බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී ආරම්භ වූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී බෙලරූස් කණ්ඩායමේ නිලධාරියකු විසින් එම තරගාවලිය තහනම් කර තිබෙන රුසියාවේ ධජය ඔසවා විරෝධය පෑමක් සිදු කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තහනම් උත්තේජක චෝදනා යටතේ ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව රුසියා කණ්ඩායමට මෙවර පැරාලිම්පික් තරගාවලිය තහනම් කැර තිබිණි.
සමාරම්භක උත්සවය පැවැති මරකානා ක්‍රීඩාංගණයේ ආචාර පෙළපාළියේ ගමන් ගත් බෙලරූස් කණ්ඩායමේ නිලධරයකු එසේ රුසියා ධජය ඔසවා ඇතැයි ද කියති. මේ අතර රුසියාව කියනුයේ තහනමට ලක්වූ තම ක්‍රීඩකයන් වෙනුවෙන් සහෝදරත්වය ප්‍රකාශ කිරීමක් ලෙස එය දකින බවයි.
පැරාලිම්පික් බලධාරීන් අදාළ නිලධරයා ක්‍රීඩාංගණයෙන් පිටුවහල් කිරීමට ද කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කොන්ද පණ ඇති මිනිසෙක් (නි)
රට ගැන කැක්කුමක් ඇති පුරවැසියෙක් කිවුවට රුසියාව සහ බෙලරූස් කියන්නේ රටවල් දෙකක් නේද? (නි)
මට නම් වැටහෙන්නේ නැහැ. මේකට කොමිසමක් පත්කර විසඳුමක් හොයන්න ඕනෑ (නි)
රට ගැන කැක්කුමක් ඇති පුරවැසියෙක් (නි)
ඉල්ලගෙන කාලා තියෙන්නේ.(හේ)
අපේ සමහරු නම් අමෙරිකාවෙන් තහනම් කිවුවා නම් ඉස්මුදුනින් පිළිගනීවි. (නි)