IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බ්ලොග්ර්ස්ලා බලන්න අම්මලා,පුතාලා,දුවලා සිය ගනන් එති

ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි  ලොව විශිෂ්ඨතම  සංචාරක බ්ලොග්කරුවෝ  අද  කවුඩුල්ල වන පෙතට ගොස් වන අලි  නරඹමින් එහි අසිරිය විඳගත්හ.

ලොව නන් දෙසින් පැමිණි  බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.

ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියාවේ ප්‍රථම සංචාරක බිලොග්කරුවන්ගේ සමුළුවට පෙර   ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත.   ඔවුන්ගේ ප්‍රථම සංචාරය වුයේ කවුඩුල්ල වන පෙතයි.

 ඔවුන් මෙරට රැදී සිටින කාලය තුළ  හබරණ, පොලොන්නරුවල, සීගිරිය, මහනුවර, ගාල්ල යන ප්‍රදේශ වල සංචාරය කරමින් මෙරට ආකර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතය.

සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන  පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන්  ගුවන් සමාගම  වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය  සමග එක්ව  සමුළුව සංවිධානය කරනු ලබන අතර  විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46  දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.

 2 3 4 5  7 8 9

10

 

11 DSCF1543  DSCF1558 DSCF1586 DSCF1594 DSCF1597 DSCF1599 DSCF1605 DSCF1624 DSCF1625  DSCF1640  DSCF1642 DSCF1645 DSCF1657 DSCF1667 DSCF1677



අදහස් (0)

බ්ලොග්ර්ස්ලා බලන්න අම්මලා,පුතාලා,දුවලා සිය ගනන් එති

වෙල්ගම Saturday, 15 November 2014 02:09 AM

මේ සුන්දර අපගෙ රටයි! (නි)

:       0       0

රුකී Saturday, 15 November 2014 02:23 AM

අලියන්ගෙන්ද ආරක්ෂා වෙමින් අපේ රටේ රටේ සුන්දර සිරි නරඹන මේ විදේශික බවලතුන්ට බලියක් ඇරියාත් හදන්න බැරි සමහර ලාංකිකයන්ගෙන් ආරක්ෂා වී යහතින් රටින් පිටව ගොස් අපේ රටේ සුන්දරත්වය ලොවටම පවසන්න හැකි වේවා. .(බ)

:       0       0

සුජිත් Saturday, 15 November 2014 02:23 AM

සුන්දර අවස්ථාවක්....... මේකෙ නම් අලි කුලපුවෙලා නැහැ. නමුත් මේක දකින කියවන අපේ අය දැන් කුලප්පු වෙලා " අනේ අපරාදේ මේකට සල්ලි නාස්ති කරන්නේ " කියලා තමන්ගේ වෛරය, ඊර්ෂ්‍යාව මෝඩ කම පෙන්නයි ද දන්නේ නැහැ ?.(බ)

:       0       0

සාලමුල්ල Saturday, 15 November 2014 02:27 AM

පෙර දිග මුතු ඇටයයි මේ. (ර)

:       0       0

රසික Saturday, 15 November 2014 03:42 AM

බලන්න මගේ රටේ සුන්දරත්වය කොතරම්ද කියා.' ජය වේවා ලක් මවුනි.!'(හේ)

:       0       0

බුද්ධි Saturday, 15 November 2014 04:03 AM

හරිම ලස්සනයි.ලංකාවේ අපිට ආඩම්බරයි.(හේ)

:       0       0

අනූ Saturday, 15 November 2014 05:07 AM

ඇත්තටම පුදුම ලස්සනක්.(හේ)

:       0       0

ශෂික Saturday, 15 November 2014 05:22 AM

බැලුවා වගේ නෙමෙයි පරිස්සමත් ඉතා වැදගත්. මේ බලන්න අපේ යාල කැලේ සත්දන්ත ඇතෙක්. දෙන දෙයක් කාලා කාටවත් හිරිහැරයක් නොකර යන අපූරුව. මෙන්න Link එක http://adf.ly/uARrJ (අ)

:       0       0

අමර Saturday, 15 November 2014 05:33 AM

දැන් අලි හොරු පන්නන කාලයයි සොබා දහම රකින පාලකයින් බිහි වේවා (අ)

:       0       0

කින් බෙනට් Saturday, 15 November 2014 06:39 AM

පරණ ජපන් 4 වීල් ජීප් ටික දකිද්දී හරිම ආසයි .. අවුරුදු 30 කට එහා පරණ මොඩල් ..(අ)

:       0       0

සුනෙත් Saturday, 15 November 2014 07:14 AM

මේ වගේ දසුන් ලෝකේ වෙන කොහෙවත් නෑ. අප්‍රිකා රටවල් වල අලි හිටියත් මේ ග්රීනරි එක නෑ. (අ)

:       0       0

තිලක් Sunday, 16 November 2014 09:24 AM

අලි දැක්ක සතුට වගේමයි සුපිරි ජීප් ටික දැක්කමත් හරිම සන්තෝශයි. (ර)

:       0       0

සුජීව- කැලිෆෝනියා Friday, 14 November 2014 06:17 PM

බලන්න මගේ රටේ සුන්දරත්වය! කොයිතරම් අගේද? නියම සංචාරක පාරාදීසයක් නේද? හදවතින් ආශිර්වාද කරනවා මේ රූපපෙළ ලබාදුන් ලංකාදීපයට! (නි)

:       0       0

යසංග Friday, 14 November 2014 07:59 PM

ඔවුන් පුදුමාකාර සතුටකින් ඉන්නේ (නි)

:       0       0

රජින්ද Friday, 14 November 2014 08:12 PM

මේ විදේශිකයින්ගේ සතුටු මුව මඬලින් කියවෙන දහසකුත් දේ මේ රටේ ගස්කොළන් සතා-සීපාවුන් වගේම මේ භූමියත් කෙළෙසන ශ්‍රී ලාංකිකයෝ යැයි කියාගන්නා අයටත් දැනෙනවා නම්..., මේ රට, පරිසර මාතාව සුන්දර භූමියක් වන්නට තිබුණි (නි)

:       0       0

වසන්ත ඉතාලි Saturday, 15 November 2014 02:05 PM

බ්ලොග්ර්ස් කියන වචනය සිංහලෙන් ලියුවේ නැත්තේ ඇයි? (අ)

:       0       0

අරුණි ලන්ඩන් Saturday, 15 November 2014 01:17 AM

හරිම ලස්සනයි. අපේ රටේ වටිනාකම දැනෙන්නේ මේ වගේ දසුන් දකිනකොටයි. රැකගතයුතු සම්පතක්. (නි)

:       0       0

චන්ද්‍ර Saturday, 15 November 2014 03:03 PM

සුන්දරත්වය බලා ගන්න මෙම පුවත පල කලාට ලංකාදීපයට ගොඩක් තුති, මෙම සමුළුවෙන් ලංකාව ගැන විශාල ප්‍රසිද්ධියක් ලොව සංචාරකයන්ට ලැබේවා!......ඉතා හොද වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site