කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් සීයක් පමණ ඉල්ලා ඉවත් කළ බව ද, බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කළ බව ද සතුනට දයාව දක්වන පෞද්ගලික සමාගමක පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා කියයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීම පරිදි මේ පියවර ගත් බවත්, දැල් යොදා සතුන් අල්ලා ගත් බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු බැල්ලියෝ! දැන් කොහොමද දරු සුරතල් බලන්නේ? (නි)
පලවෙනි දවසෙම සියක් නරකම නැහැ. ඔහොම යමු පහු වෙනකොට ඔය කට්ටිය බර ගණනක් අල්ලගන පුළුවන් වෙයි. අපේ පොලිසියෙ මහත්තුරු ටිකක් උනන්දු උනොත්. (ස)
පාර දිගේ වැටක් ගැහුවා නම් හරිනේ (නි)
ජිනීවා යන්න අවශ්‍ය නැහැ (නි)
සමහරවිට කටුනායක ඉඳල නාකි බල්ලෝ කොළඹ යන්න යනගමනේදී තමයි අහු වෙන්න ඇත්තේ. (ස)
ගෙවල් වල ඇති කරන සුරතල් සතුන් ලියාපදිංචි කර, එම බල්ලන් අයාලේ යවන බල්ලන් ගේ හාම්පුතුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මෙන්න වඳ සැත්කම් කරනවලු. කෝ බොදු බල සේනාව. (නි)
පයින් ගියොත්නේ අල්ලන්නේ? (නි)
මාර්ගයට බල්ලන් ඇතුළුවීම වළකන ලෙස දැල් යෙදීමයි කළ යුතුව තිබුනේ මං හිතන්නේ.වද සැත්කම් කරපු එක නම් හරි නැහැ (නි),
හෙට අනිද්දා වෙද්දී කබරයෝ මුගටියෝ එහෙමත් හිටීද දන්නෙ නැහැ (නි)
අහිංසක සතුන්ට අවමන් නොකරන්න. (ස)
අනේ උන්ගෙන් සල්ලි ගන්න එපා. (නි)
බල්ලෝ දන්නවා කොමිස් ගහපු කට්ට්ය ගැන !! (නි)
සුපිරි මගේ කොහොමත් බල්ලෝ ඉන්නවා තමයි. (නි)
ගවයන් හිටියේ නැද්ද? (නි)
අපරාදේ වඳ සැත්කම කළේ. (නි)
බැල්ලියන් ටික අල්ලා ඉවත් නොකර වඳ සැත්කම් කළේ මොකටද? (නි)
දැන් මේ අහිංසක සත්තු ටිකට මොකද කරන්නේ? අනේ නොමරා උන්ටත් නිදහසේ ජීවත් වෙන්න හරින්න. (නි)
බය වෙන්න එපා. පාරේ දවස් දෙකක් හිටියා නම් බල්ලන්ට නොමිලේම පරලොව යන්න පුළුවන් (නි)
සමරනායක කියන කෙනා මම හිතන විදියට ලංකාවේ කෙනෙක් නෙමෙයි (නි)
මිනිස්සුන්ට දයාව දක්වන ආයතනයක් ආරම්භ කරන්න කවුරුවත් නැහැනේ. තියෙනවා නම් මමත් එනවා නොමිලයේ සේවය කරන්න. (නි)
ඔය විදියට සාමාන්‍ය බල්ලන්ට වඳ සැත්කම් කළොත් හදිසියකට බුරන්න බල්ලෙක් නැති වේවි (නි)
බල්ලොත් එක්ක බැහැ (නි)
එන අාදායමෙන් බල්ලෝ අල්ලන්න වියදම් වුණාම එන අාදායම කීයද ඉතුරු? (නි)
අර පිරිමි බල්ලන් හැත්තෑවකට බෙහෙත් විදපු දොස්තර මහත්තයාව අහු වුණා නම් නියමයි තමයි. (නි)
මුන් දඩාවතේ යාමට වගකිව යුත්තේ මහජනතවයි. ගෙදර සුරතල් සතා පැටවුන් බිහි කලාම පාරට හෝ පන්සලකට ගිහින් දානවා. මේ සම්බන්ධව තදින් කටයුතු කල යුතුයි. (ස)
මේක හරිම අසාධාරණ වැඩක්. (නි)
සතුනට දයාව දක්වන??? (ස)
දොස්තර මහත්තයෝ, බුදුදහමට අනුවනම් ඔය වැඩේ හරි නැහැ. (නි)
මොනවා උනත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. අහිංසක සත්තු මැරෙන එකෙන් ගලවගෙන.. තෙෂාන්, ඔය තරම් නපුරු විදිහට කතා කරන්න එපා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. Placebo
බලු අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් (නි)
ජීවක,එයාලා බලන්නේ බලු සුරතල් (නි)
උන්ට කිසිම හිමිකමක් නැද්ද? අපි යනවා ජිනීවා,අසාධාරණය ගැන කියන්න... (නි)
සතුන් දඩාවතේ යාමට වගකිව යුත්තේ මහජනතවයි. ගෙදර සුරතල් සතා පැටවුන් බිහි කලාම පාරට හෝ පන්සලකට ගිහින් දානවා. රජය මේ සම්බන්ධව තදින් කටයුතු කල යුතුයි. සත්ව අවිහිංසාව රජයන්නේ ධර්මද්වීපයක නේද? (ස)
අර නුවර කලා වගේ මේ උදවිය කසාඳ බන්ඳල හනිමුන් එකට නුවරඑළියෙ සුපිරි හෝටලයකට යවන්නයි තිබුනේ. (ස)
ඉස්සර වගේ දඩාවතේ යන බල්ලෝ අල්ලා මරුවා නම් ඉවරයි. සමහර වෙලාවට පාරේ යන්න බෑ උදේ පාන්දර ජරා කරලා. (ස)