එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, නන්දිමිත්‍ර ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂ ආරංචි කියයි.
මේ සියලු දෙනාම පසුගිය 17 වැනිදා මැතිවරණයේදී පරාජයට පත්වූවෝ වෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයක් පිරිසක් පක්ෂයේ සභාපතිද වන මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් තැන දිය යුතු බවයි.
ශ්‍රීලනිපයේ තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි 6ක් පිරවීමට ඉතිරිව ඇත.
පරාජිත අපේක්ෂකයන්ද ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර කියා තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පැරදුන මිනිස්සු ලිස්ට් එකෙන් දානවනම් මොන එහෙකටද ඡන්දයක් තිබ්බේ? නිකන්ම ඕන අය දාගන්න තිබුණනේ පක්ෂේ නායකයට.. අනේ මෙහෙමත් විකාර. (බ)
ජනාධිපතිතුමනි,ජනතාවගේ කැමැත්තට හිස නමලා පරාදවුණ කිසිකෙනෙකුට ආයේ ලිස්ට් එකෙන් නම් දෙන්න එපා.ඔබතුමා පිළිබඳ මිනිසුන්ට තිබෙන විශ්වාසය නැතිකරගන්න එපා. (නි)
ඕකනේ කියන්නේ ලෝකෙන් උතුම් රට ලංකාව කියල. (බ)
ඕක මහින්ද කළා නම් තමයි බලාගන්න තිබ්බ කට්ටිය කියන කතා දැන් යහපලනයනී (බ)
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න හරකුන්ට තේරෙන්නේ නැද්ද මොවුන් මහජනයාට එපා වෙලා බව? (ම)
තුක් නෙදකින් මෙම්හෙමත් රටක් පරද්දලවත් මුන්ව ගෙදර යවන්න බැරි හැටි...කෝ යහපාලනය......මොකටද නිදහස් තීරණ ගන්න පුළුවන් කම තියන කියල කියන්නේ....මේක ජනතාවට ......ද්‍රෝහී වීමක්....නොවෙයිද.....(බ)
මොකටද එහෙනම් ඡන්දයක් තිබ්බේ? (නි)
ජාතික ලැයිස්තුවෙන් යැවිය යුතු වන්නේ උගත් බුද්ධිමත් මිනිස්සු (ම)
මේ වගේ අයට අකමැති නිසා තමා පැරදුනේ. ඉතින් ආයෙත් ජාතික ලැයිස්තුවෙන් ගන්නවා නම් ඡන්දයක් තියන්නේ මොකටද? හැමෝම කතාකරන්නේ නම් ජනතා කැමැත්ත ගැන (නි)
මට නම් මේවා අහන්නත් අප්‍රසන්නයි (නි)
ජනතා මනාපය විහිළුවක්ද? (නි)
මෙය කොහෙත්ම අනුමත කළනොහැකියි. මේ අය යවන්න ඕනෑ නම් මිනිස්සු ඡන්දෙ දෙනවා. (නි)
ඡන්දය අප සතු පරම අයිතියක් බව සිතා සිටියෙමි. එනිසා යහපත් සමාජයක් උදාකිරීමට සිතා එම ඡන්දය භාවිත කලෙමි.එසේ නොකිරීම අපරාධයක් බව අසා ඇත්තෙමි.නමුත් එසේ කලානන් හොදයයි දැන් සිතේ.රටේ අධ්‍යාපනය විනාශ කළ එස්.බී වැන්නවුන් ජනතාව ප්‍රතික්ෂේප කරද්දී නැවත කැදවා ගන්නේනම් මම පෞද්ගලිකව ලජ්ජා වෙමි.රටේ ඡන්ද දායකයන් වන අපව සහ අපගේ වටිනා ඡන්දය අවලංගු කාසි වී හමාරය. ඔබට ජය ශ්‍රී ජනපති තුමනි. සිතේ ඇතිවූ බලවත් කණගාටුව නිසා ලිව්වෙමි. නැවත මෙවන් පරිසරයක මාගේ ඡන්දය භාවිත කිරීමට අදහස් නොකරමි. ස්තුතියි. (ම)
මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවකට පත්කරන්න. මහජනතාව මෝඩයෝ කියලා හිතුවද දන්නේ නැහැ (නි)
