බලු පැටවුන් විකිණීමට ඇති බව පවසා තමන්ගේ දුරකතන අංක යොදා පොස්ටර් ගසා ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර හා නීතීවේදි නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කොළඹ කොටුව පොලිසියට අද පැමිණිලි කළහ.
ජර්මන් ෂෙපඩ්, රොඩ් වීලර්, ලැබ්රඩෝර්, බුල් මැස්ටිෆ් හා ගෝල්ඩන් රිට්රීවර් බලු පැටවුන් විකිණීමට ඇති බව එම පෝස්ටර් වල සඳහන් වෙතියි ද, පෝස්ටර් ගැසූ අය කවුදැයි හඳුනාගෙන නැති බව ද පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
බලු පැටවුන් ගැන නිමල්කා ප්‍රනාන්දු මහත්මියගෙන් විස්තර විමසූ අය කතා කළ දුරකතන අංක පිළිබඳ තොරතුරු පොලිසියට දෙන්නැයි මහේස්ත්‍රාත් දුරකතන සමාගම් තුනකට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'උතුරට කත් අදිනවා කියන්නේ' දෙමළ අය සියල්ලෝම සතුරෝ කියලද. කොටි නායකයන් ළඟ තියා ගැනීම කොහාට කත් අදිල්ලක්ද (අ)
ඇත්ත තමා බල්ලන්ට අපහාසයක් තාමි කරලා තියෙන්නේ.බන්දුල මහත්මය ඔබ හරි (අ)
ඇත්තටම මේ අයට මෙහෙම නින්දා කරන්න මේ අය කල වරද මොකක්ද? (අ)
දැන් එතකොට බලු පැටව් ගැන විස්තර අහපු අයද වැරදි ? (නි)
බල්ලෝ විකුණන එක කොයිතරම් හොඳද? (නි)
බල්ලන්ටත් ගිය කල! (නි)
නිමල්කා ප්‍රනාන්දු කියන්නේ ගැහැනියක් වුණත් වීරවරියක්. අසාධාරනය අයුක්තියට හිස නමන්නේ නැති වීර ගැහැනියක්. (නි)
අනේ අපි නොදන්නා බන්දුල පෙරේරා? (නි)
බන්දුල පෙරේරා නම් මුදල් වලට සිය ආත්මය වුවත් පාවාදෙන කෙනෙක් වගෙයි. (නි)
මට නම් හිනහත් ගියා (නි)
බන්දුල, වජිරා, ඇසළ,සමීර,සඳුනි,ටෙනිසන්,ඉන්දික,චන්දි,නිල්මිණි,චන්දන,නිලන්ත යන පුද්ගලයන් මේ රටේ මානව අයිතීන් උල්ලංඝනය වීම ගැන මීට වඩා අවධානයෙන් ඉන්නවා නම් ඔය චෝදනා කරන්නේ නැහැ. (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
බලු පැටවූ විකුණන එක නම්බුකාර දෙයක් (නි)
ලුම්බිණි, සමහරුන් හැම වෙලාවේම උත්සාහ ගන්නේ මවන ලද තොරතුරු සැබෑ කරන්නයි. (නි)
කවුරු වුණත් හරි දේ කරලා තියෙන්නේ බල්ලන්ට අපහාසයක්. බල්ලෝ කියන්නේ තමන් උපන් තැනට හැදෙන වැඩෙන තැනට ආදරේ කරන කල ගුණ දන්නා සත්ව කොට්ටාසයක්.මේ වගේ රට දැය ඩොලර් වලට පාවල දෙන කා අතින් වත් විකිනෙන්න තරම් පවු කල යුතු සත්ව කොට්ටාසයක් නොවෙයි. (අ)
නිශාන්ත, ඔබේ අැස්වල තිබෙන රොඩු ඉවත් කර ගන්න. (නි)
නියම වැඩේ තමයි කවුරු වුණත් කරලා තියෙන්නෙ (නි)
මුළු ජාතියම පාවා දෙමින් ඩොලර් අයට බලුපැටව් විකුනන එක ලැජ්ජාවට කාරනයක්ද? (අ)
මේ උතුරට කත් අදින එන්ජීඕ දෙන්නෙක් නේද. බල්ලෝ විකුනන්න අවශ්‍ය නැහැ රට පාවාදෙන වැඩේට ඩොලර් ලැබෙනවනේ. (අ)
ඇමතුම් දීපු මිනිස්සු හොයල තියෙන්නේ බලු පැටව්නේ ඒකට ඒ මිනිස්සුන්ට නඩු දාල මොනවා කරන්නද? (අ)
බන්දුල පෙරේරාගේ, කටේ මසුරන් දාන්න ඕන! (අ)
යුරෝපිය හෝ බටහිර රටකට වීසා ගන්න පුළුවන් "ඉන්ගන් මාරුවක්" (අ)
