හොරණ පෝරුවදණ්ඩ සල්ලිය කන්දේ දොස්තර යුවළකගේ නිවසක් බිඳ පැය කිහිපයක් ඇතුළතදී හොරා අල්ලා ගැනීමට හොරණ පොලීසියේ ග්‍රේරෝ සුනඛයා සමත් විය.
හොරා ජනේලයක ග්‍රීල් රාමුව ගලවා ලේන්සුවකින් අල්ලා එය පැත්තක තබා ඇතුළට ගොස් වෛද්‍යවරියගේ අත් බෑගයේ තිබු රුපියල් දහදාහක් සොරකම් කැර විදුලි පන්දමක් දල්වා තවත් සෝදිසි කරද්දී ඇති වු මතු වු හඩක් නිසා ඔහු පෑල දොරින් පැන ගොස් ඇතැයි කියති.
ග්‍රේරෝ ලේන්සුව ඉව කර කිලෝමීටර් එකහමාරක් මඟ ගෙවා මැටි ගෙයක් ඇතුළට ගොස් කුඩා විදුලි පන්දමක් කටින් ඩැහැ ගත්තේය.
පෙරදින රාත්‍රියේ සොරකමට යොදාගන්නට ඇත්තේ එම විදුලි පන්දම යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සමහර නිලධාරීන් නම් දේශපාළුවන්ට ලොකු ලොක්කන්ට මුදලාලිලාට ආවඩද්දී ග්‍රේරෝ අපක්ෂපාතීව තම රාජකාරිය හරියටම කරලා තිබිම ගැන නුඹට ස්තූතියි ග්‍රේරෝ (නි)
හොරණ වීරයෙක්.... (නි)
අසංක කියන්නේ පුදුම කතාවක්නේ. (නි)
බල්ලෙක් පොලිසියට එකතුවීම අනාගතයට හොඳ පෙර නිමිත්තක්. ග්‍රේරෝ, මම නුඹට ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ඉහළටම යාමට හැකිවෙන්න කියා. මොකද එතකොටවත් අනික් පොලිස් ලොක්කන්ට පෙනේවි ග්‍රේරෝ ස්වාධීන ප්‍රාණයක් කියලා. (නි)
මිනිස්සුන්ගේ වැඩ බල්ලන්ට බාර දීලා වගේ (අ)
ගොඩක් මිනිස්සු ළග නැති හොද ගතිගුණ ඒ සතා ළග තිබෙනවා. (නි)
ග්‍රේරෝ පොලිසියට වැඩිය දක්ෂයිනේ (නි)
බල්ලා වුණත් වැදගත් සතෙක් (නි)
චන්දි , දිසාගේ ප්‍රශ්නයට පිළිතුරක් නම් තිබෙනවා. පිටරටින් පුරුදු පුහුණු කරන ලද මෙවැනි සුනඛයන් ආනයනය කළ හැකියි. නමුත් එවිට ඇතිවෙන ප්‍රශ්නය වන්නේ , මෙම සතුන්ට අපිට ගෙවීමට සිදුවන්නේ ඩොලර් වලින් වීමයි. එය සුළුපටු මුදලක් නොවේ. සමහරවිට එක සුනඛයෙකුගේ වටිනාකම ඩොලර් මිලියන 1/2 වත් විය හැකිය. හොදම දෙය නම් පිටරට පුහුණුකරුවෙකුගේ උපදෙස් මත ලංකාවේදී ඉතා උසස් ඝණයේ සුනඛයන් පුරුදු පුහුණු කිරීමයි. (නි)
දිසෝ, ඔයාගේ ප්‍රශ්නය නම් පංකාදුයි ...!!! ඇත්තටම දන්නා කෙනෙක් ඉන්නවනම් දිසාට පිළිතුරු දෙන්න බලන්න ..!!! (අ)
ඇත්තටම ග්‍රේරෝ දක්ෂ බල්ලෙක්. හොදට බලා ගන්න ඕනෑ. එයාව පුහුණ කරවන කෙනාට අපේ ප්‍රණාමය. (ත)
මට හිතෙන හැටියට බල්ලා කියනවට වඩා පොලිස් සුනඛයා කියන එක සුදුසුයි.හේතුව කරන්නේ රාජ්‍ය සේවයක් .නමුත් නම තමා මාරු කරන්න ඕන .ඒකට හේතුව හැමෝම දන්නවා ........(දිල්)
ඔය සංස්කෘතික කට්ටිය මොනව කිව්වත් තව බලු මගුල් පෝරු කිහිපයක් ගහන්ට වෙයිද මන්ද...(දිල්)
හොඳ වෙලාවට බල්ල හිටියේ. ඌ නොහිටියානම් මලාට හොරා අල්ලන්නේ නැහැ අපේ රාළහාමිලා.(දිල්)
මිනිස්සුනුට බැරි වැඩ අද බල්ලෝ කරනවා. එහෙව් එකේ මගුල් පෝරුවකට නග්ගන එකේ වරදකුත් නැති තරම්.(නදී)
මිනිසුන්ට කිරීමට නොහැකි වැඩ aඅද බල්ලෝ කරනවා.එහෙව් එකේ මගුල් පෝරුවකට නග්ගන එකේ වරදක් මා නොදකින තරම් (නි)
අනේ අනේ ! මේ බල්ලා හනුමන්තාගේ බලයෙන්, අංජනමක් බලලාවද්ද? (නි)
බල්ලා ඇත්තටම බලාගෙන හිටියද දන්නේ නැහැ... (ස)
ඔය බල්ලට වගේ බැරිද අනිත් බල්ලන්ටත් උගන්වන්න? (නි)
බොහෝ සතුන්ගෙන් පුහුණුව තුලින් බොහෝ කාරණා ඉටු කර ගන්න පුළුවන්.ඔවුන්ට අපේ භාෂාවෙන් කතා කරන්නට නොහැකි වුණාට සන්නිවේදනය හොඳට තේරෙනවා. (නි)
අපි කිවුවේ ව්‍යාපාර ගැන නොවේ.පොලිසියේ ඇත්තෝ ගන්නා ''පගාව'' ගැන (නි)
විදුලි පන්දම විතරද හොයාගෙන තියෙන්නේ? (දිල්)
මම හිතුවේ අපේ අර ප්‍රසිද්ධ ටියුෂන් ගුරුතුමා කියලා.... (ස)
අපේ රාළහාමිලට වැඩ හොඳට බල්ලා රාජකාරිය කරලා වගේ (දිල්)
මේ වගේ වැදගත්,එඩිතර ,වීර ක්‍රියාවක් කල සුනක විරුවට ''බල්ලා ''කියා ආමන්ත්‍රණය කරන්න එපා (බල්ලා කියන්නේ කැත නමක් )(දිල්)
පොලිස්පති තනතුරටත් මින් එක්කෙනේක්වම දාගත්තොත් කොහොමද? (දිල්)
කාටවත් කරදරයක් වුණේ නැහැ නේද? (නි)
පොලිස් සුනඛයා වෙනුවට " පොලිස් කොස්තාපල් සහකාර " කියල නිල නාමය දැම්මොත් නරකද?.(නදී)
මට මතක් වෙන්නේ සීබා. කහවත්තේ මිනීමරුවෝ අල්ලන්න අමිල මෙහෙවරක් කරපු සීබා. සමහර මිනිස්සුන්ට වඩා මේවගේ සුනඛ මිතුරෝ වටිනවා. ග්‍රේරෝට ප්‍රණාමය! (නි)
රටේ මුදල් කොමිස් ගහල හොරාකන උන්ව අල්ලන්න පුළුවන් එකෙක් නැද්ද (අ)
බල්ලා එයාට දුන්න ජොබ් එක හොදට කරල තියෙනවා. හොඳටම හොඳයි.(අ)
ඕවා මොනවද..,අපේ ඉන්නවා ටිකිරි බණ්ඩා කියල හාදයෙක් බලා හිටිය වගේ නෙමෙයි එයා ඉස්සරහ එයාට කියල හොරකම් කලා වගේ දුෂණ වංචා හොරකම් ගැන කතා කරන්නේ....වෙන එකක් තියා නඩුකාරයින්ට ලක්ස 10ක් සමග කාර් එකකකුත් දීල තියෙන්නේ,දයාසිරිට කොටි ගානක් දීල තියෙන්නේ,අර හෝටලය අරගෙන තියෙන්නේ,අර ඉඩම අරගෙන තියෙන්නේ අර කොමිස් ගැහිල්ල කරලා තියෙන්නේ ඔක්කොම එයා ඉදිරිපිට,,නියම වැඩකාරයෙක්..මිනිහට තාම හොයාගන්න බැරිවෙලා තියෙන්නේ ප්‍රබාකරන්ගේ රත්තරන් ටොන් 100 කටයි ,,එතනෝල් සහ කුඩු කන්ටේනර් දෙකකටයි මොකද උනේ කියල විතරයි. ....හෙට අනිද්දා ඒකත් හොයා ගනීවි..(නදී)
