(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2008 වසරේ සිට 2018 වසර දක්වා කාලයේදී රුපියල් බිලියන 200ක පාඩුවක් ලබා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගතහොත් ඉදිරියේදී ආර්ථිකය කඩාවැටීමට හේතු විය හැකි බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලංකාදීපයට පැවසීය.
එමිරේට්ස් සමාගම වෙතින් 2008 වසරේ දී යළි පවරා ගන්නා විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 8ක ලාභයක් ලබමින් තිබූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට රුපියල් බිලියන 200ක පාඩුවක් ලබා ඇති මෙම සමාගම වෙනුවෙන් 2020 වන විට මෙරට සියලූ ජනතාවට රුපියල් 10,000 බැගින් ගෙවීමට සිදුවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
එය මේ තත්ත්වයට පත්කළ කළමනාකාරීත්වය ඊට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් වග කිව යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි සිදුවූ වංචා දුෂණ ගැන සෙවීමට මේ වන විට කොමිසමක් පත්කර ඇතත්, බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් තිබූ උනන්දුව එම කොමිසම සම්බන්ධයෙන් නොමැති බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රටේ ආර්ථිකයට කරපු ලොකුම හානිය ශ්‍රීලන්කන් ගුවන් සේවය නැවත රජයට ගෙන මස්සිනා සභාපති කරපු එකයි.
කමිටු පත්කිරීම ජනාධිපතිතුමාගේ විනෝදාංශය මිසක් රටට වැඩක් කිරීමට අරමුණක් නෑ. තිබුණු කමිටුවලින් වැඩක් වුණාද?
ඇයි අර බිලියන් දෙසීයකටත් වඩා මහබැන්කුවෙන් හොරකම් කරපු උත්තමයෝ ගැන තීරණයක් නොගත්තොත් ආර්ථිකය කඩාවැටෙන්නේ නැතිද? සමහර හොරුන්ව පුනරුත්ථාපනය කරලා අයෙත් ඇමතිකම් දෙන්නත් යනවා. ශ්‍රී ලන්කන් එක වහල දහස් ගණනකට රස්සාව අහිමිකරලා අපේ මැදපෙරදිග යන මිනිස්සුන්ට දහදුක් විඳලා හම්බුකරපු සල්ලි විදේශීය ගුවන් සේවෙකට දීල ඒ ගමන යන්න කියල කියන එකද වැඩිය රටට ප්‍රයෝජනවත් වෙන්නේ? නැතිනම් හොරු රැලකට තවදුරටත් රටේ ආර්ථිකය හුරකන්න දීල උඩ බලාගෙන ඉන්න එකද?
මෙයා ඒ දවස්වල අප්පච්චිගේ ඔඩොක්කුවේ හිටිය නේද? දැන් බබා වෙලා . එයාගේ 2015 චින්තනයේ ප්‍රධාන සංස්කාරක කෙනෙක් නේද? දැන් වරනිඳු ගේ වල්ගයේ එල්ලීගෙන රඟන රැඟුම් අපට නම් පිළිකුලමය.
මෙයා අයියට විකුණන්න පාර හදනවා නේද?
මේ තරම් ජරා ජීර්ණ වූ රටක් මේ ලොවේ තවත් නැතුව ඇති.