පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුවා රැකබලා ගත් පුවතක් ගනාවෙ අක්රා නගරයෙන් වර්තා වෙයි. නිවසින් අතුරුදන් වු තම බල්ලා සොයමින් ඇවීද ගිය අයකූට අවසානයේ දි බල්ලා සමග කූඩා දරුවා ද හමුවී තිබේ. බල්ලා පැය වීස්සකට අධික කාලයම කූඩා බිළිඳා අසල සිටි බවට සලකුණු ඇතැයි බල්ලාගේ හිමිකරු කියා සිටී. රෝහලට ගෙනගිය දරුවා හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් දරුවාගේ ශරිරය පුරාම ලෙව කෑ නිසා බලු කෙළ ගැවී තුබූ බව චෛද්යවරුන් පවසති.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බල්ලා රැයක් අත දරුවා රකී
මොහෝ Thursday, 14 June 2012 12:09 PM
ඇත්තටම මේ සතාගේ නම වෙනස් කර ගන්න බැරිද? බල්ලා නොකියා........
නිපුණ Thursday, 14 June 2012 12:49 PM
බල්ලොන්ගෙ ගතිගුණයි මිනිස්සුන්ගෙ ගතිගුණයි මාරුවෙන්නද යන්නේ
කපිල Thursday, 14 June 2012 12:18 PM
දුෂණය භීෂණය නිසා රටේ ආර්ථිකය කඩාවැටී ඇත.
තිස්ස Thursday, 14 June 2012 01:03 PM
රටේ ආර්ථිකය කඩාවැටී ඇති නිසා අම්මලට දරුවන් ගැන බලන්න වෙලාවක් නැහැ
ලාල් දවුලගල Sunday, 17 June 2012 06:44 AM
කොසොල් රජුගේ සිහින 16 සිහිවේ
ප්‍රසන්න Thursday, 14 June 2012 01:03 PM
දරුවාගේ අම්මට වැඩිය ගතිගුණ ඇති සතෙක්
නිලූ Thursday, 14 June 2012 05:53 PM
නමින් බල්ලා උනත් කරල තියෙන්නේ හොද වැඩක්...
හිමිනමක් Thursday, 14 June 2012 12:25 PM
බ්රේක් ලයිට් කැඩුනේ නැද්දෝ..
කේ.ජී. කටුගස්තොට Thursday, 14 June 2012 05:53 PM
ඉස්සා ඔබ හරි....
සිල්වා Thursday, 14 June 2012 12:29 PM
අපි මීට පස්සේ මිනිසාට බල්ලා කියමු.බල්ලාට මිනිසා කියමු.ඒක තමයි මේ බල්ලට දෙන්න පුලුවන් ලොකුම දේ
ඇමති Thursday, 14 June 2012 12:35 PM
බල්ලාගේ පින්තුරයක් පෙන්නන්නකො
දම්මි Friday, 15 June 2012 05:26 AM
ඒක පරුෂ සුනඛයෙක්ගේ ප්‍රතිපත්තියක් ?ඒ ගැහැණු කෙනාටත් වෙන කරන්න දෙයක් නැති වෙන්න ඇති..
රොෂාන් Thursday, 14 June 2012 01:23 PM
අල්ලා අක්බාර්
මහසෝනා Thursday, 14 June 2012 01:24 PM
සුගතියක උපදින්න මේ පිනම හේතු වේවා !!!!
වසී Thursday, 14 June 2012 01:27 PM
බබාලගේ පින්තූරයක් දාන්නකෝ
ෆාරැ Thursday, 14 June 2012 01:32 PM
හ්ම්... ඔන්න ලෝකය..
රූපසිංහ Thursday, 14 June 2012 06:10 PM
යන එන හැම තැනම ඌ නකුටෙන් වැන්දා ලද හැම තැනම කම් සැප අත් වින්දා මිනිහා බලු මිනිස් වැට මායිම් බැන්දා බල්ලා බලු වුණේ උගෙ බලුකම හින්දා හිතන්න එතකොට මිනිහා............????????????