එස්.බි වැනි බුද්ධිමත් සහ දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය. මිනිසුන් තේරූ සමහර පුස්සන්ට මෙවැනි පුද්ගලයන් වහ බව අපි දනිමු (නි)
එතකොට අපිට බලාගන්න පුලුවන් කාගෙ කාගෙත් ඇත්ත මුහුණු (නි)
ජනාධිපතිතුමනි, ජනතා පරමාධිපත්‍යයෙන් පරාජය ලැබුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා. ජනතාව දුන්න තීන්දුවට හිස නමන්න. ජාතික ලැයිස්තුවෙන් රට ජනතාව පිළිගත් උගත් බුද්ධිමතුන්ට අවස්ථාව දෙන්න. ඒක යහපාලනයට හොඳ පිළිගැනීමක්. (නි)
රනිල් මහතා නිවැරදි තීරණයක් ගත්තා. ඔහු ජනමතයට ගරු කළා. නමුත් එහි රෝසි සේනානායක මහත්මිය වැදගත්, වැඩක් කළ හැකි චරිතයක්. නමුත් යහපාලනය පිළිබඳ බලාපොරොත්තු බිඳින්නට ඔවුන් ඉඩ තිබ්බේ නැහැ. මෙහි එස් බී ඇමතිතුමා නම් පාර්ලිමේන්තු යවන්න සුදුසුම නැති කෙනෙක්. නමුත් මගේ මතය නම් මේ කිසිවෙකුට නැවත අවස්ථාව නොදියයුතු බවයි. (නි)
පැරදුනු අය පාර්ලිමේන්තුවට ලිස්ට් එකෙන් යැවීම ජනතා මතයට ගරු කිරීමක්ද? (නි)
අවස්ථාවක් ලබාදීම හොඳයි (නි)
මම නම් හිතන්නේ නැහැ එස්.බී. වගේ අයව සම්බන්ධ කරගන්න එක යහපාලනයට හොඳයි කියලා. තවද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට කරන අගෞරවයක් මේක. (නි)
නියම යහපාලනය! (නි)
යහපාලනය කියන්නේ ජනතාව එපා කියපු දේශපාලකයන් යළිත් පාර්ලිමේන්තුවට ගෙන ඒම නොවේ.යහපාලනය පිළිබඳ අදහස මෙය නම් එය රටට යහපතක් උදා නොකරයි.ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආදර්ශය බලන්න. කිව්වා. කිව්ව විදියටම කළා. අන්න එහෙමයි නියම මහත්වරු වැඩකරන විදිය (නි)
කියන්න කණගාටුයි... ඔය මුහුණු එකක්වත් අපි ජීවිත කාලය පුරා අමතක කරන්නේ නැහැ මහත්වරුනේ.. (නි)
ජනතාවට අපි කිවුවා ජවිපෙට ඡන්දෙ දෙන්න කියලා... (නි)
එස්.බී. නැවත ගැනීම යහපාලනය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ නුවර ජනතාවටත් සමස්ත ශ්‍රී ලාංකීය යහපාලනයක් උදෙසා ඡන්දය භාවිතා කළ ජාතික හැඟීමක් ඇත්තවුන් හටත් කරනු ලබන මහා පාවාදීමකි.ජනපතිඳුනි, පක්ෂයේ හා ඔබතුමන්ගේ මතය පවත්වාගැනීම උදෙසා පක්ෂයේ එස් බී රඳවා ගන්න. එහෙත් පාර්ලිමේන්තුව තුළට එසේ කරන්නේ නම් එය සමස්ත ජාතියටම කරනු ලබන ගෞරවයකි. ජනපතිඳුනි, ඔබට දීර්ඝායු වේවා...!!!! (නි)
එහෙනම් මහින්දවත් නැවත පත්කරන්න පුළුවන්නේ (නි)
ජනතාව එපා කිව්වා නම් මොකද ලිස්ට් එකෙන් යවන්නේ? සමරසිංහ මහත්තයා නම් කමක් නැහැ කියමු. ඔය අනෙක් කට්ටිය ගෙවල් වලට යැව්වහම මොකෝ. (නි)
