(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) බෙලිඅත්ත පොලිසිය වෙත බාරවීමෙන් පසු අද(22) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉකුත් 18 වැනි දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන සරත් ලෝගුරුගේ මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් පොහාට්ටු ඡන්දයක්....
මේ බෙලිඅත්තට මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තේ ඉස්සෙල්ල හිටපු කෙනා නේද මිනි මැරීමට හා ස්ත්‍රී දුෂණයට හිරේ ඉන්නේ?
දැන්ම මෙහෙමනම් බලය ලැබුනොත්!! තංගල්ල ප්‍රාදේශීය සභාපති මතකනේද?
පොහොට්ටුවේ මැතිවරණ පොරුන්දු ක්‍රියාවෙන් පෙන්නනවා.
සැබවින්ම මෙය පහර දීමක් නොවේ. එක්සත් ජාතික පක්ශයේ හිටපු මන්ත්‍රී සරත් ලෝකුරුගේ ( පැමිණිලිකරු ) වන මොහු, දැනට බෙලිඅත්ත අගුල්මඩුව අරන්වෙල හරහා බෙලිඅත්තට ගමන් කරන මාර්ගයේ කිරම ඔය හරහා වැටී ඇති පාලම අබලන් වී දැනට එයට නව පාලමක් සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සැපසේ දිවිගෙවන්නේ මොහුය. අගුල්මඩුව ගම්වාසින් සියල්ල දනී.. යකඩ පාලමක් අනුමත වූ එම පාලම දැන් සාදන්නේ කොන්ක්‍රීට් පාලමකි. නව පාලම සාදන තෙක් ඒ වෙනුවට කිරම ඔය හරහා ගමන් කල හැකි විකල්ප මාර්ගයක් සදහා තාවකාලික පාලමක් අනුමත වී ඇත. වැඩ ආරම්භ කර දැනට වසර 1 1/2 ගත වූවද එය සිදු වී නොමැත. ගම්වාසින්ට මෙය ඉවසාගත්නොහැකි අවස්ථාවේ ඒ සදහා ගත හැකි ක්‍රියාමාර්ග ගැන කතා කිරීමට රැස්වීමක් සංවිධානය කර ඇති අතර, ඒ සදහා අගුල්මඩුව කොට්ඨාස නියෝජනය කරන බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ ගරු මන්ත්‍රී වසන්ත කලුගමගේ මහතා ඇතුලුව බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති සිරිල් මුණසිංහ මහාතාද ඇතුලුව ගම්වාසින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමට හිටපු මන්ත්‍රී සරත් ලෝකුරුගේ මහතාද පැමිණි අතර , ( ආරාධනාවකින් තොරව ) මන්ත්‍රී ලෝකුරුගේ පවසා ඇත්තේ විකල්ප මාර්ග අවශ්‍ය නැති බවත්ය.
විකල්ප මාර්ග තිවෙන බව ඔහු පවසන අතර නමුත් ඇත්තේ දම්මුල්ල හරහා ඇතු දීර්ඝ මාර්ගයක් සහ වළකුඹුර හරහා ඇති මඩගොහුරු සහිත මාර්ගයක්ය..අගුල්මඩුව , වළකුඹුර , බෙලිගල්ල , කොස්ගහගොඩ ගම්වාසින්ට බෙලිඅත්ත නගරයට ලගා විය හැකි පහසුම මාර්ගය මෙම පාලම සහිත මාර්ගයයි...තවද මෙම පාලම අබලන් වූ අවස්ථාව මට මතකයට නැගේ ..එවිට පාලමේ කැඩී ගිය ප්‍රදේශයට පොල් කොටන් අතුරා ප්‍රාදේශිය සභා මන්ත්‍රී ගරු වසන්ත කලු ගමගේ මහතා ඇතුලු ගම්වාසින් කටයුතු කරමින් එය ගමන් බිමන් සිදු කිරීමට තාවකාලිකව සකස් කල ඇති අතර , එදා ඔය කියන හිටපු මන්තී ලෝකුරුගේ සොයන්නත් නැත..ඇත්ත එයයි....එදින රැස්වීමේදී විකල්ප මාර්ග අවශ්‍ය නැති බව පැවසූ විට ගරු සභාපති සිරිල් මුණසිංහ මහතා ජනාතාවගේ ප්‍රශ්නවලට සවන් දෙමින් මන්තූ ලෝකුරුගේට පැවසූවේ කරුණාකරලා එළියට ඇදලා දාන්න කලින් බැහලා යන්න කියමින්, ඔහුව එම ස්ථානයෙන් ඉවත් කරන ලදී...මෙය ලියන මා මෙන්ම එම ස්ථානයේ සිටි සියලුම ගම්වාසීන් ඒ සදහා සාක්ෂි දරණු ඇත....නමුත් හොරා කනවා මදිවට මන්ත්‍රී ලෝකුරුගේ සත්‍ය කතා කරනවට විරුද්ධව පොලිසී යැමත් විහිලුවකි..ඇත්තටම වර්තාමානයේ ආණ්ඩුවේ සැබෑ තත්වය මෙය වේ..