මහනුවර අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී පොලිස් නිල සුනඛ ජෝඩු අටක් පෝරුවට නංන්වා විවාහ මංගල උත්සවයක් පැවැත්වීම ගැන පොලිස්පති අණින් පරීක්ෂණයක් අරඹා ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත් කැරුනු ලැබ සිටී.
මේ බලු මඟුලෙන් අනාදිමත් කාලයක හිඳ ශ්‍රී ලංකාවේ මංගල පෝරුවේ චාරිත්‍ර දැඩි ලෙස හැල්ලුව කැර ඇතැයි සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා ඊට විරෝධය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසිය බල්ලෝ හින්දා කරන දෙවැනි මෝඩ වැඩේ මේක. (නි)
අජිත් ඔබ හරි, දැන් මේක අමතක කරන්න ඕනේ. අයෙත් මේ වගේ දේවල් නොවෙන්න බලාගෙන. (ස)
කෝ බොදුබල සේනා? මේක බෞද්ධකමද? (නි)
බන්දුල පෙරේරා බල්ලන් සහ බැල්ලියන්ගේ ගේ අයියිය වෙනුවෙන් පෙනී සිටයි .(අ)
මේවගේ සිදුවීම් අහන්ත් අප්‍රසන්නයි මේවා සැලසුම් කරපු අයට තියෙන්නේ ටිකිරි මොල ද (දී)
උපාලි ඔය හරි, මාත් උපාලි, ප්‍රශ්නයක් නොඋනේ මෙතෙක් කල් අපි දෙන්නම දරන්නේ විදියේ එකම අදහස් නිසා. ඔබට ස්තුති.(අ)
සිංහල සංස්කෘතිය, හැදියාව මොකක්ද කියලවත් නොදන්නා, ඒ ගැන කිසිම හැගීමක් නැති අයට නම් මෙතන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ගැන කැක්කුමක් තියෙන 'සිංහලයන්ට' නම් මේක ප්‍රශ්නයක්. පොලිස්පතිතුමා ගත් නිවැරදි තීරණය ගැන එතුමාට ස්තුතියි. (අ)
බල්ල රජවුණා පොලිසිය බලුවුණා
රාජ්, සජිත්, දම් , දමයන්ති, එකක් හිතා ගන්න. සිල් අරගත් සමහර අය සිල් රකින්නේ නැහැ . එහෙනම් සිල් ගන්න එකේ ගෞරවය වෙනුවෙන් කතා කරන්න ඕනේ නෙද්ද. ඔයාලට අපේ සංස්කෘතිය ගැන හිතන්න වෙන්නේ ඔයාලගේ දරුවෝ දෙමාපියන්ට ගරු නොකරන බටහිර පැලැන්තියේ කෙරුවාවල් අනුගමනය කරන කොට තමා. (දී)
අනේ ටිකිරි කිව්වොත් කියන්නෙම ගොම පස් විසි වෙන කතාවක්මයි.මේ ප්‍රතිචාර දාන කට්ටිය හමුදාව පොලිසිය බල්ලන්ට දාන්න හැදුවට රටේ මිනිස්සු අවශ්‍ය තැන හමුදාවට පොලිසියට දීල තියෙනවා..අරාබි වසන්ත ගෙන්න කතා කරන මිනිස්සුන්ට මොන සංස්කෘතියක්ද .මොන බලු මගුල්ද....මුන්ට ඕන කොහෙන් හරි හමුදාවට පොලිසියට රටට රජයට පහර ගහන්න අපහස කරන්න පොටක් පමනයි (අ)
බල්ලොත් බයවෙලා මොකක් වෙනවාද කියල (දී)
බල්ලොත් එක්ක බැහැ අප්පා.. (නි)
බල්ලට ගිය (අ)