ගරු අගමැතිතුමනි, පසුගියදින අවසන්වූ මහා මැතිවරණයෙන් පසුව දැන් උදාවී තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කිරීමයි. ඉහත අයවලුන් සමඟ ගත් කල අප රුක්මන් සේනානායක මහතා වැනි වැදගත් නිහතමානී අල්ලසින් දුෂණයෙන් වංචාවෙන් තොරවූ ජනතා හිතවාදී මානව හිතවාදී මිනිසුන් පිවිතුරු පාර්ලිමේන්තුව සදහා යැවිය යුතුමය. මැතිවරණයට දින කිහිපයක් තිබියදී ඔහු කෑගල්ල දිස්ත්‍රික්කය සදහා පත්කරන ලද නමුත් වර්තමානයේ මෙන් ඔහු කිසිදින මනාප පසුපස හඹාගෙන ගිය අයකු නොවුණි. මෙම මැතිවරණයේදී අඩුම වශයෙන් ඔහුගේ මනාප අංකයවත් කිසිදු රැස්වීමක ඔහු සඳහන් නොකරන ලදී. ඔහු වැනි ගෞරවනීය දේශපාලනයක නිරතුරු යෙදෙන අයවලුන් සිටිය යුත්තේ කොතැනකද? දේශපාලනයට නොගැළපෙන අයවලුන් අතරේ ඔහු වැනි උගත් මිනිසුන් හට නිසි තැන ලබාදීම ඔබ සතු යුතුකමකි. ඔබගේ කාරුණික අවධානය යොමු කරනු මැනවි. (නි)
මේකද යහපාලානය? මහින්ද සමරසිංහ නම් තව කමක් නැහැ (නි)
එස්.බී. වැන්නෙක් නැවත පාර්ලිමේන්තු ගෙන ඒම තරුණ කොටස් වල අප්‍රසාද්‍යට හේතුවනු ඇත.සමාජ ජාලා වෙබ් අඩවි බැලුවොත් තේරෙයි. (නි)
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අය ගෙදර යැවිය යුතුයි ... (නි)
ඡන්දදායකයන් එපා කියලා එළවපු අය ඇයි නැවත පත්කරන්නේ? එතකොට මෙයාලව එළවන්න විදියක් ඇත්තෙම නැද්ද? (නි)
මගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙලා. පුරවැසියෙක් හැටියට මට සල්ලි නැහැ නඩු කියන්න. මම නීතිඥයෙකුත් නෙවෙයි මේ තීරණ වලට විරුද්ධව නඩුවක් දාන්න. මීටවඩා හොඳ මිනිස්සු නැද්ද රටේ? (නි)
මෙවන් රටකට බුද්ධිමත් ඡන්දදායකයන්ගෙන් පලක් නැති බව පෙනේ. හැබැයි පැරදුනු මහින්ද ගෙදර ගිහින් නැවත දේශපාලනයට එන එක මහා බල තණ්හාවක් ලෙස සළකා නොයෙක් අවලාද එකවරක් දෙවරක් නොව ජනවාරි 8 වෙනිදා සිට අද දක්වාම කරගෙන ගිය සියලුම දෙනා දැන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුනු අය කෙරෙහි දක්වන වෙනස් ආකාරය බල තණ්හාව නොවේද කියා කියන්න. ඉහත විස්තරය එක වැකියකින් කියන්නේ නම් කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කරගන්න න්‍යාය නොවේද මේ යහපාලකයන් ක්‍රියාත්මක කරන්නේ කියා නොතේරෙන්නේ කාහටද? (නි)
ගීතාටත් පැරදුන පියසේන ගමගේලා මොන හේතුවකට ලිස්ට් එකෙන් පත්කර ගන්නවද? (නි)
මධ්‍යස්ථ තරුණයෙක් හැටියට මට පෙනෙන විදියට මනාප ක්‍රමයේ ඇති අඩුපාඩු මේවායි. හඳුන්නෙත්ති සහෝදරයාට හා රෝසිටද මෙම ක්‍රමය නිසා අසාධාරණයක් වී ඇත.මෙම පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටියයුතු අයයි. ගාල්ලෙන් පාර්ලිමේන්තු යවපු අය හා සසඳා බැලූවිට අපිට එහෙම සිතෙන එක සාධාරණය (නි)
මෙහෙමත් රටක්! පැරදිලාවත් ගෙදර යවන්න බැරි හැටි? කෝ යහපාලනය.....? මොකටද නිදහස් තීරණ ගන්න පුළුවන්කම තියනවා කියලා කියන්නේ? මේක ජනතාවට ද්‍රෝහීවීමක් නොවෙයිද....? (නි)
මහජන මුදල් නිකරුනේ වියදම් කලේ ඇයි? මෙහෙම පරාජිත අයව පත් කරනවා නම් ජන්දයක් තියන්න ඕනෙද? (ම)
ඡන්දෙ නොතියාම ඔයාලට කැමති අය දාගත්තා නම් ඉවරනේ! (නි)
