
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල හොරණ මාර්ගයේ දෙහිගහවෙලදි ටිපර් රථයක් හා කුඩා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් කුඩා ලොරි රථයේ ගමන් ගත් රියදුරු සහ සහයක ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
අනතුරින් තුවාල ලැබී කුඩා ලොරි රථයේ රියදුරු හා ලොරි සහයක බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ බුලත්සිංහල අන්තෝනි නන්දසේන, (52) යන වල්පිටගේ රුවන්, (26) යන දෙදෙනා බව පොලිසිය පවසයි,
මියගිය අයගේ මෘත ශරීර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd