2014 දී බාල හා අහිතකර විෂබීජ නාශකයන් ගෙන්වා රජයට අලාභයක් සිදු කළැයි බරවා රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා ඇතුළු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකු බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවට කැදවීමට යයි.
ලබන 30 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා ඔවුනට නොතීසි නිකුත් කළේය.
මෙම විෂබීජ නාශකය රෝගීනට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ටද අහිතකර බව සොයා ගෙන ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එවකට හිටපු මැති ඇමතිගොල්ලෝ ඔය කොමිසමට කැඳවන්න අනවශ්‍යද? (නි)
කුමන කාලයකදී සිදුවී ඇතත් මේවා මහා අපරාධ (නි)
මෙම පුවත අනුව පෙනීයන්නේ මොවුන් තවමත් සේවය කරන බවකි. එය එසේනම් මෙවැනි ජාතිද්‍රෝහී, අපරාධකාරයන් මෙපමණ කලක් සේවයේ යෙදී සිටියේ මොවුන්ට වඩා උසස් බලධාරින් මරනින්දේ සිටි නිසාද? (නි)
එතකොට හිටපු සෞඛ්‍ය ඇමති? එයා වගකියන්න ඕනෑ නැද්ද? ගිය ආණ්ඩුවේ විතරද වැරදි තියෙන්නේ? මේ ආණ්ඩුව ගෙඩිය පිටින් හොඳයිද? බෙහෙත් බෝතල් ඇතුළේ විදුරු කටු තිබ්බේ මොන කාලේද? එතකොට ඒවා බලන්නේ නැද්ද? (නි)
ඒ කාලේ හිටිය සෞඛ්‍ය ඇමතිතුමා මේකට වගකියන්න ඕනෑ නැද්ද? (නි)
තෝරු මෝරු ටික ඇරෙන්න පොඩි අයට නීතිය ක්‍රියාත්මක වෙයි. යහපාලනෙත් ටිකක් ආපසු හැරිලා බැලුවොත් හොඳයි 'යහ' තියනවද කියලා. ආදර්ශමත් නොවී කරන කියන කිසිම දෙකින් වැඩක් වෙන්නේ නැහැ. තමුන් ළඟ ඉන්න හොරු ටික අයින් කරලා වැඩ කරන නිලධාරින් දිරිගන්වන වැඩපිළිවෙලකට යමු. (නි)
සෞඛ්‍ය ඇමතිතුමා හිටියට කෝ එතුමාට වැඩක් කරන්න දුන්නද? හැමදේම පාලනය කළේ පවුලේ කට්ටියනේ (නි)