(ඉන්දිකා රාමනායක)
මහබැංකු නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව පිටකොටුවේ සංචාරක ඒජන්සියක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයකු සතුව තිබු රුපියල් ලක්ෂ 20 ට අධික මුදලක් අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පිටකොටුව ප්‍රදේශයේ උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම්කරන පුද්ගලයයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාස සහ මහබැංකුව නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මුදල් නිලධාරීන් බාරයට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොහු සතුව ඇමැරිකානු ඩොලර් 2400 ක්, ඔස්ට්්‍රලියානු ඩොලර් 900 ක්, ස්ටර්ලින් පවුම් 1000, ජපන් යෙන් 40,000 ක්, යුරෝ 200 ක් වශයෙන් මෙම මුදල් තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මහබැංකු විමර්ශන නිලධාරීන් අදාල පුද්ගලාය එරෙහිව විමර්ශන සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd