(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකුට පහර දුන්නැයි යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා අද(22) නියෝග කළේය.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේදී ඉකුත් 18 දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේදී පැවැති රැස්වීමක් අරතුරදී සභාපතිවරයා විසින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට පහර දුන් බවට එම මන්ත්‍රීවරයා බෙලිඅත්ත පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් එදින සටහන් කර තිබිණි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සරත් ලොකුකුරුගේ (63) නම් හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහු එදින ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වූ අතර පෙරේදා (20) රෝහලෙන් පිටව ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභාපති සිරිල් මුණසිංහ මහතා බෙලිඅත්ත පොලිස් ස්ථානයට බාර වූ අවස්ථාවේදී අද උදෑසන ඔහු අත්අඩංගුවට පත්ව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd