පාලකයන්ට බලය වැඩි වන විට පිස්සන් උන්මත්තකයන් වන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට අද (22) ගැටඹේ විහාරයේදි පැවැසූහ.
වත්මන් රජයට නිසි නායකත්වයක් නොමැති බවත් ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔවුන්වත් නොදන්නා බවත් කී කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පනතක් ගෙනා විට ජනපති මම ඉන්නකම් කරන්න දෙන්නෙ නෑ කියන විට අනික් පැත්තෙන් එය සම්මත කර ඇති බවත් කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය අල්ලන්න උදවු දීපු වැරැද්ද දැන් කාටත් තේරිලා. අපේ හාමුදුරුවන්ටත් බලයේ අඩුවක් තිබෙනවා වගේ පේන හැඩයි (නි)
එතකොට හොර ගිවිසුම් හදලා හොර අත්සන් ගහන අය වැටෙන්නේ කොයි ගණයටද? (නි)
මල්වත්තේ නායක හාමුදුරුවෝ රවට්ටගෙන තමයි මේ ඊනියා යහපාලන හාදයෝ රටට වින කරන්නේ...ඔබ වහන්සේවත් පෙරට එන්න අපේ හාමුදුරුවනේ නැතිනම් සිංහල ජාතිය මහා අනතුරක, (බ)
අනේ හාමුදුරුවනේ අනුන් ගැන විවේචනය නොකර මිනිසුන්ට ධර්මය අවබෝධ අනුශාසන කරත්වා! (බ)
ඇත්තමයි අපේ හාමුදුරුවනේ .......(බ)
අපේ හාමුදුරුවනේ, මේ අර කූට ලේඛන සකස්කළා කියන කෙනාද? (නි)
ලාංකීය බෞද්ධයන්ගේ උතුම් ස්ථානයක් වූ දළදා මන්දිරය වටේ කාර් රේස් යනකොට, අඩනිරුවතින් ගැහැණු නටනකොට,රටේම වෙහෙර විහාරස්ථාන වල තිබෙන නිධන් හාරනකොට ඔබවහන්සේලා මේ රටේ වැඩසිටියේ නැද්ද? (නි)
ඒකනම් අපි හොඳටම දැක්කා හිටපු රජතුමාගේ කාලයේදී (නි)
හිටපු ඒකාධිපතියාගේ කාලේදී මෙහෙම කතාවක් කිව්වා නම් මොකද වෙන්නේ කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි. (නි)
සහතික ඇත්ත ස්වාමීන් වහන්ස. මේ ආණ්ඩුව හරියට එළ හරකයි, මී හරකයි බැඳපු කරත්තය වගේ. (නි)
රජවරු, කුමාරවරු, බිසෝවරු, සහෝදරවරු, නැන්දනිවරු, මිතුරෝ..... රටම විනාශ කරද්දී මේ හාමුදුරුවරු කොහෙද හිටියේ? (නි)
ඉස්සර මම චීවරයට බොහොම ගරුබුහුමන් දක්වපු කෙනෙක්. එ්ත් කම්බා හොරුන්ට, මිනීමරුවන්ට, නිධන් හොරුන්ට පිරිත් නූල් බඳිද්දී, ධාතු කරඬුව ඔලුවේ තියලා සෙත් පතද්දී, කම්බා හොරු වෙනුවෙන් බෝධි පුජා පවත්වද්දී ඒ ගෞරවය එහෙමපිටින්ම නැතිවෙලා ගියා. (නි)
චීවරයට ගරුකරන නිසා මම කිසිවක් නොලියමි (නි)
අපේ අහවල් මහත්තයා ගැන නොවෙයිනේ ඔය කියන්නේ අපේ හාමුදුරුවනේ? (නි)
දැනුත් එහෙමයි. ඉස්සරත් එහෙමයි (නි)
පාලකයන්ට බලය වැඩි වනවිට පිස්සන් උන්මත්තකයන් වන බව ඔබවහන්සේ මේ මහත්වරුන්ටම කියපු එක හොඳයි. (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේ ඇහුවද කූට ලේඛන ගැන? (නි)
හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත (නි)
ජගත්, ඔබගේ අදහසම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
සමාවන්න ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ කතාව දහස් වරක් ඇත්ත. එහෙත් එවැනි අයට ඒ උද්දච්චකම වැඩි කරගැනීමට පිරිත් නූල් ගැට ගසා සෙත් පතමින්, අනුබල දෙන්නේ ඔබවහන්සේලාම නේද? (නි)
අනේ අපේ හාමුදුරුවනේ, කොහොමටත් ඔබ වහන්සේට එය කියන්න තරම් ශක්තියක් තිබීම ජාතියට සතුටක්. (නි)
ඔබවහන්සේ ඔය දේශනා කර වදාරන්නේ ඔබවහන්සේ වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් ගැන වෙන්න ඇති. එතකොට ලාංකීය බෞධයන්ගේ උතුම් ස්ථානයක් වූ දළදා මන්දිරය වටේ කාර් රේස් යනකොට, අඩනිරුවතින් ගැහැණු නටනකොට ඔබවහන්සේලා මෙරටේ වැඩසිටියේ නැද්ද? (නි)
සමාවුව මැනවි හිමියනි! ඔහොම කියනකොට අපට හිතෙනවා ඔය කියන්නේ පසුගිය රජයේ කෙනෙක් ගැනයි කියලා (නි)
හාමුදුරුවනේ, දේශපාලකයන්ට වැළඳෙන මේ උමතුව ඔබවහන්සේලාවත් නිතර නිතර මතක් කරදෙන්න (නි)
ඔය කතාව 2015 ජනවාරියට ඉස්සර කිව්වා නම් හරියටම ගැළපෙනවා. (නි)
ඔබවහන්සේගේ කතාව එදාට මෙන්ම අදටත් ගැළපෙනවා (නි)
අපි මැරිලා ඉපදිලා නැහැ (නි)
හාමුදුරුවන්ගෙ කතාව වැඩිය ගැළපෙන්නේ දැන් ඉන්න පාලකයන්ට වඩා කලින් හිටපු පාලිකාවන්ටයි පාලකයන්ටයි. (නි)
ඒ කාලෙ කොහෙද හිටියෙ? දැන්ද අවදිවුණේ? (නි)
ඒ වගේම ඒ සිද්ධිය වෙන වෙලාවේ ඔය ඉන්න මන්ත්රීතුමත් හිටියේ ඒ රජය පැත්තේ කියලා හාමුදුරුවන්ටත් අමතක වෙලා (නි)
අනේ හාමුදුරුවනේ, අපි දන්නවානේ රජතුමාගේ කාලේ කොහොමද බලය පාවිච්චි කළේ කියලා. අපි මැරිලා ඉපදුනේ නැහැ (නි)