දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ටතම බ්ලොග්කරුවෝ අද පා පැදිවල නැගී පොලොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක් නැරඹීමට ගියහ.
පොලොන්නරුවේ රාජ සභා මණ්ඩපය, දළදා මාළිගාව ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් නැරඹූ ඔවුහු ඒවා ඡායාරූපගත කර ගත්තේ මහත් උනන්දුවෙනි.
ලබන 18 වෙනිදා කොළඹ සිනමන් ලේක් හිදී පැවැත්වීමට නියමිත ආසියාවේ පළමු සංචාරක බ්ලොග්කරුවන්ගේ සමළුවට සහභාගී වීම සඳහා ලොව විවිධ රටවලින් බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙරටට ආහ.
වෘත්තීය බ්ලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය ලොවට ගෙන යාම මෙහි අරමුණ වේ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාර දියුණු වෙනවා වගේම රටට ලොකු ගෞරවයක් මෙතුලින් වෙන්නේ රටේ අභිමානය ලොවට අරන්යන ගමනක්!!(දිල්)
අපූරු දර්ශනයක්.(හේ)
මෙය අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයාමට හොඳ අවස්ථාවක් (නි)
බ්ලොගර්ලට ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් අන්දලා යැවුවානම් තමයි වැඩිය හොඳ!(හේ)
වැදගත් සංචාරකයෝ පිරිසක්.(හේ)
නොදන්න අයට පැහැදිලි වෙන්න මේ බ්ලොගර්ලා ගැන ටිකක් විස්තර කරන්න.(හේ)
බ්ලෝගර්වරු කියන්නේ කවුද?
අපේ රටේ සුන්දරත්වය අගයන තව කොච්චර නම් ඇත්ද මේ ලෝකේ.(හේ)
ඇත්තටම ඔවුන් නම් වාසනාවන්තයි. අපේ රට වගේ සුන්දර රටක් දැකබලා ගැනීමට ලැබීමම මොනතරම් ලොකු දෙයක්ද? (නි)
කවුද මේ කට්ටිය? දන්නා කෙනෙක් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නකෝ කරුණාකරලා.(හේ)
බ්ලොගර් කියන්නේ අන්තර්ජාලයට තොරතුරු සොයලා ගවේෂණය කරලා ඒවා අන්තර්ජාලයට සපයන අයට. (බ)
බ්ලොගර්ලා කියන්නේ නොයෙක් විෂයයන් සම්බන්ධව වෙබ් පිටු ලියන කට්ටිය (බ)
බ්ලොගරයෝ කියන්නේ මොනවා හරි මාතෘකාවකට, කට පියාගෙන ඉන්න බැරුව මොනවා හරි ලියන උන්, හරියට අපි වගේ... මේ ඉහත අය ලෝකේ සංචාරක කර්මාන්තය ගැන ලියපු උදවිය...(බ)
මේ අයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නොත් හොදයි. අයහපත් යමක් සිදුවුණොත් රටේ නම කැතවේවි. (බ)
මෙවැනි පිරිසක් මෙහි පැමිණීම ඉමහත් සතුටක්...නමුත් අන්තර්ජාලයේ හපන්කම් පෙන්වන අපේ රටේ ළමයින් ගොඩක් ඉන්නවා.කවුරුවත් දන්නේ නැතුවට. (බ)
ලංකාවෙත් මෙහෙම බ්ලොගර්ලා ඉන්නවා. සිංහල බ්ලොග් කියල ගූගල් සර්ච් කරොත් බලාගන්න පුලුවන්. ඊට අමතරව ලක්දසුන් කියන එකත් ලංකාවෙ අය ලියන ලංකාවෙ සුන්දරත්වය ගැන තියෙන ෆොරම් එකක්. (ර)
අනේ මේ කාන්තාවෝ ටිකදෙනා පරිස්සමින්. (ර)
බ්ලොගර්වරු කියන්නේ කවූද.? (ර)
අපේ අර සමහර චණ්ඩි ඇමති පුතුන්ට එහෙම පැත්ත පළාතේ යන්න දෙන්න එපා. (නි)
http://lankabloggers.com වෙතට ගියොත් ඔයාලට අපේ රටේ බ්ලොග් ලියන අය ගැන දැනගන්න පුලුවන්. (ර)
හරි දැන් මම දන්නවා කවුද මේ බ්ලොගර් වරු කියල.(දිල්)
මං හිතන්නෙ බ්ලොගර්ස්ල කියන්නෙ සිංහල දෙමළ වගේ ජාතියක් කියල.කුර්දිවරු වගෙ මොකක් හරි ප්‍රසිද්ධියක් පතන සටන්කාමී කට්ටියක් වෙන්න ඇති.මොනව වුනත් සළකල යවන එක අපේ යුතුකම. යුරෝපයේ රෝමාවරු වගෙ අයද දන්නෙ නැහැ.(අ)