ආසියාවේ පැවැත්වෙන පළමු සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුලුව සඳහා දිවයිනට පැමිණි බ්ලොග්කරුවෝ මාදු ගඟේ සවාරියක් ගියහ.
එහි දුපත් කිහිපයක සංචාරය කළ ඔවුහු කුරුඳු තැලුහ.
මෙම බ්ලොග්කරුවේ තම බ්ලොග් අඩවි සිය වෘත්තීය ජීවනෝපාය කරගෙන ඒ හරහා විශාල ආදායමක් උපදවති. ඔවුන්ගේ් පාඨක පිරිසද මිලියන ගනණකි.
ඔවුහු මෙරට රැදී සිටි කෙටි කාලය තුළදී ලංකාවේ සුන්දර ස්ථාන රැසක සංචාරය කර එම ස්ථාන රූ ගත කර ඔවුන්ගේ බ්ලොග් අඩවි හරහා ඒවා ලෝවට ප්‍රසිද්ධ කළහ.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය එක්ව මෙම සමුළුව සංවිධානය කර ඇත.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුඳු තලන එක එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අත්දැකීමෙන් කියයන්නේ. (නි)
මෙයාල එතකොට අපේ රටේ සුන්දරත්වය මෙයාලගේ වෙබ් අඩවි තුලින් විකුණන් කනවද?(හේ)
බෝට්ටුවක් පෙරලිලා මෙයින් එක්කෙනෙක් මළොත් ඔක්කොම "බ්ලොග්" ඉවරයි. අනිවාර්යයෙන්ම මේ සෑම දෙනාටම "ලයිෆ් ජැකට් එකක් තිබෙන්න ඕනා. (ර)
නිදහස සමග සතුට.(අ)
කිඹුල්ලු ඇතිකරන්න තහනම් නේද? පව් අහිංසක සත්තු (දිල්)
මෙයාල බටහිර රටවල ඔත්තු කරුවන් වියහැකියි. පරෙස්සමෙන්. ලංකාවේ සම්බන්දතා පවත්වන අය ගැන සෙවිල්ලෙන් ඉන්න.(අ)
කුමාර් ඔබ හරියටම හරි මේ වගේ වෙලවටවත් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි. කොහොම වුණත් මේ කරපු ප්‍රවර්දන වැඩසටහන බොහොම ඉහලයි. (අ)
පසුගිය දින ටිකේම බ්ලොග් කරුවන්ගේ පුවත් පල උනාට, පාඨකයාට දැනගැනීමට අවශ්‍යම කරන වැදගත් තොතුරු අඩංගු නොකරන්නේ මන්ද ? (ර)
මෙයාලගේ බ්ලොග් වල යූ.ආර්.එල්. ලිපින ටිකත් දැනගන්න පුළුවන් නම් හොඳයි. (නි)
මමත් දැක්ක ගමන් හිතුවේ කෝ ජීවිතාරක්ෂක කබා ? (හේ)
චමින්ද, තලන එකනම් අමාරු නැහැ. ඒවා තලලා ඉවරවෙලා පොතු ගලවන එක තමයි අමාරු. (නි)
මේ බ්ලොග්කරුවෝ ගැන මම පළමුවරට දැනගත්තේ අද තමයි (නි)
ඒ අය අතරේ ඔය කියන ඔත්තු කරෝයෝ ඉන්න බැරිද? (ර)
කුමාරගේ අදහසනම් මගේ හිතටත් එකපාරටම අවේ.(හේ)
කුමාර් ලංකාව මොනවගේ රටක් කියලද හිතන්නේ? ඔයා විදේශගත වෙලා තියනවද? ඔය ගියොත් අවබෝධ කරගනීවී මෙයාලගෙන් 80% ලංකාව ඉන්දියන් සාගරේ තියන බව දන්නේ නැති බව. (බ)