( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - බලන්ගොඩ නගර සභාව හොදම නගර සභාව ලෙසින් නැවතත් රන් සම්මාන දිනා ගනී. 2012 සබරගමුව පළාතේ පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරගයේදී වැඩිම සම්මාන හා සහික පත් ලබා ගත් පළාත් පාලන ආයතනය ලෙසින් බලන්ගොඩ නගර සභාව පෙරමුණ ගෙන තිබේ.
පළාතේ හොදම නගර සභාවට හිමිවන රන් සම්මානය, පළාතේ හොදම මහජන පුස්තකාලය, හොදම මහජන සති පොළට හිමිවන සම්මානය, හොදම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට හිමි සම්මානය ඇතුඵ විශාල සම්මාන හා සහතික පත‍්‍ර ප‍්‍රමාණයටකට බලන්ගොඩ නගර සභාව හිමිකම් කියයි.
සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සබරගමුව පළාත් සභා සම්මන්ත‍්‍රණ සභාවේ පැවැති රන් අස්වනු 2012 සම්මාන උළෙලේදී බලන්ගොඩ නගර සභාවට එම සම්මානය පිරිනැමිණ . තවද මෙයට අමතරව පළාතේ හොදම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා දෙවැනි ස්ථානයද, පළාතේ හොදම පෙර පාසැල දෙවන ස්ථානයද දිනා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නදී)
බලංගොඩට මොනරවිල කැප්පෙටිපොල දිසාවගේ ඍජු සම්බන්ධයක් තිබුනා. මේ වගේ වීරයෙකුගේ පහස ලැබූ පෙදෙසක වසන මිනිස්සුත් වාසනාවන්තයෝ.(දී)
සුභ පැතුම්! (නදී)
අනෙක් නගර සභා වලට හොඳ ආදර්ශයක් (දිල්)