පරාජය වුණ අය නැවත පාර්ලිමේන්තු යවන්න නම් රුපියල් කෝටි ගානක් වියදම් කරලා ජන්දයක් තිබ්බේ මොකටද? (ම)
හෙට තව මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
මෙතන ඉන්න කිසිම කෙනෙක් ඕනේ නැහැ. (ම)
"පැරදුනත් දිනුම්" සංකල්පය විදහා දැක්වීමක්. (නි)
අපිට මොකටද? අපි ඡන්දෙ දුන්නේ මේ පැරදුන අය ආයේ පාර්ලිමේන්තුවට යවන්නද? (නි)
එදා වගේ නොවෙයි අද මිනිස්සු බුද්ධිමත්. හැබැයි තව වසර 5කින් එ් බුද්ධිය මුහුකුරායන පිරිසක් ලංකාවේ වැඩිවෙන බව විශ්වාසයි. (නි)
මීළග පාර්ලිමේන්තුවේ පළමුවන පනත වියයුත්තේ පරාජිත පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කිරීමට ඇති හැකියාව නතර කිරීමයි. එසේ නොවන්නේ නම් තමන් කැමති පුද්ගලයෙක් තෝරාගැනීමට හෝ ඉවත් කිරීමට ඡන්දදායකයට ඇති පරම අයිතිය උල්ලංගනය වන්නේය. (නි)
හරිම කණගාටුයි මේ ගත් තීරණය ගැන.පැරදුනේ ජනතාවගේ තීරණය නිසා. (නි)
මේකටද යහපාලන ආණ්ඩුවක් ඇතිකළේ? මොනවද මේ කරන පිස්සු වැඩ? ජනතාව එපා කියපු අය ඇයි නැවත ගන්නේ... (නි)
සදාචාරයට පටහැනි ක්‍රියාවක්. ඕනෑ ඕනෑ අය පාර්ලිමේන්තුවට යවන්න නෙමෙයි ලැයිස්තුව තිබෙන්නේ (නි)
මට නම් ඡන්දය දුන් එක ගැන දැන් දුකයි (නි)
මමත් මහින්දගේ පැත්තේ. නමුත් ජනතාව එපා කියනවා නම් ඇයි මේ අය ඇතුළට ගන්නේ? (නි)
හොද අනාගතයක් (ම)
මෙහෙම ජාතික ලැයිස්තුවක් යහපාලනයෙන් අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තටම කණගාටුයි.අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා....... හිතන්න තවම පුළුවන්.........(ම)
සෑම ඡන්දයකට පසුවම ඡන්දදායකයාව අවමානයට ලක්කළා. මෙවරත් වෙනසක් නැත. (නි)
එස්.බී දිසානායක වැන්නවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සඳහා ජනවාරි 8 වැනිදා යහපාලනයක් උදෙසා ඡන්දය භාවිතා කළ අපි යහපාලනය අනුමත කළේ බදුල්ල රනිල් වික්‍රමසිංහයන්ට ලියා දෙමිනි...එහෙත්...සිදුවන්නේ අනෙකක් නම්...ජනාධිපතිතුමනි ,අගමැතුමනි අප තොපිලාට දුන්නු ඡන්දයෙන් ඵලක් නැත.. අනික් අයවලුන් කම් නැත...එස්.බි වැන්නෙකු යලිත් පාර්ලිමේන්තුවට යනවාට බහුතර ජනතාව අකමැතිය..ජාතික ලැයිස්තුව කෙසේ හෝ පිරවීමට අවශ්‍ය නම්..සමන්ත විද්‍යාරත්නයන්ට ඔබෙන් අවස්ථාවක් දෙන්න ජනාධිපතුමනි...වැරදි තීරණ ඔබගේ ජන අප්‍රසාදට හේතුවනු ඇත....(බ)
මොවුන්ව නැවත ගන්න එපා (නි)
හොඳ වැඩේ ඡන්දෙ දීපු අයට.තාම තේරෙන්නේ නැහැ ඔවුන්ට ඇත්ත (නි)
මේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන අය නේ (මහින්ද සමරසිංහ හැර ) යවන්න යවන්න ..(අ)
ජනතා පරමාධිපත්‍යයට ගරුකරන්න. නැත්නම් වෙනසක් නැත. (නි)
මීට වඩා වැදගත් බුද්ධිමත් මිනිස්සු ඇත්තෙම නැද්ද? (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ ජනමතයත් එක්ක කරන මේ සෙල්ලමට වැඩි ආයුෂ නම් නැහැ මහත්තයෝ... (නි)
