ඒකාබද්ධ විපක්‍ෂයෙ ඉඳන් සද්ද කරන දකුණෙන් ආපු එක්තරා චරිතයක් දේශපාලන ඩබල් ගේමක් ගහනවය කියලා මැදමුලන පැත්තට ආරංචිවෙලා කියලා කියනව...
ලැබුණ අලුත්ම ආරංචියෙ හැටියට උන්නැහේ ඒකාබද්ධ කස්ටිය සංවිධානය කරන මැයි දිනේට වුණත් සෙනඟ ගේන්න ඕන නැහැ කියන අදහසට තිරය පිටුපස ඉඳන් ප්‍රචාරයක් දෙනවය කියලා පැමිණිලි හතරක් පහක්ම පසුගිය දවසේ මැදමුලන පැත්තට ලැබිලලු.. උන්නැහේ ඒකාබද්ධ විපක්‍ෂයෙ ලොක්කෙක් ලෙස පෙනී සිටින නිසා රුස්වීම් කැඳවීමේදි උන්නැහේගෙ අවසරය ඇතුව මිස රුස්වීම් බැහැ කියලත් කියලලු..
ඒ වගේම උන්නැහේ ආණ්ඩුවෙ විවේචනය කළ යුතු දේවල් ගැන පවා විවේචනය නොකිරීමත් ප්‍රශ්නයක් කියලා කියැවිලා තිබෙනවා... ඉතින් මේ දවස්වල මෙයාලගෙ දේශපාලන අවංකභාවය ගැන සෝදිසියක් පටන් අරන්ලු. මේ අරෝවට හේතුව තමන් දේශපාලනේට එන්නේ නැහැ කියලා කියපු කෙනෙක් එකපාරටම ඒකාබද්ධ විපක්‍ෂයට ඇවිත් සංවිධාන වැඩ පටන් ගැනීමලු. මේ අලුතෙන් වැඩ පටන් ගන්න සංවිධායක තැනත් විපක්‍ෂයෙ ජනප්‍රිය චරිතයක් නොවන නිසා ප්‍රශ්නය ටිකක් වැවෙන්න පුළුවන් කියලා ආරංචියි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපොරයක්