බ්ලූමැන්ඩල්හි සිදුවූ වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.

සමීර රසාංග පතිරණ නොහොත් සුදූ නමැති සැකකරු අංක 54/50 ශ්‍රී ධර්මාරාම පාර, දෙමටගොඩ හා අංක 346/1, හිඹුටාන පාර, අංගොඩ යන ලිපියන්හි පදිංචිව සිටි බව පොලිසිය කියයි.

සැකකරු තොරතුරු වෙතොත් 071 8591753, 0718591770, 0773291500 යන අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.