පොදු විපක්ෂයේ කිරුළපන මැයි රැලියට ගෙන්වා ගැනීම සඳහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීන් පිරිසකට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් දුන්නැයි කියන කථාව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් විජේරත්න, හිටපු උප සභාපති සමන් ද සිල්වා ඇතුළු හිටපු මන්ත්‍රීවරු අට දෙනෙක් පැවසූහ.
මේ අභියෝගය ඔවුන් බාරදුන්නේ තමන්ට එසේ මුදල් දුන් බවට සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් චෝදනා කිරීම සම්බන්ධයෙන් පිළිතුරු දීමට පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
තම අභියෝගය බාරගෙන එසේ ඔප්පු නොකළහොත් සජින් වාස් මන්ත්‍රීවරයා ද දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අහුනොවන්න තමා අරන් තියෙන්නේ (බ)
කිසි කෙනෙක් කිසි දෙකින් ඉවත් වෙන්න ඕනේ නෑ මැයි 1 වෙනිදා ගාල්ලට නව හැමෝටම පහසුවෙන්ම ගෙදර යන්න පුළුවන් අබියෝග කර කර නටන්න දෙයක් නැ (බ)
පහුගිය රජය ජනතා අප්‍රසාදයට පත්වුණේ එක්තරා ඇමති කොට්ඨාසයක් කළ වැඩ නිසාත්, හිටපු ජනපති ඒවාට පියවරක් නොගත් නිසාත්. දැන් පේනවා නේද ඒ පිරිසම පැත්ත මාරු කරලා කරන කියන දේවල්. දැන් කෝ ඒ අයට එෆ්සීඅයිඩී? මේවා හොඳ පාඩම් හිටපු ජනපතිට වගේම දැන් ඉන්න, ඉස්සරහට එන්න ඉන්න අයටත්. හොරුන් බොරුකාරයින් රැකීමෙන් විනාශ වෙන්නේ ඒ හොරුන් බොරුකාරයින් රකින නයකයින්මයි. හැබැයි අලුත් කෙනත් මේ පාඩම ඉගෙන ගෙන නෑ තාම, එයත් කරන්නේ කලින් කෙනා කළදේමයි. (බ)
දැන් මහින්ද මහත්තයට හොදයි. (ර)
දැන් මහින්ද මහත්තයට හොදයි.(හේ)