටි මගේ ගෙදර අයිතිකාරයා බල්ලා නිශ්ශබ්ද කරන්න විදුලි පටියක් දැම්මා.ඒ විදුලි පටිය දුරස්ථ පාලකයකින් වැඩ කරන්නේ. බල්ලා අනවශ්‍ය තරමට බුරනවා නම් බොත්තම තදකරනවා. (නි)
නවසිලන්තේ නම් බල්ලට මයික්‍රෝ චිප් එකක් දමනවා සමට යටින්. බල්ලා පැනලා ගියොත් බල්ලව හොයාගන්න පුළුවන්. දැන් දැන් හිරකාරයන්ටත් මෙහෙ ඒ දේ කරනවා. බල්ලා පාරේ යන උදවිය හපා කෑවොත් හෝ අසල්වැසියන්ට කරච්චල් තාලෙට සද්ද කළොත් පොලිසියෙන් වෙඩි තියනවා බල්ලාට.අන්න එහෙමයි ලෝකය දුවන්නේ. (නි)
ඇමරිකාවේ ඇතැම් බල්ලන් වර්ග ඇතැම් ප්‍රදේශ වල තහනම්. උදාහරණ ලෙස පිට්බුල් වගේ බල්ලෝ ස්වාමියාගේ අණට පමණයි කීකරු. ජර්මන් ඩෙන් බල්ලා අඩි 4 පමණ උසයි.ටෙරියර් වගේ බල්ලොත් ඉතා දරුණුයි.මෙවැනි බල්ලන් පාරේ ගෙනියද්දි මුකවාඩම් තිබීම නීතියක්. එසේ නොවුණොත් නඩු. අපේ නම් එහෙමද? (නි)
අනේ බලන්නකෝ ,මේ ඔක්කොම පිටරටවල බල්ලෝ හදන හැටි අපිට කියලා දෙනවා. (නි)
අපේ රටේ නම් කොච්චර බුරන බල්ලො හිටියත්, කුකුළන් හැඩලුවත්, උන් ඇන කොටා ගත්තත් වගේ වගක් නැතුව ඉන්න අපි පුරුදුවෙලා තියෙනවා.අපේ රටේ හැටියට බල්ලන්ට බුරන්න දීලා අහළ පහළ අයට වෙන තැනක් හොයාගන්න කියලා තීන්දුවකට එන්නයි ඉඩකඩ වැඩි. (නි)
හිතවත් ලාංකිකයිනේ, මේ සුද්දා අදහස් කරන තැනට ළඟා වෙන්න කලින් සුළු මුදලක් වියදම් කර බල්ලාව එන්නත් කරන්නවත් හිතමු. (නි)
බල්ලන්ට වඳ සැත්කම් නොකර පැටවූන් පන්සල් ළඟ අතහැර මාරු වෙමු.බල්ලන් අයාලේ හැර බයිසිකල්කරුවන් මරමු. බල්ලට එන්නත් නොවිද ජලභීතිකාව වපුරමු.අන්තිමට සුද්දාට පිස්සු සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යැයි කියමු. (නි)
සුද්දාටත් බල්ලෙක්වගේ ඉන්න කියන්න තිබුනා. නැත්නම් බල්ලාට බුරන්න බැරිවෙන්න කට ලොක් කරන්න කියන්න තිබුනා එසේත් නැත්නම් සුද්දාට වෙන තැනක් හොයාගන්න කියන්න තිබුනා. (අ)
හැබෑටම දන්නේ නැතුවට අහන්නේ. ඔය රටවල බල්ලෝ බුරන්නේ නැතුව සින්දු කියනවද දන්නේ නැහැ . අපේ ගෙදරට අල්ලපු ගෙදර මනුස්සයා රැට ගොරවනවා, පොලිසියට ගියොත් සාධාරණයක් ඉෂ්ට වෙයිද ? (නි)
