ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග්කරුවෝ අද කවුඩුල්ල වන පෙතට ගොස් වන අලි නරඹමින් එහි අසිරිය විඳගත්හ.
ලොව නන් දෙසින් පැමිණි බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.
ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියාවේ ප්‍රථම සංචාරක බිලොග්කරුවන්ගේ සමුළුවට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත. ඔවුන්ගේ ප්‍රථම සංචාරය වුයේ කවුඩුල්ල වන පෙතයි.
ඔවුන් මෙරට රැදී සිටින කාලය තුළ හබරණ, පොලොන්නරුවල, සීගිරිය, මහනුවර, ගාල්ල යන ප්‍රදේශ වල සංචාරය කරමින් මෙරට ආකර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතය.
සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව සමුළුව සංවිධානය කරනු ලබන අතර විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46 දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුන්දර අපගෙ රටයි! (නි)
අලියන්ගෙන්ද ආරක්ෂා වෙමින් අපේ රටේ රටේ සුන්දර සිරි නරඹන මේ විදේශික බවලතුන්ට බලියක් ඇරියාත් හදන්න බැරි සමහර ලාංකිකයන්ගෙන් ආරක්ෂා වී යහතින් රටින් පිටව ගොස් අපේ රටේ සුන්දරත්වය ලොවටම පවසන්න හැකි වේවා. .(බ)
සුන්දර අවස්ථාවක්....... මේකෙ නම් අලි කුලපුවෙලා නැහැ. නමුත් මේක දකින කියවන අපේ අය දැන් කුලප්පු වෙලා " අනේ අපරාදේ මේකට සල්ලි නාස්ති කරන්නේ " කියලා තමන්ගේ වෛරය, ඊර්ෂ්‍යාව මෝඩ කම පෙන්නයි ද දන්නේ නැහැ ?.(බ)
පෙර දිග මුතු ඇටයයි මේ. (ර)
බලන්න මගේ රටේ සුන්දරත්වය කොතරම්ද කියා.' ජය වේවා ලක් මවුනි.!'(හේ)
හරිම ලස්සනයි.ලංකාවේ අපිට ආඩම්බරයි.(හේ)
ඇත්තටම පුදුම ලස්සනක්.(හේ)
බැලුවා වගේ නෙමෙයි පරිස්සමත් ඉතා වැදගත්. මේ බලන්න අපේ යාල කැලේ සත්දන්ත ඇතෙක්. දෙන දෙයක් කාලා කාටවත් හිරිහැරයක් නොකර යන අපූරුව. මෙන්න Link එක http://adf.ly/uARrJ (අ)
දැන් අලි හොරු පන්නන කාලයයි සොබා දහම රකින පාලකයින් බිහි වේවා (අ)
පරණ ජපන් 4 වීල් ජීප් ටික දකිද්දී හරිම ආසයි .. අවුරුදු 30 කට එහා පරණ මොඩල් ..(අ)
මේ වගේ දසුන් ලෝකේ වෙන කොහෙවත් නෑ. අප්‍රිකා රටවල් වල අලි හිටියත් මේ ග්රීනරි එක නෑ. (අ)
අලි දැක්ක සතුට වගේමයි සුපිරි ජීප් ටික දැක්කමත් හරිම සන්තෝශයි. (ර)
බලන්න මගේ රටේ සුන්දරත්වය! කොයිතරම් අගේද? නියම සංචාරක පාරාදීසයක් නේද? හදවතින් ආශිර්වාද කරනවා මේ රූපපෙළ ලබාදුන් ලංකාදීපයට! (නි)
ඔවුන් පුදුමාකාර සතුටකින් ඉන්නේ (නි)
මේ විදේශිකයින්ගේ සතුටු මුව මඬලින් කියවෙන දහසකුත් දේ මේ රටේ ගස්කොළන් සතා-සීපාවුන් වගේම මේ භූමියත් කෙළෙසන ශ්‍රී ලාංකිකයෝ යැයි කියාගන්නා අයටත් දැනෙනවා නම්..., මේ රට, පරිසර මාතාව සුන්දර භූමියක් වන්නට තිබුණි (නි)
බ්ලොග්ර්ස් කියන වචනය සිංහලෙන් ලියුවේ නැත්තේ ඇයි? (අ)
හරිම ලස්සනයි. අපේ රටේ වටිනාකම දැනෙන්නේ මේ වගේ දසුන් දකිනකොටයි. රැකගතයුතු සම්පතක්. (නි)
සුන්දරත්වය බලා ගන්න මෙම පුවත පල කලාට ලංකාදීපයට ගොඩක් තුති, මෙම සමුළුවෙන් ලංකාව ගැන විශාල ප්‍රසිද්ධියක් ලොව සංචාරකයන්ට ලැබේවා!......ඉතා හොද වැඩක්.(හේ)