සුනකයා වැඩේ හරියට කළා පොලිස් මහත්තරු තවම නිදි අදට දවස් දෙකක් හොරා බල්ලාට බැන බැන ගමේ ඇවිදිනවා ග්‍රේරෝ ගැන මට දුක හිතෙනවා (නදී)
මේ සුනකයා යොදවල අර රේගුවේ අසුවන ඉන්දියන් පකිස් අයගේ ගුද මාර්ගය පරික්ෂාවට .රේගු නිලදරින්ට ලොකු පහසුවක් එක (අ)
බල්ලා කියන පහත වචනයෙන් වුව ආමන්ත්‍රණය කලාට ගොඩක් මිනිස්සුලග නැති හොද ගතිගුණ ඒ සත ලග තියනවා. (අ)
ඔය ලංකාවේ සිදුවන සියළුම අපරාධ වගේ අල්ලන්න නොහැකිද ඔය බල්ලට කියලා? රාළහාමිලා අඩු කරලා බල්ලෝ වැඩියෙන් ගත්තා නම් හරි (නි)
බලල හොරකම අල්ලලා දුන්නට දඬුවම් කරන්නේ නීතියෙන් නේ. නීතියෙන් බේරිලා යන්න ක්‍රම සහ විධි තියෙනවා. (අ)
බල්ලා නිසා ඇල්ලුවා. පොලිසිය කළා කිවුවා නම් අපිට පුදුමයි (නි)
මහින්ද, ඔයා කියන දේ හරියට හරි (නි)
බොහොම ස්තුතියි බල්ලාට. කරුණාකර කුඩුකාරයොත් මේ විදිහට අල්ලන්නකෝ. මෙතන වටිනාකම් රු. 10000යි. කුඩුකාරයෝ කොතරම් දරුණුද? (නි)
විදුලි පන්දම විතරද හොයාගෙන තියෙන්නේ? ඒකත් හොරා පාවිච්චි කළ එක කියලා පොලිසිය සැක කරනවාලු නේද? හොරා අල්ලලාද? මට ටිකක් අපැහැදිලියි. (නි)
අර සුදුපාට මලකින් පටන් ගන්න තැනට මූව යවන්න බැරිද? ඔක්කොම හොරු අහුවෙයි ග්‍රේරෝට (නි)
ඔහු හොරකමට ගෙනවිත් ඇත්තේ විදුලි පන්දම පමණද? (නි)
බන්දුල, ඇත්ත වෙන්න පුළුවන් කතාව.නමුත් කරන කියන දේවල් ගැන ප්‍රවේශම් වන්න. (නි)
අනේ මම හදුනන කෙනෙක්ගේ නමනේ පොලිස් සුනඛයාට දාලා තියෙන්නේ!! (නි)
අනේ රත්නපාල, මේ මනුස්සයා පෙර දවසේ මස් ගෙනෙන්න යද්දී ඔය විදුලි පන්දම අරගෙන ගියා වෙන්න පුළුවන්. මස් ගදට තමා බල්ලා ඒක කටින් ගන්න ඇත්තේ. (නි)
පොලිස් සුනඛයන් ලවා ඔත්තු සෙවීමේදී හොරාගේ මළ ඉව කරවීම නුවණට හුරු නැත.නඩු භාණ්ඩය සැනින් අතුරුදහන් විය හැක. (නි)
මෙය විහළුවක් නෙව්. කරුණාකර සෑම පොලිචේ ස්ථානයකටම හොඳ බල්ලන් 5දෙනෙක්වථ් පිට රටින් හෝ ගෙනත් දෙන්ඩ. අපේ පොලොසියට වඩා හොඳට බල්ලෝ වැඩේ කරයි. මට තව ප්‍රස්නයක් තියෙනව බල්ලෝ පගාව ගහනවද?නැත්ද?(දිල්)
මෙවැනි සුනඛයන් බොහෝ දියුණු රටවල ගුවන් තොටුපළ වල රේගු සේවයට හා තැපැල් හුවමාරු මධ්‍යස්ථාන වල [ පිටරටින් පැමිණෙන බඩු භාන්ඩ හා ලිපි පරික්ෂාවට ] සේවයට යොදා ගැනේ. මෙවැනි සුනඛයින්ගෙන් බේරී මත්ද්‍රව්‍යය,රත්තරන් ඇග තුළ හෝ සගවාගෙන රට තුළට ගෙන ඒමට නොහැක. මෙවැනි සුනඛයන් අපගේ ගුවන් තොටුපළවල රේගු සේවයට යොදා ගැනීමෙන් රේගු නිලධාරින්ට ඉතා පහසුවක් වනු ඇත. මෙවැනි සුනඛයෙකු පුරුදු පුහුණු කිරීමට රුපියල් නම් මිලියන ගනණක් වැය වෙනු ඇත. (නි)