
(කේ.පී.සුමනදාස)
සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා පියවර ගෙන ඇත.
හබුරුගල ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් 500 ක් සඳහා පසුගිය අප්‍රේල් 12 වැනිදා දෙනු ලැබූ සහල් ප්‍රමිතියෙන් තොර බවට ලද තොරතුරු මත ප්‍රාදේශීය ලේකම්වරයා මෙම පියවර ගෙන ඇත.
ප්‍රමිතියෙන් යුතු සහල් බෙදන ලද මෝල් හිමියකුට සැපයුම ලබාදීමට ද පියවර ගෙන ඇත.
ප්‍රමිතියෙන් තොර සහල් බෙදූ මෝල් හිමියාගේ මුදල් ගෙවීම අත්හිටුවනවා ද නැද්ද යන්න ගැන තීරණයක් ඉදිරියේදී ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනබලවේග කාරයින් බෙදන්නෙත් බාල හාල් කියනවා නේද? මොකද ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්නේ නැත්තේ...?
මෝල් කාරයා මෝඩ පොරක්නේ...? බාල හාල්ටික ජනබලවේගයට හරි, රනිල්ට හරි දුන්නා නම් මේ වෙද්දී බාර් පර්මිට් එකකුත් අරගෙන...