එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන ආසියා ෆැසිපික් නගර නිර්මාණ ව්‍යාපෘති 2015 තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානය බලංගොඩ නගර සභාවට හිමිව ඇත.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන යටතේ රටවල් ගණනාවක දියත් කළ ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනයෙන් මෙම ජූරියේ විශේෂ සම්මානය ලැබී තිබේ.
එම සම්මානය හිමිව ඇත්තේ යූඑන් හැබිටාර්ඩ් හෙවත් එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස සංගමය පරිත්‍යාග කළ මුදල් යොදවමින් බලංගොඩ නගරයේ දොරවල ඔය සංවර්ධනය සිදුකළ රෙසිලියන්ස් ව්‍යාපෘතිය වෙනුවෙනි.
ජූරියේ විශේෂ සම්මානය ලබාගැනීමට බලංගොඩ නගර සභාවේ ලේකම් එම්.එස්. සීලවතී මහත්මිය සහ එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මෙම තරගාවලියේ බලංගොඩ නගර නිර්මාණ රෙසිලියන්ස් ව්‍යාපෘති ලේකම් නිමල් පේ‍්‍රමතිලක මහතා ඇතුළු කණ්ඩායම මේ මස 27 දිනට ආසන්නව ජපානය බලා පිටත්වීමට නියමිතය.

![IMG_0616[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_06161.jpg)
![photo[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/photo1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මගේ ගම. තවත් දියුණු වේවා.! (ර)
බලංගොඩ නගරයට මාගේ උණුසුම් සුබ පැතුම් මාගේ නගරයත් බලංගොඩ (ම)
සුභ පැතුම්! මෙහෙම දේවල් වලින්වත් මේ රාජ්‍ය සේවකයෝ අලුත් විදිහට හිතන්න පුරුදු කරන එක ලොකු දෙයක්. (නි)
උණුසුම් සුභ පැතුම්.හිටපු නනගරාධිපතිතුමාගේ ක්‍රියා කලාපයද ඇගයිය යුතුය. (බ)
මේ මගේ ගම (නි)
සුබ පැතුම්...!!! (නි)
මගේ ගම, මාරම සතුටක් දැනෙන්නේ හිතට. තව තවත් දියුණු වේවා !!! (බ)
අපේ කොළොන්නාව කවදා මේ වගේ වෙයිද? (නි)
නගරාධිපතිතුමාගේ කැපවීම අගය කළයුතුයි (නි)
ස්තුතියි ලෝකයම දිනා දුන්නාට. ආඩම්බරයි මගේ නගරය වීම ගැන. සුබ පැතුම්....(බ)
මගෙත් ගම බලන්ගොඩ , ගොඩක් ආඩම්බරයි (බ)
මගේ ගමත් බලන්ගොඩ, මට ඇත්තටම ආඩම්බරයි. අපේ නගර සභාවට සුබ පැතුම්. (අ)
මගේ ගමත් බලංගොඩ (නි)
සුබ පැතුම් (බ)
මේ අපේ නගරය.තව දුරටත් දියුණු වේවා...... (ම)
සුබ පතන ගමන් කියනවා බලංගොඩ පිට්ටනිය සහ ඒ අවටත් සුපිරියටම හදමු කියලා.එතකොට අපේ නගරය සුපිරිම තමයි.(හේ).
ගොඩක් සතුටුයි.(හේ)
මගෙත් ගම බලන්ගොඩ හදවතින්ම සුබ පැතුම් (ම)
මේ මගේ ගම.(හේ)
බලන්නකෝ නගරයේ ලස්සන සහ පිළිවෙල. අපේ රටේ ගොඩාක් නගර පිළිවෙලක් නෑ. ගොඩනැගිලි ඉදිකිරීමේදී කිසි සැලසුමක් නෑ . එක එක්කෙනා එක එක පැත්තට තමන්ට ඕන විදියට ගොඩනැගිලි හදනවා. පස්සේ බලනකොට මුඩුක්කුවක් වගේ. එකම කොන්ක්‍රීට් වනාන්තරයක්. (ස)
සුබ පැතුම්! අපිට ආඩම්බරයි (නි)
මා කුඩා කල පාසල් ගිය නගරය. මගේ උපන් ගම වාගේ. හරිම ලස්සනයි. ඒවගේම හරිම ආඩම්බරයි.(ම)
සුදුස්සාට සුදුසු තැන දුන්නොත් මේ රට කොහෙන් නවතියිද ! (බ)