ඔසන් සලාම් - දෝහා Thursday, 14 June 2012 01:34 PM
බල්ලා යැයි අන් අයට විරුද්ධව අප අපගේ කෝපාවිෂ්ඨය පිටකිරීම සදහා භාවිතා කරන වචන ටික මින් මතුවටවත් භාවිතා කිරීමෙන් වැලකී සිටිමු.
විමල් Friday, 15 June 2012 07:11 AM
දැන් සත්තුන්ගෙ ගුණධර්ම මාරුවෙන කාලෙනෙ. ඒ බල්ලන්ට මිනිස් ගුණ ලැබිල වෙන්න ඇති.
ගදයා Thursday, 14 June 2012 06:14 PM
අනේ මෙහෙමත් වාසනාවන්ත බල්ලෙක්.. දවසකට හරි මිනිස් තාත්තකෙනෙක් නෙ....
සක්කරවට්ටම Thursday, 14 June 2012 12:57 PM
කෝ මේ කිරිසප්පයගෙ අම්මයි තාත්තයි..??
කමල් Thursday, 14 June 2012 05:37 PM
මෙන්න බල්ලො......
කපිල ගුණසිංහ Thursday, 14 June 2012 12:58 PM
කාලයත් එක්ක මිනිසුන් වෙනස් උනාට නුවණැති බල්ලා වෙනස් නොවීය..
සුනිල් Sunday, 17 June 2012 11:00 PM
බල්ලා මතු බුදු වේවා!
චාමි Friday, 15 June 2012 07:55 AM
මේ සත්වයා ඊළග ආත්මයේ මනුශ්‍යයකු ලෙස ඉපදේවා...
අමිල කටුනායක Thursday, 14 June 2012 01:05 PM
බලු අම්මට බල්ලගෙන් ආදර්ශමත් පාඩමක්
අනිල් Friday, 15 June 2012 09:01 AM
තිස්ස කියනවා ආරථිකේ වැටිල නිසාලු මෙහෙම වෙන්නේ....ඒත්....දරුවෝ හදන්න කලින් නේද මේ ගැන හිතන්න තිබ්බේ...
බීපී. Thursday, 21 June 2012 07:29 PM
මේ ළමයව රැකගත්ත බල්ලට ගොඩක් පිං....
මචන් Thursday, 14 June 2012 01:16 PM
මොහෝ , ඇත්තටම මේ සතාගේ නම වෙනස් කර ගන්න බැරිද? බල්ලා නොකියා.......????????????. ඉතින් අපි දෙයියා කියමුකො......මම හිතුව මේවා වෙන්නේ ලංකාවේ විතරයි කියලා.....
ඉන්දික Thursday, 14 June 2012 02:00 PM
තිරිසන්නු අතර තියෙන ආදර කරැණාව හිතක් පපුවක් තියෙන් මිනිසිසු ගාව නෑ බල්ලා සුනඛයා මිනිසාගේ සැබැ මිතුරෙකි
අජිත් වීරසූරිය Thursday, 14 June 2012 01:24 PM
අනේ මටනං නිකං පිස්සු වගේ..
කිරිබාටියා Thursday, 14 June 2012 07:07 PM
මමනම් කැමති නෑ ටොමියා ලබන ආත්මෙ මනුස්සයකු වෙලා උපදිනවට.. මොකද ඒ වෙනකොට මනුෂ්වයා මීට වඩා බලු වෙලා තියේවි.. හිතල බලන්න එතකොට ඌ ආයෙ බලුවෙනවානේ.. නේද??
රාළ Thursday, 14 June 2012 02:17 PM
අපි මේ බල්ලට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමමු.... අපි කාලගුණ දන්නා ජාතියක්.
බන්දුල Thursday, 14 June 2012 02:17 PM
යම් කෙනෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගොස් උතුම් වූ පිංකම් කරඇත්නම් අනුන්ගේ ජීවිත නොනසා බේරා ඇත්නම් ඉපදීම කොයි ආකාරයකට වුවත් එයා ඒ පින නිසා ආරක්ෂා වෙනවා මේක අකාලිකයි.
