
(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නමැත්තකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලටත් සහභාගි වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දුන්නාය.
සත්‍යරාජ් ජොශූවා නමැත්තාට ඖෂධ වර්ග 35ක් සැපයීමට අවසර දී තිබුණත් ඔහු එකඳු ඖෂධයක් හෝ සපයා නැතැයිද තමා මෙම නඩුවට මුල් වරට පෙනී සිටි දිනට පසුදිනම ජොශූවා නමැත්තා නීතීපති දෙපාර්තමෙන්තුවේ ඇති තමාගේ දුරකථනයට ඇමතුමක් ගත්තේ යැයි ද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම සැකකරු සත්‍යරාජ් ජොශූවා නමැත්තා සමඟ ‘වට්ස්ඇප්’ ඔස්සේ හුවමාරූ කරගත් පණිවුඩ සහිත ගොනුවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.
ඔහු ලඟදීම මේ උසාවියට කැඳවනවා යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නීතීවීරෝධී නොකර හැරීමට කුමන්ත්‍රණය කිරීම ඒ සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සාධාරණ සැකකාරභාවයක් පැමිණිල්ල විසින් ආරෝපණය කර ඇතැයි තීරණය කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් සැකකරුට කිරීමට පැවරී තිබු රාජකාරී නොකර හැරීම මඟින් ඔහු මෙම අපරාධය වීමට ඉඩහැර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අත්අඩංගුවට ගන්නේ කලින් ප්‍රසිද්ධියේ දැනුම් දීමක් කරල ද
මේව කියවනකොට තේරෙන දේ භයානකයි... අපි ගෙවන මිලෙන් කී දෙනෙකුට නිකරුනේ සල්ලි යනවද? ආහාර වලත් මෙසේම නේද? අපේ දේශපාලනඥයෝ රට දියුණුවට කියල ඇවිත් කරන්නේ උගතුන්වත් බිල්ලට ගෙන මහජනතාව ගසාකෑම බව පැහැදිලියි.
ගන්න ගන්න ඔක්කෝම කාලකන්ණින්ව ගන්න. හැබැයි නඩුව ඉවර වෙනකල් එකෙක් වත් එළියට දාන්න එපා. මේක සමූහ ඝාතනයක්...
මේ රට බංකොළොත් රටක් වුනේ ගෝලීය ආර්තිකයේ ගැටළුවක් නිසාවත්, ලෝක වසංගත නිසාවත් නෙමෙයි... රටක්, රටේ අනාගතයක්, රටේ ජීවත් වෙන මිනිස්සු, ඉදිරි අනාගතයේ රටට බිහිවන දූ දරු පරම්පරාව ගැනවත් කවදාවත් නොසිතන පුළුවන් තරම් හොරකම්, දූෂණ වලින් හම්බ කරන ඊළඟට රටේ තියෙන සම්පත්, භුමිය සියල්ලම එක එක ලස්සන නම් වලින් හඳුන්වලා අන්තිමට විදේශවලට විකුණා දමමින් ඉන්න මේ ලෝකේම ඉන්න දේශපාලකයින් රංචුව නිසයි...
ගරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, ගරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය, අපේ පනමෙන් ආරක්ෂා කරමු. එතුමියන් මේ පටන්ගත් කර්තව්‍ය නිසා සියල් ප්‍රතිගාමී පිරිස් උද්යෝගයෙන් .අපේ අදිකරණයේ සුවදිනාත්වය හොදින් පෙනෙන ඉසව්වක අපි ඉන්නේ. ඉස්තුති ඔබ දෙපලට.
අපගේ එකම බලාපොරොත්තුව සහ ගැලවුම්කරුවන් වන්නේ අභීතව නොසැලී නීතිය ක්‍රියාත්මක කරවන විනිසුරුතුමිය සහ රජයේ පෙරකදෝරුවරිය පමණි.