මේවට වග කියන්න ඕන එන්ජීඔි කාක්කෝ.සත්ව සංවිධාන කියල සල්ලි ගරමින් ඒ කාලේ තිබ්බ සංස්කෘතිය නැති කලේ ඔවුන්. (අ)
අපේ ගෙවල් පැත්තෙත් බල්ලෝ හරිම කරදරයක්. වංගු වංගු පාරේ බල්ලෝ හරි මැද ජරා කරලා. පාර අයිනේ බල්ල බුදි. බල්ලවත් බල්ලාගේ ජරාවත් බේරලා දාල වාහනේ ගන්නකොට අනික් පැත්තෙන් වහනයක් අවොත් හැප්පෙනවා. එතකොට වරද අපේ. බල්ලොත් බල්ලෝ හදල පාරේ අරින බලු මහත්තුරුත් බේරිලා. පාරේ නම බණ්ඩාරනායක මාවත. තියෙන්නේ ගම්පහ පැත්තෙ. (අ)
බල්ලෝ එලවල ඇමරිකාවෙන් ලකුණු දාගන්න හදන්නේ (අ)
මම පිළියන්දල පන්සලක් ළඟ ගෙයක් ගත්ත. අනේ අපොයි හැම ඉරිදාම සහ හැම පෝය දවසකම ශබ්ද විකාශන යන්ත්‍ර දාල මොහිදීන් බෙග් ගේ සින්දු දාල අපිට නිදියගන්නවත් නැහැ. මම කරන්නේ කොම්පැනියක සිකුරිටි ජොබ් එකක්. රෑ මුරය කරන නිසා දවල්ට ගෙදර එන්නේ නිදියගන්න. එකත් දැන් කරන්න බැහැ. පොඩි එකාට වයස වයස 3යි. පන්සලේ සද්දෙට බයවෙලා නින්දෙන් ඇහැරෙනවා. කාට කියන්නද? අපිත් බෞද්ධයො. බුදුහාමුදුරුවෝ වත් හිටිය නම් කියන්න තිබුන.(අ)
ඔයාලට ඕකවත් තේරෙන්නේ නැද්ද? දැන් ලංකාව ගෙනියන්න සල්ලි නැහැ. අනෙක නැවක් කුලියට ගත්තොත් එකේ කොමිසන් එක 40% යි ඩොලර් ලක්සේකට ගත්තොත් ඩොලර් 40,000 කබ්රාල්ගේ සාක්කුවට. බලාගෙන ගියාමමෙයාල නම් නියම හොරු. (අ)
හරියට ඉත්තෑවාගේ ගෙට කබල්ලැව රිංගුවා වගෙයි. (නදී)
අද බොහෝ දෙනෙක් ඇමරිකාවට බුරන හින්ද බල්ලාත් බුරනවාද දන්නෙත් නැහැ. (අ)
ඇමරිකන් ඉංජිනේරුවෝ ඔහොමනම් ඇමරිකන් හමුදාව ආවොත් කොහොම හිටීවිද ? (නදී)
නන්දන ඔයා අපේ රටේ වල් බල්ලෝ ගැන දන්නේ මොනාද?(අ)
අපේ රටේ බල්ලන්ට බුරන්නත් දැන් ඇමෙරිකන් කාරයින්ගෙන් අවසර ගන්න ඕනද? (අ)
ලංකාවේ ඔය නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය යුහුසුළු වුණේ ඇමරිකන්කාරයෙක් පැමිණිල්ල කළ නිසාද මන්දා? (නි)
ලංකාව, ඉන්දියාව වැනි බොහෝ රටවල මිනිසුන්ට මෙම තීන්දුවට පටහැනි වෙන්න වෙනවා. නැත්නම් බල්ලෝ, කුකුලෝ, හරක්, කුරුල්ලෝ, කපුටෝ, බස්සෝ සේරම එළවන්න වෙනවා. පැරිසියට යන්නා පැරිසියට හැඩගැසිය යුතුමෙන් ලංකාවට පැමිණෙන්නා එහි ජීවන ක්‍රමයට අනුගත වන්නේ නම් කරදර අඩුය. (නි)
