බෙලිඅත්ත රෝහලේ විකිරණ ඒකකය වසර කිහිපයක සිට වසා දමා ඇතැයි රෝගිහු කියති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ 2010 නොවැම්බර් 20 වැනි දා මෙම ඒකකය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් විවෘත කැරිණි. වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වු මෙම ඒකකය වැසු දිනයවත් රෝහල් බලධරයෝ නොදනිති. විකිරණ ශිල්පියා ද වෙනත් රෝහලකට මාරුවක් ලබා ගොස් සිටි. දැන් මෙම උපකරණ අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගත හැකි දැයි සේවකයෝ අසති.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/116.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/212.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට තමා අපි කියන්නේ ඡන්ද විවෘත කිරීම් කියල. අවශ්‍ය උපකරණ හෝ සේවකයන් හෝ නොමැතිව දඩිබිඩියේ ඡන්දෙට ඉස්සර මේක විවෘත කළේ පවුලේ අයගේ (සොහොන් ගල් වැනි) නාම පුවරුවක් බිත්තියේ ගහගැනීමට මිසක් ජනතාවට සේවයක් කිරීමට නොවෙයි. (බ)
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේබව දැන ගෙන උන්නේ නැද්ද? මේ බෙලි අත්ත නේ. (බ)
ඇයි ඕකට බාරකාරයෙක් නැද්ද? ඕකට වගකිවයුතු නිලධාරියෙක් ඇතිනේ (නි)
හා හා ඕව බලන්න බෙලිඅත්තේ කවුද හිටියේ මත්තල එයාර්පොර්ට් හැදුවනම් මතකයි (බ)
බාල බඩු දැම්මම වැඩි කල් පවතින්නෙය් නැහැ... කෑලි ටික යටි මඩි ගහල ඇති දැන්මම නැත්තම් පුද්ගලික රෝහලකට හොඳ ගානකට විකුණලා ඇති නැත්තම් මය අහිංසක මිනිසුන්ගෙන් ගාස්තුවක් ගන්න බැහැනේ. (බ)
මේවා හදලා දුන්නහම දෙපාර්තමේන්තුව බලාගන්න ඕනෑ නේද? අපේ මිනිසුන්ට වෙලා තියෙන දෙයක්. පුදුම රටක්. පොඩ්ඩක් ඇස් ඇරලා ලෝකය දිහාවත් බලලා අනුන්ට ඇඟිල්ල දික්කරන එක නවත්වන්න. ඔයාලගේ ප්‍රතිචාර දැක්කම ලැජ්ජයි ඇත්තටම. (නි)
මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බැලුවේ නෑ හිටපු යක්කු නැත්තම් ඒවා විසදන්න ක්‍රමයක් හැදුවෙත් නෑ දැන් ඉන්න කට්ටියටත් ඕව තේරෙයිද දන්නෑ (බ)