මොකටද එහෙනම් මේ මනාපයක් ලකුණු කිරීමේ තේරුම? (නි)
පරාජිතයන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනොකර විද්වතුන් පත්කර ගන්න. සරත් එන්. සිල්වා මහතාත් සුදුසුයි (නි)
අපේ කතිරය කුමටද එහෙනම්? (නි)
මේ අය අහම්බෙන් පැරදුනා නෙමෙයි, හිතාමතාම ජනතාව පරද්දපු අය. ආයෙත් ගන්නවා කියන්නේ ජනතා මතයට පයින් ගැහුවා කියන එකයි. යහපාලනය වැඩ පටන්ගන්නේ මෙහෙම නම් අපිට දෙවියන්ගේම පිහිට තමයි. රනිල් වගේ එක ප්‍රතිපත්තියක් ඇතුව වැඩකරන්න. පැරදුනු අය ගන්න එපා.එපා...එපාමයි.... අනික මෙතන ඉන්න 99%ක්ම සතපහක වැඩක් නැහැ. ඒ පැත්තට මේ පැත්තට පැනලා තමන්ගේ බඩ වඩාගත්තා පමණයි. (නි)
ගන්නවා නම් ගන්න තියෙන්නේ සමරසිංහ මහත්තයා විතරයි. එයත් මහා ලොකුවට කළ දෙයක් නැහැ. ඒ නිසා ජනතාව ප්‍රතික්ෂේප කළා නම් ගෙදර ඉන්න කියන්න. මීට වඩා හොඳ තරුණ ජවයක් ඇති අයට ඉඩක් දෙන්න. (නි)
ජනතාව පැරැද්දුවේ එපා නිසා. ආයෙත් ගන්නවා කියන්නේ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්. ජනතාවට කොකා පෙන්විමක්. (නි)
අයියෝ අපේ කතිරය ඇයි මේ ජනතාව ප්‍රතික්ෂේප කරන උදවිය නැවතත් පාර්ලිමේන්තුවට ගේන්නේ හැමෝම එකම වැරැද්ද කරන්නේ බලන්ගියම ජනතාව පුන්නක්කු කන්නේ (අ)
සත පහක වැඩක් නැහැ. ජනතාවට එපා නම් ආයේ වද්දගන්න එපා. එහෙම කළොත් ජනතාව ඊළඟ පාර එපා කියන්නේ මේ අයව නෙමෙයි, මේ වගේ අයව ආයෙත් ගත් අයවයි. (නි)
මහින්ද සමරසිංහ ජාතික ලයිස්තුවෙන් පත්විය යුතුයි (අ)
සම්ප්‍රදායික විධියට හිතලා අද කාලේ වැඩ කරන්න බැහැ කියලා මම කියනවා බුලත් කොළයට. එහෙම වුණොත් ජනතාව පිළිකුල් කරනවා. මොකටද මේ ජනතාව ඡන්දෙන් පරද්දපු අය ගන්නේ. කලින්ම ජාතික ලැයිස්තුවෙන් එන්න තිබුනනේ. මහා ලොකුවට ඡන්දෙට ඇවිල්ලා පැරදුනා. ආයේ කොහොමහරි රිංගගන්න බලනවා. රටට කරන්නද? අනේ මීට වඩා රටට කළ හැකි වියත් හා ජවය ඇති අය රටේ ඕනෑතරම් ඉන්නවා. ආයේ නම් ගන්න එපා. ජනතාව ඇස් ඇරගෙන බලාඉන්නවා මේ තීරණය ගැන (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද? අනේ ජනපතිතුමනි, ඔබ මීටවඩා ශක්තිමත් තීරණ ගත යුතුයි (නි)
කවුරු හරි කියන්න බලන්න මේ අය පසු ගිය අවුරුදු 5 තුල රට වෙනුවෙන් කරපු හොඳ වැඩක්? (අ)
"මහින්ද සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් පත්විය යුතුයි" කියන මහත්මයාගෙන් මම අහන්නේ, ඒ ඇයි කියලා. සමරසිංහ මහතත්යා මුලින්ම ජාතික ලැයිස්තුවෙන් එන්න තිබුනනේ. පැරදුනාම ආයේ එන්න ලැජ්ජාවක් නැද්ද ඇත්තටම. යූඑන්පී එකේ නම් පැරදුන අය ආයෙ ගන්නේ නැති ප්‍රතිපත්තිය මුලින්ම කිව්වා. (නි)
අම්මපා ...! ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? මොනවා ඇඳගෙනද දන්නේ නැහැ පාර්ලිමේන්තු යන්න හිතා ඉන්නේ (නි)