අපේ ගෙදර බල්ලවත් උගන්නල හොද "පිටරට බල්ලෙක්" කරන්න ඕන මටත්.(අ)
සුද්දන් එළවපු රටට ගිය කලක්! (නි)
බල්ලන්ට බුරන්ට ඇමරිකන් කාරයාගේ අවසර ඕන නැහැ... අල්ලපු ගෙදරකෙනාට කරදරයක් නොවෙන්න තමන් ජිවත් වෙනහැටි හරිගස්සන නීතියක් ඕන මහත්තයෝ...(අ)
ගෙදර හැදෙන වැඩෙන සතෙක්ව ගෙදරින් පන්නන්න කියන්නේ මේ මිනිස්සු බලන් ගියාම තිරිසනුන්ටත් අන්ත තිරිසන්නුනේ..ඔය ඇමරිකන් ලොක්කගේ වාසස්ථානය මාරු කරලා දුන්නොත් නරකද නිකන් ප්‍රශ්න ඇති නොකර.(අ)
මිනිසා වනරයන් ගෙන් පැවැත එන්නකි . එකල අාහාර සොයා ගැනීමට සහ මඟ පෙන්වීම වැනි දේවලට සතුන්ව යොදාගෙන තිබේ. මගේ අදහස නම් තවමත් වානර ගති අත්හැර ගැනීමට බැරිඋන අය බල්ලන් බළලුන් වැනි සතුන් ගෙතුළ ඇතිකරමින් ඔවුනුත් කරදර විදිමින් අසල්වැසියන්ටත් කරදර ළගාකර දෙන බවයි.(අ)
බල්ලා සරණාගත කඳවුරකට යවන්න. ඇමරිකන්කාරයා මොනවද ලංකාවේ කරන්නේ? (නි)
පුදුම මිනිස්සුනේ! (නි)
සුද්දට බැනල වැඩක් නෑ. අපි දැනගන්න ඕන අනුන්ට කරදරයක් නොවන විදියට ජීවත් වෙන්න. අපේ අල්ලපු ගෙදර මනුස්සය බල්ලෙක් හදනවා. බල්ලාගේ ජරාව ටික දන්නේ පාරට . මේවා කාටද කියන්නේ.(අ)
. කොහොමත් ගෙදර හදන බල්ලව උනත් අනුන්ට කරදරයක් නොවෙන විදිහට හදන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕන.(අ)
මට පෙනෙන්නෙ සුද්දට බල්ලව කරදරයක් වගේම බල්ලටත් සුද්දව කරදරයක් වෙලා. (අ)
ඇමරිකාවේ බල්ලෝ බුරන්නේ නැතුව ඥාව් ද දන්නේ නැ කියන්නේ. හැබැයි ලංකාවේ කෙනෙක්ට ඔහොම දෙයක් උනානම් පොලිසි යන්නේ නැ...අහිංසක සතාට වස ටිකක් දෙනවා...එහෙම හොද පැත්තකුත් මේ ඇමරිකන් ජාතිකයාගේ තියනවා..(අ)
බල්ලට නිදහසේ බිරීමට තියන අයිතිය කඩකිරීමක්.ලිප්ටන් වට රවුමට සියලුම බල්ලන් රැස් කරලා මහා උද්ඝෝෂණයක් කරන්න ඕන.(අ)
මෙතන බොහෝ දෙනා බල්ලා වෙනුවෙන් කතාකරන්නේ,පිටරටියට විරුද්ධ නිසා.ඇමෙරිකන් වීසා දුන්නනම් ඔය ඔක්කොමලා,සුද්දගේ පැත්තේ. (අ)
තිරිසනාට තිරිසනා කියන්නේ නිකන්ද.බලන් ගියාම මිනිස්සුත් තිරිසන් ගානට වැටෙද්දිනේ පුදුමේ.(අ)