සතුන්ටත් ගරු කටයුතු ලෙස සළකන ගුණගරුක රටක්, කිසිම වැරැද්දක් නැහැ (නි)
මෙය bbc වලත් ප්‍රචාරය උනා කෙසේ වෙතත් රටේ මහජනත්වගේ මුදල් මේවගේ මෝඩ වැඩවලට යෙදවීම ගැන පරීක්ෂණයක්පැවැත්වීම ගැන පොලිස්පතිතුමාට අපගේ ප්‍රණාමය (දී)
පෝරුවේ නගා මිනිස්සු කරන බලුවැඩ දැක්කම මේවත් බලුවැඩද අප්පේ (අ)
මේකේ අවුලක් නැහැ මේකට එයාලගේ සල්ලි නම් වියදම් කළේ. අපිට මොකද බල්ලෝ බැරිනම් හරක් පෝරුවලට නග්ගපුවම. අවුල තියෙන්නේ රටේ සල්ලි වියදම් කරපු එකනේ (නි)
උපාලි, ඔයා හරි (නි)
චාරිත්‍ර කියන්නේ,කවරුන් හරි,කවදා හරි කොහේදෝ හරි, පටන් ගත් දෙයක්.ඊට පස්සේ එය බෝවෙන ලෙඩක් වගේ හැමෝම කරන්න පටන් ගන්නවා. මේක බුදු දහමට අදාල නැ. තව අවුරුදු 10 පස්සේ ෆේස් බුක් එකත් චාරිත්‍රයක් වේවි. (දී)
පොලීසිය බල්ලට ගිහිල්ලා කියන එකට මීටත් වැඩිය සාක්කි ඕනෑද?මිනිසාගේ හොඳම මිතුරා බල්ලා කියනවා වගේ පොලීසියේ හොඳම මිතුරා මැර දේශපාලුවන් සහ අපරාධකාරයන් වෙලා ඉවරයි (නි)
මෙතන පොලිසිය ගැන මෙන්ම පශූ වෛද්‍ය අංශය ගැනද පරීක්ෂා කර බලන්න. එම පීටයේ ඉගෙන ගන්න ගොඩාක් අයට මේ සමාජ සංස්කෘත දේවල් ගැන වැඩිය අදහසක් නැහැ. (නි)
පොලිසියේ අයට සමහරු ඔය නම කියලා නම්බුනාමත් දෙනවනේ... (නි)
මේ පුවත ලෝකේ පුරාම ප්‍රචාරය වුනා. ලැජ්ජාවේ බැහැ (නි)
මේකත පරීක්ෂණ කරන්න තරම් දෙයක්ද? මෙයාලට වෙන වැඩ නැද්ද? (අ)
දැන් ලංකාවට මොනවා වෙලාද? (නි)
දැන් ඉතින් මෝඩ වැඩ කරනවා, නම කැත කර ගන්නවා. කොහොම අනිත් රාජකාරි කරනවද මන්දා.මේ කසාද බැඳිල්ල වගේ ඕඩර් දෙනකොට බල්ලන්ට වුනත් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
ඉසුරු ඔබ හරි. (නි)
බල්ලන්ටත් උත්සව කරනවා එහෙනම්? (නි)
අනේ තව දේවල් ගොඩක් රටේ සිදුවෙනවා. පොඩ්ඩක් ඇහැරිලා හිටියා නම් නේද හොඳ? (නි)
මින් මතුවට මෙවැනි දේවල් නොකරන්න. තිරිසන් සතුන්ට හොදින් ආදරෙන් සැළකුවහම ඇති. (නි)
කතාවක් තියනවා මගුල බල්ලට ගිහින් කියලා (නි)
බල්ලන්ගෙන් පසුගිය යුද සමයේ ගොඩක් වැඩ ගත්ත.අදටත් එසේමය..පඩියක්වත් නොගෙන ජීවත්වීමට අහර ටිකක් පමණක් ඉල්ලමින් හොරුන් මිනී මරුවන් ඇල්ලදෙන මේ විනයගරුක කීකරු සතුන්ට මල් පහන් දල්වා දෙවියන්ට මෙන් සැලකීම වුවත් වටී.දාසක් ප්‍රශ්න තියෙන රටේ...දහසක් පෝරු නැතිවම හොර හෝටල්වල ලගින රටේ...දහසක් ගබ්සා කරන රටේ..මේකත් සංස්කෘතික ප්‍රශ්නයක්ද? (අ)
