උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සදහා යාපනයේ උඩුවිල් මරදනාර්තොට්ටම් ක්‍රීඩාංගනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරු මෙන්ම මන්ත්‍රීවරු ද, සෙසු දේශපාලන ක්‍රියාධරයෝ සහ විද්වත්හුද සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙකුත් පළාත් සබා වලට තියන බලය විතරක් දුන්නම හොඳටම ඇති. මෙයාලට විතරක් අමුතුවෙන් මුකුත් ඕනි නැහැ (නදී)
මල්ලි බලය බෙදුවට උතුරු පළාත් සභාවට කියල වෙනම නීති නැහැ හරිද. අනිත් පළාත් සභාවල තියෙන නීති විතරයි උතුරේත් තියෙන්න ඕන. උතුරු නැගෙනහිර කියල වෙනම ප්‍රශ්න නැහැ. තමුන් ලා තමයි නිතරම කියව කියව මේ ප්‍රශ්න ඇති කරන්නේ. (නදී)
මෙතන ඇත්තේ පරිවර්තන ප්‍රශ්නයක් ටී එන් ඒ එක ඉල්ලන්නේ නිකන්ම බලය බෙදීමක් නොවේ පෙඩරල් පන්නයේ පාලනයක්. ලොස් ඇන්ජලිස් චානක මහත්මයා චතුරි නෝනා ඉංග්‍රීසි කතාව කියල මෙහි අදහස් පලකරන්න මගේ නමින්ම මා වැරදි නම්. ඔබල එජාපෙ ට සහය පලකලත් රට ගැන කතා කරන්න ඕනේ එකට නේද ? (නදී)
සම්බන්දන්ටයි විනගේශ්වන්ටයි පිගන් දෙකත් අරන් එන්න කියන්න ඇති වෙන්න බෙදල දෙන්න අපි මේ බලගන එන්නේ එනකල් හඬත් අතේ තියාගන (නදී)
ඔන්න බලලා අායෙත් පනිනවා එලියට. දැන් ඕකට තමයි මෙයාල මහින්දට විරුද්ධ සහ රනිල්ට පක්ෂ. දන්නවා කාගෙන්ද මේක කරගන්න බැරි සහ පුළුවන් කියල. (බ)
නුඹේ අපේක්ෂාව ඉටුකරගන්න හොදම ක්‍රමය අනුන්ගේ රටක් කෑලි කඩලා විනාශකරන්න නැතුව තමන්ගේ මවු රටට ගිහිල්ලා තමිල්නාඩුවෙන් කෑල්ලක් කඩාගෙන රජෙක් වෙයන් අපිට පවු නොදී උඹලා වසර 30 ලංකාව මරාගෙන කෑවා සිංහල මිනිස්සු උඹලා නිසා දුක් විදිනවා තවත් මේ රට විනාශ නොකර හිටපන් (බ)
තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගත හැකිවන්නේ, කුමන ප්‍රධාන පක්ෂයට එකතු උනොත්දැයි සිතා බලා, ඒ පැත්තට හේත්තු වෙන්න. (බ)
ඔය ගොල්ලෝ තමයි මේ ප්‍රශ්ණය ඇති කරන්නේ (නදී)
මේ අය දන්නවා මොකුත් ලැබෙන්නේ නැති බව. දෙමල මිනිස්සු රවට්ටලා ඡන්දේ ගන්න ඕවා කියන්නේ (නදී)
ජනවාරි 8 කුම්බලා මාළු කෑවානම් දැන් විදවගන්නත් ලැස්ති වෙන්න ඕන.(නදී)
දීපු පොරොන්දු ක්‍රමානුකුලව ඉෂ්ට කර ගෙන යනවා.කිසිම සිංහල විරෝධයක් නැහැ.මේවා කලින් ඉල්ලපුවා මිසක් අලුත් දෙයක් නැහැ.(ම)
ජයන්ත, බණ්ඩාර, පියලාල් සහ ප්‍රකාශ කරන කතා අනුමත කරනවා. දෙමල සන්ධානය ඉල්ලන දෙවල්ලුයි යුඑන්පිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙන්න හදන දේවල්වල අතර වෙනසක් තියෙනවද? අපිට තියෙන්නේ මේ රට විතරයි. (ර)
අහිංසක දෙමල මිනිස්සු රවට්ටලා ඡන්දෙ ගන්න කියන බේගල් මෙයාට ඕන විදියට නටන්න අපි ලෑස්ති නැහැ ජාති වැඩ අදාල ගන්නෙත් මුන් වගේ අය තමයි (බ)
මේ රටේ ජනවාරි 8 සිදු වුණේ රටට ආදරයක් නැති,නිවට නියාලු ද්‍රෝහී නඩයක් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිපලයයි.බුද්ධිමත් ජනතාව දැන්වත් මෙය තේරුම් ගත යුතු ය.මේ පොදු අපේක්ෂකයා වටා එකතු වූ ද්‍රෝහී නඩය දැන්වත් ප්‍රතික්ෂේප කළ යුතුය.බලය නොව ඊනියා පළාත් සභා ක්‍රමයද නැති කළ යුතුය. (බ)