බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ජාතික හෙළ උරුමය  කැමති බව  එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද කොළඹදී පැවති සංවාදයකදී පැවසීය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව විසින්  සංවිධානය කැරුණූ මෙම සංවාදය සඳහා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය  ටෙරන්ස් පුරසිංහ මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීවේදී ශිරාල් ලක්තිලක යන අයද සහභාගීවී සිටියහ.