එස්.බී එපා... එස්.බී එපා...එස්.බී එපා... (බ)
මහින්ද සමරසිංහ වැනි දේශපාලඥයන් අවශයයි (නදී)
ඔක්කොම වැඩක් නැති කට්ටිය. ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ආයිත් ගෙනාවොත් ජනතාවට කරන අපහාසයක් මේ ගොල්ලෝ එලවලාම දාන්න ඕන (බ)
මෙයයි ලොකුම විහිළුව. කතිරය ගසන්න යන්නේ ඇයි එහෙනම් ජනතාව? (නි)
සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේවත් මැදිහත් වෙලා මේකට විසඳුමක් දෙන්න ඇයි එස්බී වගේ මිනිස්සු නැවත ගන්න එපා කියන්න (බ)
මේ ක්‍රමය අසාධාරණයි කියලයි මගේ නම් හැගීම.ජනතාව මොනයම් හෝ කෙනෙක් ප්‍රතික්ෂේප කළා නම් ඒ පුද්ගලයා ජාතික ලැයිස්තුවෙන් ගොඩ දැමීම අනුමත කල හැකිද.අඩුම තරමේ පරාජිතයෝ ජාතික ලැයිස්තුවෙන් එනවා නම් මෙයාලට අවම මනාප ප්‍රතිසතයක් හදුන්වා දියයුතුයි එහෙම ජාතික ලැයිස්තුවෙන් එන්නනම්.(අ)
ඡන්දේ දීපූ අයට පස්ස පැත්ත කා ගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද ? (අ)
ඔසාමා පාර්ලිමේන්තුවට එව්වත් කමක් නෑ.....එස්.බී මහත්තයව එපා...(බ)
අපරාදේ ඡන්දයට ගිය වියදම! අපි අපටම ගහගන්නවා...... (නි)
මම කවදාවත් රනිල් මහතාට ඡන්දය දීලා නැහැ. නමුත් මේ වෙලාවේ එතුමා ඔය සන්ධානේ ඉන්න අයට වඩා දාහකින් හොඳයි. එතුමාට මගේ ආචාරය! (නි)
ඇයි කාන්තාවන්ට අඩු සැළකිළි? කාන්තා අයිතිවාසිකම් කෝ? (නි)
ජනාධිපතිතුමනි, එස්බීට තියෙන අකමැත්ත හොයලා බලන්නකෝ (ම)
ජගත් කියන කතාව සහතික ඇත්ත.....ඔසාමා හොඳා එස්.බි ට වඩා......(ම)
මේ අය මොන පක්ෂයේ වුණත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජ්‍යෙෂ්ඨයෝ. කුරුණෑගල මොකද වුණේ? මහින්දට මනාප දෙන්න කිව්වා. මනාප පොරේ නිසා එදා ඉඳලා දරදිය ඇදපු ශ්‍රී ලංකා එකේ අය ගෙදර ගියා. අද ඉඳලාවත් "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමන්ගේ පක්ෂය පිරිසිදු කරගන්න උත්සාහ කරන්න. ඊළඟ ජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට වියහැකියි. (නි)
විජිත් විජයමුණි සොයිසා මහත්මයා බිබිලට යම් කිසි සේවාවක් කරපු අයෙක් නමුත් කට සහ වටේ ඉන්න අය නිසයි පැරදුනේ (නදී)
හරිම ලස්සන වැඩේ වුණේ. වහසි බස් දොඩවපු කෙනෙක් ජනතාව ප්‍රතික්ෂේප කළත් එයාව නොගෙන ඉන්න අමාරුයි වගේ.අනේ මගේ රටට ගිය කලක්! (නි)
ගන්න එපා. අලුත් මොළ ටිකක් යවන්න. මේගොල්ලන්ගේ දැන් මොළ වැඩ කරන්නේ නැහැ අලුත් දේවල් වලට (නි)
ජනතා මනාපයේ වටිනාකම කුමක්ද? (නි)
කණගාටුයි. ඒ අතින් රනිල් මහත්තයාට මම සිය වාරයක් ගරු කරනවා. (නි)
බණ්ඩාරගම ලලිත් එල්ලාවල පත් කරන්න (නදී)
එස්.බී.වගේ මහත්වරුත් නැවතත් පාර්ලිමේන්තුවට යවනවා නම් අපේ ඡන්දෙන් වැඩක් නැහැ නේද ජනාධිපතිතුමනි. මහින්ද සමරසිංහ නම් නැවත යවන්න ඕනෑ කෙනෙක්. (නි)
