පිරිමි තිදෙනකු සමග අඩ නිරුවතින් ගම්පහ කෙටවල වේල්ල අසළ දිය නාමින් සිටි ඇඟළුම් සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
18 හැවිරිදි තරුණියන් දෙදෙනා බීමතින් සිටි බවත්, උඩු කයට පමණක් ඇඳ සිටි බවත් පොලිසිය කියයි.
දුම්රිය පාර අයිනේ ප්‍රසිද්ධ ස්ථානයක එලෙස සිටිය නොහැකි නිසා ඔවුන් පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරන්න එපා, මිට වඩා කොයි තරම් වරදවල් තියෙනවාද අල්ලන්න ලංකාවේ (දී)
බස් වල යනවා කොටට ඇදලා ඒ අය අල්ලනේ නැහැ, ඇයි ඒ අයට බයද, උඩු කය බාගෙට වහගෙන ටී වී එකේ නටන කට්ටිය? එතකොට බීච් වල නාන කෙල්ලෝ ? මේකයි ලංකාවේ පොලිසියේ තත්වේ (දී)
මොකද දෙවියනේ ගම්පහටම මේවා වෙන්නේ? (ත)
මොනව වෙයිද දන්නෑ. (ත)
බිල හිටියනම් වැරද්දක් (දී)
අඩ නිරුවත් නිසා නම් පොලීසියෙන් ඇල්ලුවේ ඔෆිස් යන කෙල්ලෝ කීදෙනෙක් අල්ලන්න වේවිද? ඔය වගේ අහිංසකයෝ තමා අල්ලන්නේ (ත)
මොකද මේ ලංකාවට උන විනාසය. (ත)
අපොයි අපේ රටට ගිය කලක්... (ත)
අම්මලා දන්නේ නැතිව ඇති දුලගේ හැටි (ත)
කොල්ලන්ට විතරද ඕන විදියකට ඉන්න පුළුවන්? (ත)
පහත් තැනින් යයි ගලා ජලේ (දී)
පොලිසිය මානව අයිතිවාසිකමක් උල්ලංඝනය කරලාවද්ද? (නි)
පොලීසියේ කට්ටියව දණ ගස්වයිද දන්නේ නෑ? (ත)
අත්අඩංගුවට ගන්නවානම් මිට වඩා වැරදි තියෙනවා, යන්නකෝ රාත්‍රී සමාජ ශාලාවකට, සිහිය නැතුව වැටෙයි (දී)
මේවා තමයි විහිලු (දී)
එතකොට තරුපහේ හෝටල්වල බිකිනි ඇදගෙන හැමතැනම ඉන්නේ එම කාන්තාවන්ගේ අඟපසඟ සේරම එලියෙනේ.හොඳට පෝයටත් බොනවා.මොකද මේවා අල්ලන්න බයද? (දී)
කොහොමත් නානකොට යටට අදින්නේ නැනේ. වැඩේ වැරදිනම් බැනල එලෙව්වනම් ඉවරනේ. (ත)
දහසක් බුදුන් බුදුවෙනවා කියපු හිමිදිරි පාන්දර හෙලදෙරණේ වෙන අශිලාචාර දේවල් දැක්කම පිස්සු හැදෙනවා ආයුබෝවන්.... (නි)
මාර්ස්ගේ කතාව නම් හරියටම හරි. (නි)
කොහොමද දන්නෙ නැහැ යට ඇදුම් ඇදලද නැද්ද කියලා පරීක්ෂා කළේ? (නි)
ඔය ළමයින්ව අල්ලගෙන යන ගමන් අර නාලිකාවක වැඩ කරන කෙනෙකුත් ඉන්නවා යකඩ වගයක් හොරෙන් විකුනන්න ගිහින් මාට්ටු වෙලා වරෙන්තු පිට. එයාවත් උසාවියට ගිහින් දෙන්න. ඉන්න තැන හොයා හොයා ඉන්න ඕනෑ නැහැ දන්නවා නේ. (නි)
හොඳ වැඩේ, ලොකු නෝනලා මහත්තරු හෝටල් වල, ස්පාවල කරන දේවල් කරන්න ගියාට. (නි)
මාර්ස්, ඔයා කොහෙද අනේ ඉන්නේ? අඩ නිරුවතින් ඔෆිස් යන ගෑනු ළමයි? ඔයා ඉන්නේ මාර්ස් වලද? (නි)
එතකොට අර රත්තරන් වාහිනී එකේ ඉරිදා උදේට මන්ත්‍රීතුමියක් උඩු කය පමණක් වහගෙන පෙනී එන්නේ. එක පොලිසිය දැක්කේ නැද්ද අප්පා......... (නි)
කොහොමත් මේ තරුනියෝ බිලා ඉදලා තියෙන්නේ. ඉතින් ඇදුම් තිබුනද නැද්ද කියලා දන්නේ නැතිව ඇති. (නදී)
නාගන්නත් පොලිසියෙ අවසරයක් ගන්න වෙයි වගේ. ෂික් විතරක්! මෙච්චර හොරු අපරාධකාරයො ඉන්න රටේ නනා ඉන්න පොඩි උන්ව අල්ලගෙන එන හැටි? (නි)
ගමේ අයත් මෝඩයෝනේ. මොකට ඕවා පොලිසියට කියන්න ගියාද?(නි)
ලිං වල නානකොට කාන්තාවන් කොහොමත් උඩුකයට තමයි අඳින්නේ. ඒකට කියන්නේ දිය රෙද්ද.මේක හරි වැඩක් නේ, නාන කාමර වල විතරද නාන්න පුළුවන් ? (නි)
