(එම්.සුසිල් පියන්ත )

විදුලි බිල වැඩි කිරීමට විරෝධය පා පන්දම් උද්ඝෝෂණයක් බලපිටිය බස් පොළ ඉදිරිපිටදී පැවැත්විණ.

සමගි ජන බල වේගය පක්ෂයේ බලපිටිය ආසන සංවිධායක නීතීඥ කමල් ජයන්ත මහතා ඇතුලු පිරිසක් මේ උද්ඝෝෂණය අද (13) රාත්‍රියේදී සංවිධානය කොට තිබිණ.

ඉදිරියේදී මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම විදුලි බිල වැඩි කරන බවත් එයට විරෝධය පා මේ උද්ඝෝෂණය සංවිධානය කළ බව උද්ඝෝෂකයෝ කීහ.

මේ අවස්ථාවට බලපිටිය පාදේශීය සභාව නියෝජනය කරන සමගි ජන බල වේගය පක්ෂයේ මන්තීවරුන් මෙන්ම එම පක්ෂයේ බලපිටිය ජනතාව ඇතුලු පිරිසක් සහභාගිවී සිටියහ.