IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බල්ලා හාම්පුතාගේ සොහොන රකියි

මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි. ඉතාලියේ සර්දේනියා පළාතේ ජීවත් වූ ජුසේප්පේ සුක්කා (60)මාස දෙකට පෙර හදිසි හෘදයාබාධයකින් මියගියේය. ඔහුට කිසිදු ඥාතියෙක් නොවීය. ඔහු ළඟ බල්ලෝ එකොළොස් දෙනෙක් හා බළල්ලූ හතර දෙනෙක් සිටියහ. අසල් වැසියෝ ඔහුගේ මළගම සිදුකර බල්ලන් හා බළලූන් රැගෙන ගියේ ඔහුට සැලැකීමක් වශයෙනි. එහෙත් එක් බල්ලෙක් අසල්වාසින් සමග නොගියේය. නිවසින් අතුරුදන් වූ ඒ බල්ලා මාස දෙක පුරාම ජුසෙප්පේ මිහිදන් කළ සුසානභූමියේ ඔහුගේ සොහොන මත ලැග සිටි බව පේපෙ ආනා නැමැති සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියයි. ඔහු උදේ සවස ඒ බල්ලාට කෑම රැගෙන සුසාන භූමියට ගිය ඔහු ‘හචිකෝ’’ යනුවෙන් බල්ලාට නමක්ද තැබීය. හචිකෝ යනු තම හාම්පුතා පැමිණෙන තුරු වසර ගණනාවක් ජපානයේ දුම්රිය ස්ථානයට වී බලා සිටි බල්ලාගේ නමයි. සිබූයා දුම්රිය ස්ථානයෙන් රැකියාව සඳහා පිටත් වූ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිඬේ සබාරු යුනෝ හෘදයාබාදයකින් මියගිය පසු ඔහුගේ බල්ලා මියයන තුරුම තම හාම්පුතා එන තුරු දුම්රිය ස්ථානයට වී බලාසිටියේය. හචිකෝගේ එම කතා පුවත හොලිවුඞ් සිනමා පටයකට ද නැඟිනි. ඉතාලි ආරක්ෂකයා හචීකෝ



අදහස් (0)

බල්ලා හාම්පුතාගේ සොහොන රකියි

රුවන් Monday, 30 April 2012 08:16 PM

කලගුණ දත් සතුන්... මිනිසුන්ට ලොකු ආදර්ශයක්

:       0       0

විමල් Monday, 30 April 2012 08:58 PM

අද ඇතැම් මිනිස්සු ළග නැති ගුණධර්ම සත්තු ළග තියනව.

:       0       0

පැට්රික් Monday, 30 April 2012 10:16 PM

අන්න කළගුණ දන්න බල්ලෝ

:       0       0

yoonusalavi Monday, 30 April 2012 10:25 PM

බල්ලන්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි.මානුෂීය හැගීම් .........

:       0       0

හිල්මි Monday, 30 April 2012 10:29 PM

කොතරම් උසස් බල්ලෙක්ද?

:       0       0

අමිල Monday, 30 April 2012 10:39 PM

මිහිතලය මත තමන් තමන්ට දක්වන ආදරයට වඩා තම ස්වාමියාට ආදරයක් දක්වන්නේ බල්ලා පමණයි

:       0       0

මිල්ටන් Monday, 30 April 2012 11:13 PM

සත්තු ලග තියන කෙළෙහිගුණ මිනිස්සු ලල නැහැනේ

:       0       0

ශ්‍රී ලාල් Tuesday, 01 May 2012 03:40 AM

බල්ලා මිනිස්සුන්ට වැඩිය කළගුණ සැළකීම අතින් ඉතාමත්ම ඉහළ බව අපි එදා ඉදන්ම දන්නවා

:       0       0

ශශිකා Tuesday, 01 May 2012 06:43 AM

බල්ලා උනත් හොදට කළගුණ දන්නවා මිනිස්සුන්ට වැඩිය

:       0       0

සචින්ත Tuesday, 01 May 2012 08:01 AM

මෙවැනි බල්ලන් ලබන ආත්මයේදී මනුෂ්‍යයන්ව ඉපිදෙන අතර, කුරිරු මිනිසුන්ට ශරීරයක් නොමැති පෙරේතයන් වී දුක් විඳීමට සිදුවේ...

:       0       0

ඉන්දු Tuesday, 01 May 2012 08:41 AM

මිනිසුන් තිරිසන් වෙන ලෝකේ කල ගුණ දත් තිරිසනුන් අප අතර ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site