මාතලේ නන්දිමිත්‍ර අනිවාර්යයෙන් පාර්ලිමෙන්තුවට ගතයුතුයි.එම තීන්දුවට ජනාධිපතිතුමාට මාතලේ අපේ ස්තුතිය! නන්දි මාතලේට වැඩක් කරපු නායකයෙක්.සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඔහු මාතලේට ගෙනාවා.මාතලේ රෝහල සියලු පහසුකමි සහිත රෝහලක් කළා.මාතලේ පොලිසිය සංවර්ධනය කළා.මාතලේට ජාත්‍යන්තර හොකී ක්‍රීඩාපිටියක් ලබාදුන්නා.මාතලේට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලබාදුන්නා.සෑබැවටම ජනතා සේවයක් කළා ඔහු.මාතලේ අනිත් අය කළ වැඩක් නැහැ.මොහු මාතලේට ඇවැසි නායකයෙක්. (නි)
පැරදුනු අය ජාතික ලැයිස්තුවෙන් දැමිම ජනතා පරමාධිපත්‍යයට නිගාකිරීමක් ලෙසයි මම දකින්නේ (නි)
එකසත් ජාතික පෙරමුණ පත්කල ජාතික ලයිස්තුව දෙස බලන්න. (නදී)
පැරදුන අයව ගෙදර යවන්න. රටට වැඩක් කරන්න පුළුවන් උගත් බුද්ධිමත් අලුත් මුහුණු 12ක් පාර්ලිමේන්තු යවන්න. අවුරුදු ගානක් එකතැන පල්වුණ පරාජිතයන්ගේ කාලය ඉවරයි. ඔවුන් පාරජය වුණේ ජනතාවටවත් රටටවත් සෙතක් කිරීමට නොහැකිවුණ නිසයි. සන්ධානේ ඉන්න පළාත් සභා මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්න. මේ හයදෙනාටම නිවාඩු දෙන්න. (නි)
ජනතා අයිතිය වෙනස් නොකරනු ....!!!! (නි)
ජනතාව එපා කිවුවා නම් මොකද ලිස්ට් එකෙන් යවන්නේ? (නි)
මේ අය පැරදුනා නෙමෙයි පැරැද්දුවා හිතාමතාම පහුගිය යහපාලන ආණ්ඩුවට සහයෝගය දුන්න නිසා. ඒකත් පලිගැනීමක්. ඉතින් ජාතික ලැයිස්තුවට යන්න ඹ්නේ. හැබයි එස් බි ඇර. (නදී)
එස්.බී. නම් ගන්න එපා (නි)
බලන්නකෝ රනිල්ගේ ජාතික ලැයිස්තුව. අන්න නියම නායකයෝ. (ම)
සමහර වෙලාවට රටගෙන , ප්‍රජාතාන්ත්‍රවාදය ගැන කළ කිරනවා (ම)
ගැමුණු, මේ සේරම කළේ එයාගේ පුද්ගලික මුදලින්ද? මට සල්ලි දෙනවා නම් මමත් හදන්නම්. (නි)
බලාගෙන ගියාම ,අන්තිමට පරාද වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාව. ඔවුන් පැරදුනත් දිනුම්. මොකටද මෙච්චර වියදම් කරලා ඡන්ද තියන්නේ?යු එන් පී එක නම් තීරණයක් අරගෙන,පරාද අයට ලැයිස්තුවෙන් නොදෙන්න.එයට ප්‍රණාමය! (නි)
එස්.බී. ඇතුළට ගත්තොත් නැවත කිසිදා ශ්‍රීලනිපයට කතිරය ගහන්නේ නැහැ (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළවුන් නැවතත් පාර්ලිමේන්තුවට යවන්නේ ඇයි? (නි)
පැරදුනා නම් ගෙදර යන්න (නි)
මහින්ද සමරසිංහ අවශ්‍ය කෙනෙක්. සරත් ෆොන්සේකා මහතා වැනි අයටත් අවස්ථාවක් ලබාදිය යුතුය. අනෙකුත් පරාජිතයන්ට අවස්ථාව ලබාදී අපේ ඡන්දය හෑල්ලු නොකරනු! (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
සියලු සන්ධාන නායකයින්ගෙන් හා මහින්ද මහතාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඡන්දයට සාධාරණත්වය ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියලයි (නි)