තමන්ගේ බල්ලා මුළු දවස පුරාම බුරනවානම්,අසල්වැසියන් කිවත් නොකීවත්, ඒක කරදරයක් වෙන බව මේ ගේ හිම්යට නොතේරෙන්නේ ඇයි.අනුන්නට කරදරයක් නොවී ජීවත්වෙන්න නීති අවශ්‍ය නැ. (අ)
සුද්ද සුනක ගැනේ කෙනෙක් වගේ....කකුල් 4 ඒකාට තියෙන මොලේ සුද්දට නෑනේ....ඒ අයගේ ගේ රටවල එහෙම බැහැ (අ)
ඕකට තමයි අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියනවා කියලා කියන්නේ (නි)
සුද්දා මේක ලංකාව බව දැනගන්න ඕනෑ. (නි)
මෙය ලංකාවත් ඇමෙරිකාව වගේ නිදහඬ නිවහල් නීතිය ගරු කරන මානව හිමිකම් සුරකින රටක් කියල හිතන්න ඇති. (අ)
මේකා (අ)
දැන් ලංකාවේ හැමෝම මේ නීතිය ඉල්ලුවොත් මොකද වෙන්නේ? (නි)
සත්තුන්ට 'හිමිකම්' නැද්ද, මානවයන්ට වගේ? ඉන්න බැරි නම් සුද්දට යන්න කියන්නයි පොලිසියට තිබුනේ. (නි)
බල්ලන් බුරන එකත් කුකුලන් හඬලන එකත් සාමාන්‍ය දෙයක්. ස්වභාව ධර්මය වෙනස් කිරීමට පොලිසියට දීම වැරදි දෙයක්. කරුණු මෙසේ නම් ලංකාවේ ගෙවල් වල කුකුළන් ඇති කිරීමට සහ බල්ලන් ඇති කිරීමට බැරිවෙනවා. පොලිසියෙන් කෙසේද මෙහෙම තීන්දුවක් දෙන්නේ? (නි)
ඕකනේ කියන්නේ... සුද්දා යැවුවා නම් ඉවරනේ වෙන ගෙදරකට? එයා කුලියටනේ ඉන්නවා ඇත්තේ (නි)
සුද්දෙක් ඇවිත් කිව්වොත් අපේ අයත් ඕනෑ දෙයක් කරයි. ග්‍රාම සේවා නිලධාරියාගේ බිරිඳගේ ඉල්ලීම හරි. ගෙදර ආරක්ෂාවට ඇතිකරන බල්ලා ඉවත් කරනවා නම් පොලිස් ආරක්ෂාව දෙන්න. (නි)
පිටරටවල තියෙනවා සුනඛ පාසල්.ඒවායේ ඉගෙනගත් බල්ලන් හරි කීකරුයි ස්වාමියාට. කියන දේ අහගෙන සද්දේ වහලා ඉන්නවා. (නි)
මිනිපේ,සහතික ඇත්ත කතාව. (නි)
ඔය සුද්දාව අපේ සත්තු වත්තට ගෙනිච්චා නම් හරි (නි)
මෙම ප්‍රවෘත්තියේ ඉංග්‍රීසි පිටපතකුත් හැකිනම් ලබාදෙන්න (නි)
සතුන් අයිතිකරුවන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව මෙම ඇමරිකානු ජාතිකයා පෙන්වා දී තිබෙනවා. (නි)
බල්ලා බුරන්නේ සිංහලෙන් නෙමෙයි කියලා තේරෙන්නේ නැති හැටි? (නි)
චමින්ද, ඇත්තටම කියන්නේ බල්ලෝ ගැනද නැත්නම් වෙනත් වෙනත් සත්ව කොටසක් ගැනද? (නි)
අල්ලපු ගෙදරට කරදරයක් නම් තමන්ගේ බල්ලා බුරන එක තමනුත් ඒ අපහසුතාවයට පත් වුනොත් කොහොමද එ්ක දරා ගන්නේ කියලා පොඩ්ඩක් හිතුවා නම් හොඳයි කියලයි මගේ අදහස...