මකරා Thursday, 14 June 2012 06:41 PM
බල්ලන්ට හොද ඉවක් තියනවා ,දුරචාරී මාරුවිය වගේ බල්ලෙකුට ජාතක උන දරුවෙක් වෙන්නැති.
සජී Thursday, 14 June 2012 02:23 PM
මේ තිරිසන් සතාට උනත් තේරෙනවා ආදරය, කරැණාව මොකද්ද කියලා.. ඒත් මෙච්චර බුද්ධියක් ඇති මිනිසුන් ගෙ හිතට මේ ආදරය කරැණාව දැනෙන්නෙ නැති තරම. මිනිස්සු යක්ෂයෝ වෙලා..
පුසාද් Thursday, 14 June 2012 01:48 PM
මෙතන මොකක්හරි පොඩි සම්බන්ධතාවයක් තියෙන පාටයි....
සමන්ත Thursday, 14 June 2012 02:30 PM
තායිලන්තෙ බල්ලනට කියන්නෙ සුනක්.. කියලා එය සුණඛ කියන පාලි වචනයෙන් හදා ගත්තක්. අපිද උෟට සුනඛයා කියන්නෙමු.. එනම් 'නිය පිහිටි" යන අර්ථයෙන් සුණඛයා කියමු...
හෙළයා Thursday, 14 June 2012 01:52 PM
බල්ලට මිනිසා කියල අපහාස කරන්න එපා... ඌ බල්ලෙක් වෙලාම ඉපදුන දෙන මිනිසුන් අතර ඉපදී උටත් මනුස්ස ගතිගුණ ඈති නොවේවා!!
ප්‍රදීප් Monday, 18 June 2012 03:38 PM
මිනිස්සුන්ට වඩා බල්ලන්ට මිනිස්කම තියෙනවා.....බල්ලාට බුදු සරණයි.
උනුසුම් කොල්ලා Friday, 15 June 2012 11:35 AM
දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා දරුවා එක්ක රැයක් ගත කරපු එක නෙමෙයි දරුවාව ඔතන දාලා ගියේ කවුද කියන එකයි.
අසින් Thursday, 14 June 2012 01:55 PM
උපදින හැම අත්මය්ක්ම ඉතා ඉහල තැන් වල උපදහින්න මේ පින් හේතු වසන වේවා ....
සංක Thursday, 14 June 2012 01:56 PM
නියමයි ඔයා ලොකු වීරයෙක්...
ධනුෂ්ක Friday, 15 June 2012 11:43 AM
අති විශිෂ්ඨයි
බුද්ධිකා Thursday, 14 June 2012 02:40 PM
ලබන ආත්මයේ මනුස්සභවයක් ලබන බල්ලෙක්...
හෙළයා Thursday, 14 June 2012 02:08 PM
අනේ හැමෝම ඔය බල්ල ගැන කතාකරන්නේ අර අසරණ ළමය ගැන කාටවත් දුක නැද්ද? ඕක අපේ ලංකාවේ අයගේ හැටියක්. ප්රශ්නය වෙන එකක් කතාකරන්නේ තව එකක් ගැන ඕකනේ ලංකාව දියුණු වෙන්නේ නැත්තේ .
ප්‍රනාන්දු Sunday, 17 June 2012 01:23 PM
මාර වැඩේනේ
කිවිනි Thursday, 14 June 2012 02:10 PM
කරන්න දෙයක් නෑ.දැන්නම් ඉතින් වෙනස් කරන්න අමාරුයි. ඉස්සර කොරියාව කිව්වට දැන් කොහොමද ?ඒ වගේ තමයි...
තුසිත නුවන් Saturday, 16 June 2012 07:37 PM
හෙලයටයි මේ. 1.කකුල් දෙකේ බැල්ලියක් කරපු මේ වැඩේට කකුල් හතරේ තිරිසන් සතෙක් වන බලලාගෙන් ඒ වගේ ආරක්ෂාවක් ලැබුණට සතුටු වෙන්න.. 2.ලංකාවෙ දියුණුවට පුළුවන් නම් කකුල් හතරේ පාලකයින් ඉදිරිපත් කරන්න.. 3. මතක තියාගන්න මනුෂ්‍ය ප්‍රජාවට වඩා තිරිසන් සතුන් ළග උතුම් ගති ගුණ බොහොමයි.
