මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි. ඉතාලියේ සර්දේනියා පළාතේ ජීවත් වූ ජුසේප්පේ සුක්කා (60)මාස දෙකට පෙර හදිසි හෘදයාබාධයකින් මියගියේය. ඔහුට කිසිදු ඥාතියෙක් නොවීය. ඔහු ළඟ බල්ලෝ එකොළොස් දෙනෙක් හා බළල්ලූ හතර දෙනෙක් සිටියහ. අසල් වැසියෝ ඔහුගේ මළගම සිදුකර බල්ලන් හා බළලූන් රැගෙන ගියේ ඔහුට සැලැකීමක් වශයෙනි. එහෙත් එක් බල්ලෙක් අසල්වාසින් සමග නොගියේය. නිවසින් අතුරුදන් වූ ඒ බල්ලා මාස දෙක පුරාම ජුසෙප්පේ මිහිදන් කළ සුසානභූමියේ ඔහුගේ සොහොන මත ලැග සිටි බව පේපෙ ආනා නැමැති සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියයි. ඔහු උදේ සවස ඒ බල්ලාට කෑම රැගෙන සුසාන භූමියට ගිය ඔහු ‘හචිකෝ’’ යනුවෙන් බල්ලාට නමක්ද තැබීය. හචිකෝ යනු තම හාම්පුතා පැමිණෙන තුරු වසර ගණනාවක් ජපානයේ දුම්රිය ස්ථානයට වී බලා සිටි බල්ලාගේ නමයි. සිබූයා දුම්රිය ස්ථානයෙන් රැකියාව සඳහා පිටත් වූ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිඬේ සබාරු යුනෝ හෘදයාබාදයකින් මියගිය පසු ඔහුගේ බල්ලා මියයන තුරුම තම හාම්පුතා එන තුරු දුම්රිය ස්ථානයට වී බලාසිටියේය. හචිකෝගේ එම කතා පුවත හොලිවුඞ් සිනමා පටයකට ද නැඟිනි.


ඉතාලි ආරක්ෂකයා
හචීකෝ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලගුණ දත් සතුන්... මිනිසුන්ට ලොකු ආදර්ශයක්
අද ඇතැම් මිනිස්සු ළග නැති ගුණධර්ම සත්තු ළග තියනව.
අන්න කළගුණ දන්න බල්ලෝ
බල්ලන්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි.මානුෂීය හැගීම් .........
කොතරම් උසස් බල්ලෙක්ද?
මිහිතලය මත තමන් තමන්ට දක්වන ආදරයට වඩා තම ස්වාමියාට ආදරයක් දක්වන්නේ බල්ලා පමණයි
සත්තු ලග තියන කෙළෙහිගුණ මිනිස්සු ලල නැහැනේ
බල්ලා මිනිස්සුන්ට වැඩිය කළගුණ සැළකීම අතින් ඉතාමත්ම ඉහළ බව අපි එදා ඉදන්ම දන්නවා
බල්ලා උනත් හොදට කළගුණ දන්නවා මිනිස්සුන්ට වැඩිය
මෙවැනි බල්ලන් ලබන ආත්මයේදී මනුෂ්‍යයන්ව ඉපිදෙන අතර, කුරිරු මිනිසුන්ට ශරීරයක් නොමැති පෙරේතයන් වී දුක් විඳීමට සිදුවේ...
මිනිසුන් තිරිසන් වෙන ලෝකේ කල ගුණ දත් තිරිසනුන් අප අතර ඉන්නවා