IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද නඩු පැවරීය.

අධිචෝදනා 13 ක් යටතේ විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇති නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු භාණ්ඩ 300ක් පමණ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දී ඇත.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ නීතීපතිවරයා මෙලෙස නඩු පැවරීය.

සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ මෙන්ම ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවු මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා ලිපියක් මඟින් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති එන්නත් වෙනුවට ඖෂධ නොවන වෙනත් ද්‍රවණ සහිත කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ අදාළ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

 



අදහස් (12)

බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා

Shamaal Thursday, 26 June 2025 03:11 PM

පුළුවන් තරම් අසරණ, අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කළ මේ වගේ අයට උපරිම දඬුවම් දීම උතුම් දෙයක්. ගෙදර උන්ගේ කතාව ගෙදර උන් කිසි දේක් දන්නේ වගේ. ඔක්කොම අල්ලලා ඇතුළට දාන්න දිය යුතුයි.

:       0       54

Nihal Dharmatileke Thursday, 26 June 2025 03:27 PM

තවත් චෝදනා මොකටද? ජම්පරයෙකුයි නම්බරයෙකුයි දීලා මැරෙනතුරු ඇතුළට දාන්න

:       0       42

AslamFriday, 27 June 2025 08:40 AM

100% ඇත්ත මහත්මයා.

:       0       0

Anura Thursday, 26 June 2025 03:34 PM

පොහොට්ටුවේ ,UNP කාරයොන්ගේ චන්දෙන් විශ්වාස භන්ගේ දින්නට පස්සේ ,එදා කෙහෙළිය පාර්ලිමේන්තුවේ කරපු චන්ඩි කතාව මතක් වෙනවා

:       3       46

de silva Thursday, 26 June 2025 04:17 PM

මේ කෙහෙළිය සහ දොස්තර මහේෂි වැනි පුද්ගලයන් හිට්ලර්ට වඩා භයානක ගනයේ මෙලෙච්ච සමුලගතකයන් , හිට්ලර් මිනී මැරුවේ යුදෙවුවෝ මැරුවහම තම රට ජාතිය දියුණු වෙනවා යන අන්ධ විශ්වාසයෙන් , නමුත් මොවුන් කෙලින්ම මිනිස්සු මැරෙන බව සහ දුක් වේදනා විදින බව දැන දැනම මේ බලු වැඩ කලේ මුදල් තණ්හාවට , තව මේවගේ දේශපාලකයන් , රජයේ නිලධාරීන් දොස්තරලා දස දහස් ගනනක් මේ රටේ ඉන්නවා , හැමෝටම පාඩමක් වෙන විදිහට මේ ගොල්ලට මරණ දඩුවම් දීල එක ක්‍රියාත්මක කරන්න ඕනේ

:       1       38

යෝගා ඩෝබි Thursday, 26 June 2025 04:30 PM

කෙහෙළිය හිටපු ඇමතිතුමා අපමණ වෙහෙසක් දරලා මේ ඖෂධ ඉතාමත් විනිවිදභාවයකින් යුතුව මෙරට රෝහල් පද්ධතියට සැපයුයේ ඉතාමත් සද්භාවයකිත් යුතුවයි. ඒ වගේම සෑම රෝහලක් ඉදිරිපිට මල්ශාලාවක් ස්ථාපිත කිරීමටත් මෙතුමාගේ ධූර කාලයේදී හැකිවීම රටේ සුවහසක් ජනතාව ලැබූ විජයග්‍රහණයක්.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 June 2025 04:48 PM

කර්මය විශ්වාස නොකරන්නන්ට මේන් පාඩම්… හීනෙන් වත් පව් නොකරන්න කියන්නේ කට කහනවාට නොවෙයි…. බඩු හැරෙන තැපෑලෙන්ම එනවා නේද…?

:       2       34

සකියමThursday, 26 June 2025 07:59 PM

අම්මගේ රෙද්දේ කර්මය. ඔබලා වගේ පාදඩයින් හින්දා තමා කර්මය කියන රෙද්ද අස්සේ හැංගිලා ඔක්කොම ඉන්නේ...

:       11       6

අරවින්ද මොණරවිල Thursday, 26 June 2025 05:00 PM

මේ ව්‍යාජ ඖෂධ භාවිතා කරලා රෝගීන් මියගිය බවට වාර්තා වුණා. ඒ ගැන වගේ වගක් නැතුව මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විතරක් නඩු දාන්න නීතිපතිවරයා කල්පනා කෙරුවේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරන්න බය වුණු නිසාද එහෙම නැත්නම් දුක හිතුණු නිසාද?

:       1       29

Rasika Thursday, 26 June 2025 06:35 PM

කැරම් බෝඩ් එකට අවුරුදු 20 දුන් නඩුකාරතුමා මේ බරපතල වරදෙදී අසංකේ‍ය කල්ප ලක්ෂයක් දෙනු ඇතැයි පතමි...

:       2       19

රම්බොඩ Thursday, 26 June 2025 06:37 PM

මේවාට නම් මෙලොව විතරක් නෙවෙයි එළොවෙදීත් ගොඩඒමක් නෑ. මිනිස් ජීවිත එක්කයි සෙල්ලම් කළේ. එතකොට ඒවා බෙහෙත් ලෙස මෙරටට එවපු නිෂ්පාදන ආයතනය ගැන කතා නැත්තේ ඇයි?

:       1       20

CW Friday, 27 June 2025 08:59 AM

මේ නොමිනිස් පාහරයව ගල් ගහල මරලත් මදි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1935 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site