
(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් මෙම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තතුවට අද (15) අභියෝග කළේය.
සෞඛ්‍ය අමාතත්‍යංශයේ අයට වඩා ශ්‍රී ලංකාවේ මිනිස්සු පිළිබඳව තම සේවාදායකයා දුක් වන බවත් උසාවිය කුමන අන්දමින් අධිකරණ මනස යෙදවුවත් මෙම අපරාධට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගන්නේ නැතැයි කී ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටළු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගතයුතු අය අල්ලන්නේ නැතුව නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කළ නිර්දෝෂී තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඹෟෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා සතියක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට ඹෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියම කළ අතර අදාළ වාර්තාව ලබාදීමට පමා කළහොත් එය හිතාමතාම විමර්ශවලට බාධා කිරීමක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළාය.
ඉනන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘බාල බෙහෙතේ මහ මොළකරු කැබිනට්ටුවේ‘‘
අරවින්ද මොනරවිල Wednesday, 15 November 2023 06:44 PM
අල්ලන්න බැරි කැබිනටි එකේ ඉන්න මහ මොලකරු පිනා හැර වෙන කවුද ?
පියසිරි Wednesday, 15 November 2023 08:16 PM
මෙයා කොහොමද මහ මොලකරැ වෙන්නෙ?
Ramika Wednesday, 15 November 2023 08:35 PM
රට ඉන්න කැරපොත්තෝ මීයෝ
namal Thursday, 16 November 2023 09:19 AM
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම හොඳක් වෙනට ඒපා! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හොඳක්න් වෙන්ඩ ඒපා. බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .