
(යොහාන් භාසුර)
කොළඹ, බ්ලූමැන්ඩල් කුණු කන්ද කොම්පෝස්ට් පොහොර බවට පරිවර්ථනය කිරීමේ මූලික පියවර ගනිමින් සිටින්නේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා පැවසීය.
බ්ලූමැන්ඩල් කුණු කන්දේ පස් සාම්පල් අරගෙන විශේෂඥ දැනුමත් එකතු කරගෙන ජනතාවට ප්‍රයෝජනවත් වන කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියකට හරවන්න බලාපොරොත්තු වන බවත් මෙහි වසර ගණනාවක් තිස්සේ දියාපත්වෙමින් තියෙන සහ නොදිරණ ද්‍රව්‍ය ඇති බවත් දොළවත්ත මහතා පවැසීය.
මන්ත්‍රීවරයා පැවසුවේ එහි සංඝටක පිළිබඳව අවදානය යොමු කර ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයත් සමඟ කුණු කන්ද කොම්පෝස්ට් ලෙස භාවිතා කිරීමේ මූලික පියවර ගැනීම සඳහා නිරීක්‍ෂණය කළ බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා අද (23) බ්ලූමැන්ඩල් කුණු කන්ද පරීක්‍ෂා කිරීමෙන් පසුව එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයක් ඇතිව කෑම බීම එළියට දැම්මා නම් බ්ලුමැන්ඩල් කුණු කන්දක් ලංකාවේ නැහැ. හිටපු හැම පාලකයාම ඡන්දෙ නොලැබේ යැයි කියන බයෙන්, මිනිස්සු ඉල්ලන ඕනෑම දෙයක් දුන්නා... සිංගප්පූරුව, ජපානය, වගේ නීති හදන්න මහා ඉහළින් සාක්ෂරතාවක් තියෙන අපිට තවම බැරි වුණා. එක දේශපාලකයෙක් නිවැරදි තීරණයක් ගනිද්දී, එ්කට බනින්න, සමාජයට බොරු කියන්න ඕනේතරම් කුහක දේශපාලකයින් ලංකාවේ ඉන්නවා. කොහොම හරි මේක කරන්න...
බැර ලෝහ සහිත නාගරික කසළ වගාබිම් වලට දමන්න. මේ කාලකන්නි ඔක්කොම අංගොඩ මානසික රෝහලට යවමු. කලුපාට හැම දෙයක්ම පෝර කියලා මෙයා හිතනවා ඇති.
වෙන් නොකල කසල වලින් කොම්පෝස්ට් හදන්න එපා... ඔය වගේ තියෙන ප්ලාස්ටික් අංශු මයික්‍රො ප්ලාස්ටික් විදියට ශාක අවශෝෂණය කරලා ඒවා මිනිස්සුන්ගේ ශරීරගත වුණාම පිළිකා හැදෙනවා. බැර ලෝහවලින් අනන්ත ලෙඩ හැදෙනවා. ඔය වගේ වැඩ කරද්දි ඒ අංශයේ විශේෂඥයින්ගෙන් අහලා ඉන්න. නාගරික කසල වලින් කොම්පෝස්ට් හදනවට වඩා රසායනික පෝර හොඳයි.
කොම්පෝස්ට් කියන්නේ නාගරික කසල නෙවෙයි, ඕවා වගාවට දාලා ගොවියාට මොකක් වේවිද හිතාගන්න බෑ..
ඔන්න දොළවත්ත මහත්තයෝ කරනවා නම් වැඩේ. මේ කුණු තමිල්නාඩුවෙන් ගේන්න හදපු කොරෝනා මිනී වෛරස් තියෙන ඒවා නෙමෙයි. චීනාගේ අසූචි අඩංගු දහජරාව මිශ්‍ර කොම්පෝස්ට් නෙමෙයි. මේ වැඩේ කළොත් නම්, පොහොර ප්‍රශ්නයත් විසඳෙනවා. කුණු කන්දේ ප්‍රශ්නයත් විසඳී මුදල්ද ලැබෙනවා. කොම්පෝස්ට් පොහොර යෙදීම සම්බන්ධයෙන් අපේ අමනාපයක් නැහැ. ඒත් චීනයේ, ඉන්දියාවේ අසූචි හා වෛරස් ගෙන්වා ගන්නට දඟලන එකටයි අප අකමැති...
ගලි බවුසර් යවලා ලංකාව පුරා තියෙන වැසිකිළි වළවල් ඉහගෙන ආවානම් මේවට කවලම් කරලා ගන්න පුළුවන්..
රසායනික පොහොර තහනම් කරන්න කලින් කාබනික පොහොර නිෂ්පාදන ආරම්භ කළ යුතුව තිබුණා. මේ කොරෝනා වසංගතය පාලනය වෙනතුරු ඉවසන්න තිබුණා. ගොවියන්ගේ වගා පාලු වෙලා. සාගතයක් අත ළඟ...
මිශ්‍ර වුණු කසල වලින් කොම්පෝස්ට් හැදුවොත්, ඒ වල ඔක්කොටම වඩා විස තියෙන්න පුළුවන්... කසල එකතු කරන තැනම කොම්පෝස්ට් වලට සුදුසු ඒවා වෙන්කර ගන්න ඕනේ.
ඔහෙලා ඔක්කොම එකතු වෙලා ඔය කුණු කන්ද කාලා දැම්මා නම් හොඳයි නේද?