පෙරේරා Thursday, 14 June 2012 02:53 PM
අගනා බලු මිනිස් හමුවීමක්..!!
චානු Saturday, 16 June 2012 09:54 AM
බබාගේ තාත්තට වඩා ඒ සතා හොදයි වගේ
රුවන් Thursday, 14 June 2012 02:55 PM
බලු පුතේ නුඹ තිරිසන් ආත්මයෙන් මිදේවා !!!!!
ජෝන් සීනා Friday, 15 June 2012 12:02 PM
අපේ රටේ බල්ලෝ වගේ නෙමෙයි
ඩුබායි පුල්ලියා Thursday, 14 June 2012 07:47 PM
මගෙ පැතුම නම් බල්ලාට මිනිස් අාත්මයක් නොලැබේවා! ඊටපස්සෙ ඌත් මේ තිරිසන් වැඩේ කරයි
දීපාල් Friday, 15 June 2012 12:45 PM
එතකොට, බලු වැඩ කියන්නේ මොනවටද? මිනිස්සු කියන්නේ කාටද? අපිට කොහේද වැරදුනේ?
සජිත් Saturday, 16 June 2012 11:01 AM
බල්ලෝ හොද වැඩ, මිනිස්සු බලු වැඩ කරනවා.මෙහෙමත් ලෝකයක් නේද මචං
ෂරස්ඩ්, මොහොමඩ් Tuesday, 19 June 2012 04:53 PM
මට මතක් වෙන්නේ ටී.එම්.ජයරත්න මහත්තයගේ අම්ම සදකි කියන ගීතය.. ලංකාවෙ පුරවැසියෙක් හැටියට මම ලැජ්ජ වෙනවා කිරිසප්පයකුට කරපු දේට.. අපායෙත් ඉඩ නැහැ..
තිලා Thursday, 14 June 2012 03:06 PM
බල්ලට ගොඩක් පින් මේ කරපු වැඩේට....මේ සමාජයේ මිනිසුන්ට වඩා උසස් ගති ගුණ බල්ලන්ට ඇත .බල්ලාගේ ෆොටෝ එකක් බලන්න තිබ්බනම් තමයි හොද ........
ලලිත් සමරකෝන් Thursday, 14 June 2012 03:12 PM
මිනිසුන්ට එකට වාසය කරන්න අමාරැයි එකිනෙකාගේ ආකල්ප වෙනස් නිසා.. සතුන්ට පුළුවන් ගොඩක් අවශ්‍යතා සපුරන්න විශේෂයෙන්ම මිත්‍රත්වය..
ගිරිගෝරිස් Thursday, 14 June 2012 02:43 PM
බල්ලොත් එක්ක බැහැ යි කිව්වට දැන් බල්ලොත් එක්ක පුළුවන් වගේ බොලව්..
ඉන්දි-මාරි Thursday, 14 June 2012 08:44 PM
මිනිස්සුන්ට වඩා තිරිසන් සතාගාව මනුදම් ගුණදම් දරැ දුක ඇත.
නිශා Friday, 15 June 2012 12:19 PM
බල්ලෝ... මතු බවයෙත් හොද තැනක (ලන්ඩන් වගේ )බල්ලෙකුම වී උපදීවා.මිනිසකු නම් වෙන්න එපා.
චමරි Thursday, 14 June 2012 09:03 PM
මිනිස්සුන්ට වඩා දැන් බල්ලන්ට මිනිස් ගතිගුණ පිහිටලා තියෙන බවට මේක හොදම උදාහණයක්. එම සත්කාරයට දායක ඌ ජීවිතයක් බේරාගත් බලු සුරතලාට පිං...
