තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසියට හා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇතැයි නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කියයි.

බාල වයස්කාර දරුවා කිසිවකු විසින් දේශපාලන කටයුත්තකට යොදා ගෙන ඇතැයි ද, මේ නිසා මව දැඩි වේදනාවකින් පසු වන බව ද, දරුවා සොයා ගැනීමට සියලු මාධ්‍ය ආයතනවල උදව් අවශ්‍ය වන බව ද වන්නිනායක මහතා පවසයි.