බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 10 දෙනෙක් අද කළු ඇඳගෙන ආහ.
සභාපති දයාරත්න ද සිල්වා මහතා සුදු ඇඳුමෙන් සැරසී මුලසුනේ සිටියේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් කළු ඇඳගෙන ආවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අල්ලස් හෝ දුෂණ කොමිසමට කැඳවිමට විරෝධය පළ කිරිමටය.
එජාප මන්ත්‍රි උෂාන්ත මෙන්ඩිස් මහතා කළු ඇඳ පැමිණියේ මහින්ද රාජපක්ෂ රජයේ දුෂිතයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 10 දෙනා අනතුරුව ගාලු පාරේ වාඩි විය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ද ඔවුනට ඉදිරියෙන් වාඩි විය.
ඡායාරූප - හේමන්ත ද සිල්වා
ඡායාරූප - දීපාල් ද සිල්වා
වීඩියෝ - දීපාල් ද සිල්වා










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපිටියේ කොහොමත් කලබල කාරයොනෙ ඉන්නේ. (ස)