බන්ඩා Thursday, 14 June 2012 03:45 PM
දේශපාලකයන්ට වඩා හොදයි නේ
බන්දුල Tuesday, 19 June 2012 12:14 PM
මේ බල්ල අකමැති උනා මාධ්‍යයට න්න ඒකයි පොටෝ එකක් ගන්න බැරි උනේ.. බල්ල බයේ ඉන්නෙ හැම අම්මගෙම දරැවො ඌට බලාගන්න වෙයි කියලා..
නෙරංජන Friday, 15 June 2012 01:44 PM
දැක්කා නේද මිනිස්සුන්ගෙයි තිරිසන්නුන්ගෙයි තියෙන වෙනස
සම්පත් Thursday, 14 June 2012 09:36 PM
තිරිසනා අපේ අම්මලට හොද පාඩමක් කියලාදීලා..
අලිබබා Thursday, 14 June 2012 03:32 PM
අද මිනිසුන් කරන වැරදි තීනියට අල්ලාගන්න බැරි අවස්තාවලදී බල්ලා තමයි උදවුවෙලා අල්ලන්නේ. මිනීමැරුම් මත්ද්‍රව්‍ය වගේ භායානක අපරාධ මනුෂ්‍යාට කලනොහැකි දේ පවා බල්ලන් කරනවා. අද පවතින්නේ බල්ලට ගිය ලෝකයක්.
එස්.එෆ් Thursday, 14 June 2012 09:43 PM
මේ ගුණධර්ම තියෙන සත්වයා ලංකාවෙ උසස් තැනක උපදිත්වා..!!
බල්ලා Thursday, 14 June 2012 03:33 PM
"රාළ" අපි මේ බල්ලට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමමු... ''බල්ලා'' අදහසට ස්තුතියි. එත් මෙහි කමෙන්ට් කියවන්න ගත්තට පස්සේ මට ඒ නම්බු නාමය පිළිකුල් වෙලා...
ඉන්දික Thursday, 14 June 2012 04:13 PM
මෙය බලන්න (http://thestir.cafemom.com/home_garden/138778/dog_rescues_newborn_baby_after)
s,j.m.italy Friday, 15 June 2012 01:16 PM
හෙළයගෙයි මකරගෙයි වයර් මාරුවෙලා
අජන්ත Friday, 15 June 2012 01:59 PM
අනේ බල්ලට වෙන වැඩක් නැද්ද
ඊශා මයුමලී Thursday, 14 June 2012 04:32 PM
දැන් තේරෙනවා ඇති තිරිසනා කවුද කියල.. දරැව කුණුගොඩට දාල ගියේ මනුස්ස ගති නිසාද? බල්ලා දරැවා බේර ගත්තෙ බලු ගතිය නිසාද කියලා...
ඊෂා Thursday, 14 June 2012 04:32 PM
දැන් තේරෙනවා ඇතිනේ තිරිසනා කවුද කියලා...
සජී Thursday, 14 June 2012 04:39 PM
එහෙම කියන්න එපා හෙළයෝ.. මේ පොඩි බබා ගැන දුකක්, වටිනාකමක් තියන හින්ද තමයි මේ විදිහට මිනිස්සු අර තිරිසන් සතාව අගයන්නෙ.. මෙතන පොඩි බබා නැතිව පූස් පැටියෙක් හිටියනම් පත්තරේ දායිද?
ශවිදු Friday, 15 June 2012 09:58 PM
මිනිස්සුන්ට වඩා බල්ල දන්නවා මිනිස්කම
සුරංග Tuesday, 19 June 2012 12:58 PM
ඒ බල්ලට හොද අනාගතයක් තියෙනවා...
ඇටිකිච්චා Thursday, 14 June 2012 10:27 PM
"ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 13:41:46 මිනිස්සුන්ට බල්ලන්ගෙනුත් ඉගෙන ගන්න පාඩම් තියනවා. අපි ඒකයි එතනින් ගත යුතු පාඩම." ඔවු ඔවු.උන් බොරුවට ආචාර්ය පට්ටම් ගහගෙන ඉන්නේ නැහැනේ
හර්ෂ Thursday, 14 June 2012 04:11 PM
බොහොම උතුම් ක්‍රියාවක්.. මිනිසුන් විසින් සතුන් මරා කන කාලෙක සතකු විසින් මිනිස් ජීවිතයක් රැක දී, මිනිසුන්ට දුන් කදිම ආදර්ශයක්.. අනේ ඔයාට ගොඩක් පිං බල්ලො...ඔයාට මතු අනාගතය යහපත් තැනක් වේවි..බුදු සරණයි.!
ජයසිරි ලංකා Saturday, 16 June 2012 01:32 PM
එල බල්ලෙක්.
අමිල Thursday, 14 June 2012 05:04 PM
ඔයා ලංකාවට ඇවිත් දරු සෙනෙහස නොදන්න දෙමාපියන්ට ටියුෂන් දෙන්න.....
සෝමේ සහෝදරයා සහ ටියුලිප් Thursday, 14 June 2012 11:21 PM
ඊලග පාර ඡන්දෙට මෙයාවවත් දල මොනවා හරි කොරගන්න බලමු!
අරුණ Monday, 18 June 2012 01:15 PM
අන්න එකයි මං කියන්නෙ කැතවැඩ කරන මිනිස්සුන්ට බල්ලා කියලා බල්ලන්ට අපහස කරන්න එපා කියලා
එන්සිනා Thursday, 14 June 2012 05:15 PM
අනෙ මෙක ජාතක කථාවක්ද? " මහා සුනඛ ජාතකය"
සුදු නංගා Thursday, 14 June 2012 04:41 PM
අනේ....දෙයියනේ මෙහෙමත් අම්මල .. ගෑණු අපිටත් නින්දාවක් මෙහෙම ගෑණු. කියවලා ඉවර වෙද්දි ඇස් වලට කදුළුත් ආවා.....
ජගත් Thursday, 14 June 2012 11:54 AM
තිරිසන්නු උණත් මිනිස්සුන්ට වැඩිය උසස්
එස්.එල්.ටී.කේ.2004 Thursday, 14 June 2012 11:54 AM
මානුෂික ගති ඇති තිරිසනෙක් සහ තිරිසන් ගති ඇති මිනිසෙක් හෝ ගැහැනියක් ..
ලංකාසිරි Friday, 15 June 2012 03:25 PM
දරු පැටියගේ තාත්තා බල්ලෙක් කියලා මූට ඉව වැටිලා වද්ද?
හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 14 June 2012 11:55 AM
ඇතැම් රටවල්වල අම්මාවරු බළලුන් බැල්ලියන්සේ කටයුතු කරන යුගයේ මේ තිරිසනා බෝසත් ආත්මයක් ගෙවනවා වෙන්න ඇති කොයි රටේ උනත් අපුරු පුවතක්
මධුර අසන්ත Thursday, 14 June 2012 12:36 PM
මෙම පුවතින් බල්ලාගේ මනුස්සකමද එම අම්මාගේ බලුකමද ඉස්මතුවේ.
Thursday, 14 June 2012 12:36 PM
සමහර වෙලාවට තිරිසන් සතුන්ට තියෙන ගති ගුණවත් මිනිසුන්ට නෑ. ඇයි මිනිහා කියන සතා මේ තරම් කුහක....
අම්මා කෙනෙක් Saturday, 16 June 2012 12:25 AM
මවගේ බලු කමත් බල්ලාගේ මිනිස්කමත් මනාවට පැහැදිලි වෙන පුවතක්්.....
john Thursday, 14 June 2012 12:38 PM
මේ බල්ලා ඊළග ආත්මයේ මනුශ්වයකු ලෙස ඉපදේවා...
ඇටිකිච්චා Thursday, 14 June 2012 05:01 PM
මිනිහෙක් වෙලා ඉපදුනොත් ඔයාට වෙන්නෙත් ඔය සන්තෑසියම තමයි
ඇටකිච්චා Thursday, 14 June 2012 05:41 PM
මිනිහෙක් වෙලා ඉපදුනොත් ඌට වෙන්නෙත් මේ සන්තිසියම තමයි...