බලපිටිය වඳදූව ශ්‍රී පවරින්දාරාම දහම් පාසලේ දරුවෝ පිරිසක් පරිගණක තෑගි ලදහ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ හර්ලි සේනානායක මහතා රුපියල් විසි ලක්ෂයක් පමණ වටිනා පරිගණක දහම් පාසලට පිරිනැමීය.
අභාවප්‍රාප්ත සිය මෑණියන් සිහිවීම පිණිස ඔහු මේ වසරේ එම පාසල තෝරාගෙන ඇත. හැම වසරකම ඔහු ලංකාවේ දුෂ්කර පළාත්හි අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාග කරයි.
සේනානායක මහතා ගිය වසරේ තෙල්දෙණිය නාලන්දාරාමයට සිය පරිත්‍යාග පිරිනැමීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අගය කලයුතු වැඩකටයුක්තක් සියලු ශක්තිය ලැබේවා.! ඉදිරියටත් මෙවැනි වැඩකටයුතු කරන්න. නැති බැරි දරුවන් වෙනුවෙන් මෙවැනි පුන්න්‍ය කර්ම කිරීම වර්තමාන සමාජයට ලොකු ආදර්ශයක්! (ර)
මේවා පින් වැඩ (දිල්)