දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද මාතලේ කවුඩුපැලැල්ලේ පිහිටි රන්වැලි කුළු බඩු සහ ආයුර්වේද ඖෂධ පැලෑටි උද්‍යානයට ගොස් දේශීය ආයුර්වේද ශාක සහ කුළු බඩු වර්ග පිළිබඳව අධ්‍යයනය කළහ.
දේශීය ආයුර්වේද ඖෂධ සහ කුළු බඩු සකස් කිරීම මහත් උනන්දුවකින් අධ්‍යයනය කළ ඔවුනට එහිදී ප්‍රායෝගිකව එම ඖෂධ අත් හදා බැලීමේ අවස්ථාවද උදා විය.
ආසියානු රටක පැවැත්වෙන පලමු බ්ලොග්කරුවන්ගේ සමළුවට මෙරටට පැමිණි මොවුහු සමළුවට පෙර මෙරට වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට බලාපොරොත්තු වෙති.
සමුළුව ලබන 18 වෙනිදා සිනමන් ලේක් හි දී පැවැත්වේ.
ඔවුන් හෙට ගාලු කොටුව නැරඹීමට යාමට නියමිත අතර අනතුරුව සිනමන් එයාර් කුඩා ගුවන් යානයකින් මෙරට සිරි නැරඹීමට නියමිතය.
ඇමරිකාව, ඕස්ට්‍රෙිලියාව, බ්‍රසීලය ඇතුළු යුරෝපීය මෙන්ම ආසියාතික රටවල් රැසක බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සමුළුව සඳහා මෙරටට පැමිණ ඇත.
සංචාරක බ්ලොග්කරුවන් ලෙසින් හැදින්වෙන මොවුන්ගෙන් බහුතරයක් අඩුම තරමේ රටවල් 50 කට වැඩි ප්‍රමාණයක සංචාරය කර විවිධ අත් දැකීම් ඇති ප්‍රවීනයෝ වෙති.
එමෙන්ම රටවල් රැසක පාඨක පිරිසක් ග්‍රහණය කර ගෙන ඇති මෙම පිරිස සමග ජාලගතවීමට ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් අවස්ථාව උදා වන අතර නව තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටද හැකි වෙයි.
ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් සුබදායී පණිවිඩයක්ද මෙම බ්ලොග්කරුවන් හරහා ලොවට රැගෙන යාම මෙම සමුළුවේ අරමුණයි.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වෘත්තීය සංචාරක බ්ලොග්කරුවන්ගේ සංගමය එක්ව මෙම සමුලුව සංවිධානය කර ඇත.
.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලකයින් පෙන්වන්න එපා සංචාරකයින් දේශපාලුවන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි. (නදී)
පිටබැද්දර, නියමයි (නි)
රට රටවල සංචාරයකොට තොරතුරු අධ්‍යයනය කිරීමට අවස්ථාව ලද ඔවුන් මොනතරම් නම් භාග්‍යවන්තයෝද? (නි)
බයවෙන්න දෙයක් නැහැ මේ පිරිස අපේ මගපෙන්වන්නන් එක්ක යන නිසා අකරතැබ්බයක් වෙන එකක් නැහැ. (අ)
අපේ රටේ දේශපාලකයින්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එහෙමත් පෙන්වන්න (නි)
ළඟදි ගුටි කෑ අරයගෙ පුත්‍රයාත්, අර හිරේ ඉන්න කෙනාවත් පෙන්නන්න එක්කගෙන යන්නකෝ (නි)
පිටබැද්දර ජයා මහතා, බ්ලොග් කියන්නේ අන්තර්ජාලයට ලියන කෙනෙකු විසින් තමන්ගේ අත්දැකීම් , අදහස් , පර්යේෂණ , අත්හදා බැලීම් , සහ ඒවාට සම්බන්ධ චායා රුප ආදියෙන් යුක්ත වෙබ් පිටුවක්. මෙය හරියට කෙනෙකුගේ ඔන් ලයින් ඩයරියක් වගේ . (අ)
බ්ලොග් කියන්නේ අන්තර්ජාලයට ලියන කෙනෙකු විසින් තමන්ගේ අත්දැකීම් , අදහස් , පර්යේෂණ , අත්හදා බැලීම් , සහ ඒවාට සම්බන්ධ ඡායා රෑප ආදියෙන් යුක්ත වෙබ් පිටුවක්. මෙය හරියට කෙනෙකුගේ ඔන් ලයින් ඩයරියක් වගේ . (හේ)
මෙම සංචාරයට තල්මසුන් නැරඹීම, නිලාවැලි මුහුදු වෙරළ, දේශීය වෛද්‍ය ක්‍රමය ආදියද ඇතුළත් වේයැයි සිතමි. සංචාරකයින් දේශපාලුවන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි (නි)
අනුරාධ,මේ අයට අපේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ව පෙන්නුවොත් එහෙම හෙට පත්තරේ මොන වගේ ප්‍රවෘත්තියක් තියෙයිද දන්නෙ නැහැ (නි)
මෙවැනි වටින තැනක් තියෙන බව දැක්කේ ලංකාදීපයෙන්. (ර)
මේ විදේශීය බවලතියන් නිරුපද්‍රිතව ගම රට බලා යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කොයි එකටත් අත් බෑගය ,ලැප්ටොප් එක එහෙම ටිකක් තදකර අල්ලාගන්න ලෙස කාරුණිකව ඉල්ලනවා. (නි)
ලංකාවේ බ්ලොග් ලියනා මිතුරන් ගැන දැනගන්න ඔන නම් http://lankabloggers.com/ යන්න. (බ)
දන්නා කෙනෙක් කියනවද බ්ලොග් කියන එකේ තේරුම කරුණාකරලා ? නොදන්නා හින්දයි අහන්නේ හොඳේ ! (අ)
ආපසු කරදරයක් නැතුව මේ මිනිසුන්ට යන්න ලැබේවා! (නි)