කුරුවිට පැරඩයිස් ඉසුරු සෙවණ ළමා නිවාසයේ අවුරුදු දෙකහමාරක් වයසැති ගැහැණු දරුවකු ජලය පිරවූ ප්ලාස්ටික් බාල්දියකට වැටී මියයාම සම්බන්දයෙන් එහි සේවිකාවක වන ජයන්තා පියසිලි ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කළේය.
අඩි දෙකක් පමණ උසැති ප්ලාස්ටික් බාල්දියේ එම ගැහැණු දරුවා වැටෙන ආකාරය ළමා නිවාසයේ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගතව ඇති බව කුරුවිට පොලිසිය විසින් අධිකරණයට දන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දෙවියනේ! මේවා දැකලා ජීවත්වෙලා ඉන්න අපිට උහුලාගන්න බැහැ. අසරණ දරු පැටවු මොනතරම් සැළකිල්ලකින් ආදරයකින් රැකගන්න ඕනෑද? ඇයි මිනිසුනේ අසරණයින් ගැන තැකීමක් නැත්තේ? නැවත මේ පාපතරයින් අතර ඔබ නොඉපදේවා..! ඔබට නිවන් සුව ලැබේවා ..! (නි)