මිනිස්සු උදේ ඉඳලා අවුවේ පෝළිමේ ඉඳලා නිවාඩු දාගෙන කතිරය ගහන්නේ තමන්ට වැඩක් වන අයට. පරාද වෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන අය. ඒ අය කවුරු වුණත් ජාතික ලැයිස්තුවෙන් ගැනීම වැරදියි. ඒක ජනතාවට කරන නිගාවක්.ජාතික ලැයිස්තුවට එන්න ඕනෑ බුද්ධිමත් පිළිගත් චරිතවත් දේශපාලන චරිත. මේක නොකළ යුතුම දෙයකි. (නි)
නිමල්,අපි මොඩයෝ නෙමෙයි.අපිත් දන්නවා නන්දිමිත්‍ර පුද්ගලික මුදල් වලින් නෙමෙයි කළේ කියලා.ඒ වගේම අපි දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අයටත් මෙවැනි දේවල් කරන්න පුලුවන් කියලා.ඒත් ප්‍රශ්නේ එතුමා සමඟ මාතලේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු හිටියා.ඇයි එයාලට එහෙම කරන්න හිතුනේ නැත්තේ?එහෙම ජනතා සේවය කළයුතුයි කියලා හිතන අයයි අපිට ඕනෑ. තමන් ජනතාවගේ ඡන්දේ අරන් තමන්ට හෝටල් හදපු අය තමන්ගේ ව්‍යාපාර දියුණු කරගත්ත අය අතර සෑබැවටම ජනතාව වෙනුවෙන් සේවයක් කළ අය අඩුයි නිමල්. නමුත් ජනතා සේවය ප්‍රතිපත්තිය කරගත් නායකයෙක් ඔහු.ඔහු අපිට අවැසියි. (නි)
මාතලෙන් නන්දිමිත්‍ර ගත්තට කමක් නැහැ.ඔහු සැබෑ දේශප්‍රේමි නායකයෙක්. ලෝකය දිනු උගතෙක්.88-89 කාලයේ පක්ෂය රැකගත් අවංක මිනිසෙක්.මාතලේට අපි දන්න විදිහට වැඩක් කළ එකම නායකයා.ඒත් එස්.බි.ගැන දෙපාරක් හිතන්න වෙයි. (නි)
මෙම සිදුවීම ජනතාවගේ මතයට පිටුපෑමකි. පසුගිය කාලේ ඒ ඒ පළාත්වලට සේවය නොකළ මන්ත්‍රීන්ව, අයථා ක්‍රියාවන්හි යෙදුන සමහර මන්ත්‍රීන්ව ජනතාව ප්‍රතික්ෂේපකර ඇත. එවැනි පුද්ගලයන් නැවත පාර්ලිමේන්තුවට යැවීමද යහපාලනය. (නි)
අපිට එපා හින්දනේ මේ කටිටියට ඡන්දෙ දුන්නෙ නැත්තේ? ඇයි ආයෙත් මේ? (නි)
අයියෝ අපේ අයිතිය! (නි)
අපි රනිල් මැතිඳුන්ට මෙවෙලේ හිස නමා ආචාර කරමු (නි)
වැරදි තීරණ දී ජනමතයට නිගා කිරීම හෙණ ගහන අපරාධයක්. (අ)
ප්‍රතික්ෂේපිතයන්ට අවස්ථා නොදී ජනතවගේ තීරණයට ගරු කරන බව පෙන්විය යුතු නේද? ඉදිරියේදී මනාප ක්‍රමයේ ඇති අඩුපාඩු නිවැරදි කර නව ක්‍රමයකට යා යුතු බවද පෙනේ. (ම)
චන්ද්‍රිකාගෙන් අහලා පත්වීම් ටික දෙන්න.(ම)
මේ පරාජිතයින් නැත්නම් තෝරන්න කෙනෙක් ජනාධිපතිතුමාට ඇත්තෙම නැද්ද? නිහඩ බුද්ධිමතුන් තෝරාගන්න. (ම)
කියන්න කණගාටුයි... අප්‍රසන්නයි.... (නි)
ඉතින් අසංක ජනතාවනේ පැරැද්දුවේ. වෙන කවුරුත් නොවේනේ. ජනතාව කැමති නම් පරද්දන්නේ නැතුව ඉන්න තිබුනා (නි)
එස්.බී දිසානායක වැන්නවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සඳහා ජනවාරි 8 වැනිදා යහපාලනයක් උදෙසා ඡන්දය භාවිතා කළ අපි යහපාලනය අනුමත කළේ මේකටද? අපිට වහබොන්න තමා වෙන්නේ..... (නි)
එයාලා පැරදුනත් දිනුම්! (නි)
වෙන ඕනෑ වැඩක් කළාට කමක් නැහැ. මේ වගේ වැඩ නොකර ජනතාවට තීරණය කරන්න කියලා දැන් මේ මොකක්ද කරන්නෙ? (නි)
මහජනතාව පරදී. සුපුරුදු ලෙස අතිඋතුම් දේශපාලනය දිනුම්. (නි)