බෙලිඅත්තේ රන් අබරණහල් හිමියකු ත්‍රිරෝද රියදුරකු හා තවත් පුද්ගලයකු සමඟ රුපියල් 5000 හොර නෝට්ටු 24ක් බෙලිඅත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගල්පොත්ත යායේ කඩයක මුදලාලි කෙනකුට ඇති වූ සැකයක් පොලිසියට දැනුම් දීම නිසා ඉහළ බෙලිගල්ලේ දී ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත් බවත්, බෙලිඅත්තේ හා මිද්දෙනියේ පරීක්ෂණ පැවැත්වෙන බවත් ඔහු පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන පනාගොඩ, මං තනිකරම ඔය දෙක මාරුකරලනේ හිතාගෙන හිටියේ. දෙයියෝ සාක්කි! (නි)
ලක්ෂ හතලිහක හොර සල්ලි අහු උන එකට කිසිවෙක් රිමාන්ඩ් කළේවත් නැති එකේ මේ මිනිස්සුන්ටත් ඔන්න ඔහේ ගෙදර යන්න දෙන්න. (නදී)
ඕවා අල්ලන පොලිසියේ රාළහාමිලා ප්‍රවේශමෙන්! (නි)
තව කොච්චර මේ වගේ හොර සල්ලි එළියට එනවා ඇත්ද?(හේ)
සල්ලි නැති වුණාම වැරදි මාර්ග වලින් සල්ලි හොයනවා.(හේ)
කිසිවක් නොදන්නා අහිංසකයකුගේ අතට මේ හොර සල්ලි පත් වුණුදාට පොලීසියෙන් ගුටි කාල මැරෙන්න වෙනවා. (අ)
අනේ මෙහෙමත් මෝඩයෝ. කියන්න තිබ්බේ බිස්නස් ගනුදෙනුවකින් ලැබුණු මුදල් බෑග් එක පිටින්ම මට දුන්න . ඊට එහා මොනවත් දන්නේ නැහැ කියල. අනේ ඇත්තට පිරිමි වෙලත් සමහර බවලතුන්ට තියන මොලය මේගොල්ලන්ට නැහැනේ. (අ)
බෙලි අත්ත පැත්තේ හොරුත් ඉන්නවද? මම හිතුවේ එහෙ ඉන්නේ බොහොමත්ම අවංක පින්වත් මිනිස්සු කියලා. (නදී)
සාමා ඔයා හරි මොකද අපේ රටේ ඔවා වැරදි නෙමෙයිනේ (අ)