
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද නඩු පැවරීය.
අධිචෝදනා 13 ක් යටතේ විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව වෙන වෙනම නඩු පවරා ඇති නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු භාණ්ඩ 300ක් පමණ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දී ඇත.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ නීතීපතිවරයා මෙලෙස නඩු පැවරීය.
සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ මෙන්ම ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවු මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා ලිපියක් මඟින් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කර ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති එන්නත් වෙනුවට ඖෂධ නොවන වෙනත් ද්‍රවණ සහිත කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ අදාළ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් අසරණ, අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කළ මේ වගේ අයට උපරිම දඬුවම් දීම උතුම් දෙයක්. ගෙදර උන්ගේ කතාව ගෙදර උන් කිසි දේක් දන්නේ වගේ. ඔක්කොම අල්ලලා ඇතුළට දාන්න දිය යුතුයි.
තවත් චෝදනා මොකටද? ජම්පරයෙකුයි නම්බරයෙකුයි දීලා මැරෙනතුරු ඇතුළට දාන්න
පොහොට්ටුවේ ,UNP කාරයොන්ගේ චන්දෙන් විශ්වාස භන්ගේ දින්නට පස්සේ ,එදා කෙහෙළිය පාර්ලිමේන්තුවේ කරපු චන්ඩි කතාව මතක් වෙනවා
මේ කෙහෙළිය සහ දොස්තර මහේෂි වැනි පුද්ගලයන් හිට්ලර්ට වඩා භයානක ගනයේ මෙලෙච්ච සමුලගතකයන් , හිට්ලර් මිනී මැරුවේ යුදෙවුවෝ මැරුවහම තම රට ජාතිය දියුණු වෙනවා යන අන්ධ විශ්වාසයෙන් , නමුත් මොවුන් කෙලින්ම මිනිස්සු මැරෙන බව සහ දුක් වේදනා විදින බව දැන දැනම මේ බලු වැඩ කලේ මුදල් තණ්හාවට , තව මේවගේ දේශපාලකයන් , රජයේ නිලධාරීන් දොස්තරලා දස දහස් ගනනක් මේ රටේ ඉන්නවා , හැමෝටම පාඩමක් වෙන විදිහට මේ ගොල්ලට මරණ දඩුවම් දීල එක ක්‍රියාත්මක කරන්න ඕනේ
කෙහෙළිය හිටපු ඇමතිතුමා අපමණ වෙහෙසක් දරලා මේ ඖෂධ ඉතාමත් විනිවිදභාවයකින් යුතුව මෙරට රෝහල් පද්ධතියට සැපයුයේ ඉතාමත් සද්භාවයකිත් යුතුවයි. ඒ වගේම සෑම රෝහලක් ඉදිරිපිට මල්ශාලාවක් ස්ථාපිත කිරීමටත් මෙතුමාගේ ධූර කාලයේදී හැකිවීම රටේ සුවහසක් ජනතාව ලැබූ විජයග්‍රහණයක්.
කර්මය විශ්වාස නොකරන්නන්ට මේන් පාඩම්… හීනෙන් වත් පව් නොකරන්න කියන්නේ කට කහනවාට නොවෙයි…. බඩු හැරෙන තැපෑලෙන්ම එනවා නේද…?
මේ ව්‍යාජ ඖෂධ භාවිතා කරලා රෝගීන් මියගිය බවට වාර්තා වුණා. ඒ ගැන වගේ වගක් නැතුව මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විතරක් නඩු දාන්න නීතිපතිවරයා කල්පනා කෙරුවේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරන්න බය වුණු නිසාද එහෙම නැත්නම් දුක හිතුණු නිසාද?
කැරම් බෝඩ් එකට අවුරුදු 20 දුන් නඩුකාරතුමා මේ බරපතල වරදෙදී අසංකේය කල්ප ලක්ෂයක් දෙනු ඇතැයි පතමි...
මේවාට නම් මෙලොව විතරක් නෙවෙයි එළොවෙදීත් ගොඩඒමක් නෑ. මිනිස් ජීවිත එක්කයි සෙල්ලම් කළේ. එතකොට ඒවා බෙහෙත් ලෙස මෙරටට එවපු නිෂ්පාදන ආයතනය ගැන කතා නැත්තේ ඇයි?
මේ නොමිනිස් පාහරයව ගල් ගහල මරලත් මදි