පිස්සුවටද මෙයාලා නඩු දාන්න ගියේ. ප්‍රචාරක ව්‍යාපාරේ නියමෙට සිද්දවෙලා තියෙන වෙලාවේ , මේගොල්ලන්ට තිබුනේ බලු පැටව් ටිකක් හොයාගෙන බිස්නස් එක පටන්ගන්නනේ. (අ)
නැවත අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ.බන්දුල මහත්තයා සහ බහුතරය හොඳටම උත්තර දීලා තියනවා. (නි)
බන්දුල පෙරේරා...මම අද ඔබ සමග එකගයි.මේක බල්ලන්ට කරපු අපහාසයක්.පුල්ලුවන් කමක් තිබුනානම් නඩු දාන්නේ බල්ලන්. (අ)
නම සත්‍යපාල වුණාට මේ ගොල්ලෝ ගැන ඇත්ත දන්නේ නැහැ. වගේ නිමල්කා ප්‍රනාන්දු ඇතුළු නඩේ තමයි ඊළම වෙනුවෙන් දෙවැනි මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට පෙනී ඉන්න ගමන්. (අ)
පව් බල්ලන්ට කරලා තියෙන අපහසේ..(අ)
වසරේ හොදම කියමන.මෙතෙක් නාපු මඩඔක්කොම හෝදා ගෙන ,අද බන්දුල ලඟ සුවඳයි (අ)
දැන්වීමේ කොහොම තිබුණත් අපි ඇත්ත තේරුම් ගන්න ඕනෑ. අපේ රටේ සමහර ලොකු ලොක්කෝ ඔය ජාතියේ බල්ලන් ගෙවල්වල තියාගෙන හොඳට සාත්තු සප්පායම් කරලා හදනවා කියලත් මම අහල තියෙනවා. (නි)
මේ අයට බල්ලෝ මරළ හරි කමක් නැ සල්ලි හම්ම්බවෙනවා නම්. (අ)
බන්දුල පෙරේරා,ඔබේ අදහස මෙතන මම කිව යුතු සියල්ල පවසනවා.මට ඊට එහා යමක් කීමට අවශ්‍ය නැහැ.නියමයි. (අ)
බල්ලන්ටත් කේන්ති ගිහින් ඇති මේ වැඩේට (නි)
දැනුවත්ව හෝ නොදැනුවත්ව බල්ලන්ටද අපහාසයක් වී ඇත. වංශවත් මෙම බල්ලන්ට ද ආත්ම ගරුත්වයක් මෙන්ම ලැජ්ජාව කියාදෙයක් ද ඇත. (අ)
මමත් බන්දුල සමග එකගයි.., ටෙනිසන් ගේ වදනත් නියමයි..!! (අ)
බන්දුල පෙරේරාගේ කියමනට මම එකඟයි. (නි)
මේක අහලා දැන් ලංකාවේ බල්ලෝ ටික ස්ට්‍රයික් කරයිද දන්නේ නෑ. (නදී)
අදනම් බන්දුල මහත්තයත් එක්ක මමත් එකඟයි. මෙන්න අත් දෙකම ඉස්ස්සුවා (නදී)
මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතාකරන එක එයාලගේ අයිතියක් ලෙසයි මම නම් දකින්නේ (නි)
කක්කුස්සි හෝදන මනුස්සයත් වැදගත් විදියට රටට බරක් නොවී ජීවත් වෙන්න තම ජීවිකාව තෝරාගෙන තියෙනවා. නමුත් නිමල්ක,රන්ජි මල්ලි තම බඩ වඩා ගන්න තෝරාගෙන තියෙන්නේ තමා උපන් රට විනාශ කරන්න බලාගෙන ඉන්න ඇමරිකාව ඇතුලු බටහිර රටවලට ලංකාව ගැන ගතු කීම. මෙයාට විය යුත්තේ මෙයාගේ අඹ යාලුවා වෙච්ච සුනිලා අබේසේකරට සිදු උන දෙයමයි . රජයේ අසාධාරණ ක්‍රියා ගැන ජනතාවගේ සාධාරණ විවේචනයක් තියෙනවා තමයි. නමුත් මේ අය තෝරාගෙන තියෙන්නේ විපක්ෂය වත් නොකරන දෙයක්. ඒ මිනිස්සුත් ආණ්ඩුව එක්ක කොච්චාර තරහ උනත් රටට ආපදාවක් වෙනකොට සතුරන්ට එරෙහිව කතා කරනවා. එ්ක තමයි රටට ණය නැති දරුවන්ගේ ලක්ෂණය. (ස)
මේවා අහල මට කට ඇරුනම ඇඟේ වෙනත් තැන් වලිනුත් හිනා යනවා (නදී)
බන්දුලට කේන්ති ගිහින් වගෙයි (නි)
සුද්දන්ගෙන් ලකුණු දාගන්න රට පාවාදෙන අය බලන්ට සමාන කරන්න එපා. බල්ලෝ එහෙම කරලත් නැහැ කරන්නෙත් නැහැ. මම ඉන්නේ විදේශ රටක. අපි අපේ රටේ හොද කියනවා නම් සුද්දෝ අස නැහැ. සුද්දෝ හරි සතුටු වෙනවා අපේම කට්ටිය අපේ රටට බනිනවානම්. (අ)
රට කොටස් කර විකුණනු ලැබේ කියල ලිව්වා නම් තමයි හරි (අ)