මාදම්පේ ඉරට්ටකුලමේ ඉංජිනේරුවරයකුට අයත් ලැබ්රඩෝර් බල්ලකු සොරකම් කළැයි 21 හැවිරිදි තරුණයකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බල්ලාගේ වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකි.
මාදම්පේ ඉරට්ටකුලමේ ඉංජිනේරුවරයකුට අයත් ලැබ්රඩෝර් බල්ලකු සොරකම් කළැයි 21 හැවිරිදි තරුණයකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බල්ලාගේ වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බල්ලෝ ලොකු වෙලා. (ස)
අපේ රටේ සිටින සුනඛයන් වඳවීමේ තර්ජනයකට ලක්ව තිබීම හේතුවෙන් නුදුරු අනාගතයේදී රට බල්ලන්ට ඉල්ලුම ඉහළ යාවි. ගම්වල මිනිසුන්ටත් මුදල් ගෙවා රට බල්ලන් ගැනීමට සිදුවන අතර දේශීය බල්ලන් මෙන් මිනිසාගේ සහයට පුරුද්දක් රට බල්ලන්ට නැත . (නි)
බල්ලෝ ගෙන බලන්න කට්ටිය ඕනතරම් ඉන්නවා. ඒත් මිනිස්සු ගැන කවුද ඉන්නේ බලන්න ඉන්නේ. ? (ස)
බල්ලෙකුටත් ගිය කල! (නි)
ආරංචියක් තිබෙනවා මෙම සොරකම් කළ තැනැත්තා මෙය ඉබ්බා කපා සොරකම් නොකළ බවටත්, පාරේ යනවා දැක අරගත් බවටත්... මම හිතන්නේ බල්ලා උගේ කූඩුවේ ඉබ්බා කපාගෙන පැනලා යන්න ඇති (නි)
ඕකනේ අර පාරේ දඩාවතේ යන බල්ලන්ව මරා දමන්න කියලා මම අදහසක් දැම්මම බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහා හඬක් නැගුනා, එත් බල්ලන් සේ මිනිසුන් මරා දමන විට කිසි හඬක් නැගෙන්නේ නැහැ. (ස)
හරි ෂෝක්! (ස)
පිටිගල හරි නපුරෙක් නේ (ස)
පිටිගල, ඔබ හරියටම හරි. දඩාවතේ යන සියලුම බල්ලන් මරා දැමිය යුතුයි කියලා මමත් යෝජනා කරනවා. මෙහෙ ඉන්නවා බලු රැලක්. මාර කරච්චලේ! නිමල් ඔච්චර කරුණාවන්තයෙක් නම් ඇවිල්ල අරගන යන්න. (ස)
අම්මෝ ..බල්ලන්ට ගිය කලක්...මිනිස්සු සත පහකට නොවටින රටේ ! (ස)
මාර බලු වැඩක් නේද ? (ස)
ලංකාවේ උදවියට තමන් ඉහළ සමාජයේ කියලා අඟවන්න පුදුම තරඟයක්නේ දැන් තියෙන්නේ. එහෙන් වලව්වේ හාමුලා කියලා පෙන්නන්න අලි පැටව් පැහැර ගන්නවා. මෙහෙන් 'සමාජශීලී' කියලා පෙන්නන්න බල්ලන්ව හොරකම් කරනවා. පිටරටින් නිවාඩුවකට අපි ආවහම අනිවාර්යයෙන්ම අපිව වැටෙන්නේ අප්පුහාමිලාගේ නැත්නම් සුවඳාගේ තත්ත්වයට. අනේ කමක් නැහැ. (නි)
සමහර පැතිවල මිනිසුන්ට වඩා ඉන්නේ බල්ලෝ. පාරක යන්න බැහැ. (ස)
උපරිම දඩුවම් දෙන්න ඕන .දැන් කාලේ ගෙදරක ඉන්නත් බයයි. (ස)
හොරකම හොදනෑ නමුත් වටින්නේ බල්ලා ද කොල්ලා ද ? (ස)
අලි පැටව් මදිවට දැන් බල්ලොත් උස්සනවද?. (ස)
පාරේ දඩාවතේ යන බල්ලන් කොරියාවට යවා අපට විදේශ විනිමය සොයන්න පුළුවන් . මේකට විෂය බාර ඇමති වරයකු පත්කර රටට අදායමක් ගන්නට . නිකන් වෙඩි තියල මරල දාලා වැඩක් නැහැනේ. (ස)
කොල්ලෝ බල්ලෝ උස්සන්නේ නැතිව බල්ලන්ට කොල්ලෝ උස්සන්ට ද කියන්නේ (ස)
මිනිස් ජිවිතේ සතයට වැටුණු රටේ........හොරකම මැරකම රජකම් කරන යුගේ........බල්ලට වත් වටිනාකම ලැබුණු එකේ.........තුටු වෙමු අපි ලක් වැසියන් ලෙසට අනේ........(ස)
සුරතල් බලු පැටියෙක් නිසා කොල්ලා බල්ලා අල්ලන් මල්ලේ දාගෙන යන්න ඇති, (ස)
කොල්ලා ගෙදරින් ගියවිට හෙට අනිද්දා ඒවි කියලා බලාගෙන ඉදීවි. (ස)
මට හිතෙන්නේ අලි පැටියෙක් කියලා හිතන්න ඇති. පව් පොඩි එකා! අනික දැන් කොල්ලන්ගෙයි බල්ලන්ගෙයි වැඩි වෙනසකුත් නැති නිසා යාළුවෙක් කියලා හිතුවද දන්නේ නැහැ. (නි)