ඔය මගුලට විතරක් පරීක්ෂණ මොකටද? ඕන තරම් තවත් වැඩ කරනවානේ (නි)
ලංකාවේ ඉන්න බල්ලන්ගේ වැඩක්. කෙරුවොත් ඔහොම බලු වැඩක් තමයි (අ)
ඔක්කම පොලිස් බල්ලොනේද (අ)
මිනිස්සු බල්ලෝ ගානට දාලා රතුපස්ස්වල! බල්ලෝ මිනිසුන් ගානට දාලා නුවර.සුදා සහතික ඇත්ත. (අ)
දැන් ලංකාවේ පොලිසියට වෙන කරන්න දෙයක් එතිරි වෙලා නැහැනේ. (අ)
කොහොම තිබුන පොලිසියක්ද?කොහොම තිබුන හමුදාවක්ද අද බල්ලෝ ගානට වැටිලා තියෙන්නේ. (අ)
අනේ මේගොල්ලෝ පොලිස් පති තුමාට හොරෙන්ද මේ උත්සවේ තියල තියෙන්නේ ? අපේ රටේ ගොඩක් දේවල් උනාට පස්සේ තමා වැරදී කියල තේරෙන්නේ අනේ මන්ද. (අ)
බල්ලන්ට උත්තමාචාර දැක්වීම පොලිසියෙන් සිදුවන දෙයක්. ඇයි මේ විවාහ මංගල්‍යට විතරක් පරීක්ෂණ? (නි)
මිනිස්සු බල්ලෝ ගානට දාලා රතුපස්ස්වල! බල්ලෝ මිනිසුන් ගානට දාලා නුවර! (නි)
අයියෝ සල්ලි රට යන අත මටනම් හිතා ගන්න බැහැ (දී)
මොට්ට විදිහට හිතන්නැති අයට මෙතන අවුලක් නැහැ (අ)
මේ ප්‍රශ්නයවත් ඉක්මනට හොයල බලල ඉවරයක් කරයිද?නැත්තම් මේකටත් කොමිසමක් පත් කරන්න වෙයිද? (අ)
මෙවන් විකාර වලින් ලංකාවේ නම පහතට වැටෙනවා. ඉන්දියාවේ වගේ (දී)
සංස්කෘතික ඇමති කලයුතු වැඩ පැත්තක දාල නොකලයුතුවැඩක් පටන් අරන්,බල්ලන්ට පෝරුවේ චාරිත්‍ර කලේ නැහැනේ,පොඩි සරසිලක නග්ගල ෆොටෝ ගත්තාවිතරි. (අ)
බල්ලන්ට ගිය කල (දී)
කසාද බැඳපු බල්ලො බැල්ලියොනෙ අයාලෙ යන්නෙ නැතුව ඉඳීවි...(අ)
සංචාරක ආකර්ෂණයක් ලබාගත හැකි වැඩක්නේ පොලීසියේ මහත්වරු කරලා තියෙන්නේ,අනේ සංස්කෘතික ඇමතිතුමා ප්‍රසිද්ද වෙන්න මෙහෙම ප්‍රශ්නයක් අල්ලාගෙන. (අ)
පොලිසියේ මේ ක්‍රියාව නිසා ලංකාවේ පොලිස් සේවය තවත් පහතට වැටුනා (දී)
මේ ඔක්කොටම පිස්සු. (නි)
මේවා බලන්න නම් කට්ටිය ඕනෑතරම් (නි)
යමක් කරද්දී දුර දිග නොබලා කරලා,පස්සේ පරීක්ෂණ පවත්වන එකනේ දැන් හැමතැනම වෙන්නේ. (නි)
මේවා අහනවිට මම කල්පනා කරන්නේ අපිටද පිස්සු මෙයාලටද පිස්සු කියලා (නි)
හොඳට හරි නරකට හරි මේක සිද්ද වෙලා අහවරයි. දැන් මොන බලු මගුලකටද පරීක්ෂණ කොරන්නේ. තවත් සල්ලි ටිකක් වියදම් කරලා අන්තිමට නැවත මේවගේ බලු වැඩ නොකරන්න අවවාද කරයි. ඕක පරීක්ෂණ නොකලත් කියන්න පුළුවන්නේ. ඕක කරපු කරවපු කට්ටිය දන්නෙම නැතෙයි ? (දී)