මේ දවස්වල ලංකාවේ පොලිසියත් ඉන්නේ හෙළුවෙන්නේ. ඒ නිසා සේරමලා හෙළුවෙන්. ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් වුනාට අපේ සදාචාරය සංස්කෘතිය හොලිවුඩ් වලටත් එහාට ගිහින්. දැන්නම් අපි ආශ්චර්යයේ දොර ගාවට ඇවිල්ලා වගේ (නි)
මේක සිංහල රට. ලෝකේ කොහෙවත් සිංහල මිනිසුන්ට වෙන රටක් ඇත්තේ නැහැ.අපේ රටේ ගෞරවය නැති කරන අයට දඩුවම් දෙන්න ඕනෑ. එත් ලංකාවේ දැන් වෙන දේවල් එක්ක බලද්දී මේක අහිංසක ලිංගික ආශාවක් ඉටුකර ගැනිමක්. කෙල්ලෝ බීලා හිටිය නම් එක ලොකු වරදක්.කොහොම වුනත් පොලිසිය අල්ලන්න ඕනෑ දේවල් නෙමේ අල්ලන්නේ. (නි)
අඩ නිරුවතින් නෑම කෙසේ වෙතත් බීමතින් නෑම අනතුරුදායකයි. (නදී)
අපේ ලංකාවට ජයවේවා! මේකට තමයි කියන්නේ අර මුසල්මානුවන් වගේ ඇඟ සම්පූර්ණයෙන් වහගෙන ඉන්න එක හොඳයි කියලා. අපේ සිංහල ගැහැණු ඕවට කැමති නැහැ නොවැ. (නි)
කෙටවල ටියුෂන් පන්ති කට් කරන අය ගොඩක් ඉන්නවා. ගිහින් බොනවා. මමත් කලක් ගියා (නි)
ගමේ කව්රු හරි කෝල් කරන්න ඇති පොලිසියට. එහෙම නොකර ,කෙටල පිති ටිකක් කපලා වතුරට දැම්මා නම් දවසම කහ කහ ඉන්න වැඩේ කරන්න තිබුනා (නි)
මේවා මානව අයිතිවාසිකම්. මීට නිදහස තිබිය යුතුයි (නි)
එහේ වෙන වැඩවල හැටියට ඕකත් මොකද්ද කියලත් හිතෙනවා. ඉහලගම පැත්තේ කොල්ලන්ගෙන් ඇහුවොත් පොතක් ලියන්න කතා අහගන්න පුළුවන්. මම කියන්නේ බොරුද කියලා ගම්පහ නගරයේ අහල පහල කට්ටිය දන්නවා (නි)
පොලිසියේ අය හොඳට කෙල්ලෝ දෙන්නව පරික්ෂා කරලා වගෙයි. අනික නානකොට කව්ද ඇඳුම් අදින්නේ? (නි)
ප්‍රියන්ත හරි. නානකොට මොකටද ඇදුම් අදින්නේ? (නි)
කෝ මේ බොදු බල සේනා? අනාගත දරුවන්ගේ අම්මලා වෙන්න ඉන්න අය නේද මේ? මෙයාලා මෙහෙම හැසිරෙනකොට කොහොමද බොදු බල සේනා මුස්ලිම් කාන්තා ඇඳුමට දෝෂාරෝපණය කරන්නේ? අයියෝ! අයියෝ! අපේ සිංහල කෙල්ලන්ට ගිය කල! (නි)
බලන්න. මෙතනදීත් අන්‍ය ආගමිකයෝ බලන්නේ බුදුදහමට නිගා කරන්න (නි)
දියට අඳින ඇඳුම අඹුඩය විනා අමුඩය නොවේ. (නදී)
අපරාදේ ඒ කෙල්ලෝ මුස්ලිම් නම් අපට ගොඩක් අදහස් ලියන්න තිබුණා නේද? (නි)
මෙපමණ රටේ හොරු ඉන්න එකේ පොලිසිය අල්ලන්නේ පොඩි සතුටක් ගන්න අයවනේ. හික්කඩුව පැත්තේ වෙරළට ටිකක් යන්නකෝ බලන්න (නි)
මේ එංගලන්තේවත් ඔය වගේ නැහැ. අනේ ලංකාවට ගිය කලක්. (නි)
එයාල පොඩි වැරද්දක් කරලා. සම්පූර්ණ නිරුවතින් නාන්නනේ තිබුනේ. අත්අඩංගුවට ගත්තේ අඩනිරුවතින් නාපු නිසා මගේ හිතේ(නි)
නාලක, මොන මෝඩ අදහස්ද මේ දක්වලා තියෙන්නේ? (නි)
නිදහස් රටක නිදහසේ ජීවත් වීමේ අයිතිය සහ නිදහසේ තමන්ගේ කටයුතු කර ගැනීමටත් අයිතිය තියෙනවා. නමුත් නිදහස අයුතු ලෙස පාවිචි කරලා අන් අය අපහසු තත්වයකට පත් වේ නම් නීතිය මගින් ඒවා පාලනය කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය (නි)
මේක සම්පුර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩක්. පොලිසියට බැහැ ජනතාවගේ නිදහසට බාධා කරන්න. ඔබලාට බොදු බල පිහිට වීමට සලස්වන්නම්. (නි)
මතට තිත තබා තිබෙන රටක බීමතින් සිටීම වැරදියි. ඉතා සංවර ලෙස පමණක් ඇඳුම් අඳින කාන්තාවන් සිටින රටක තරුණියන් අඩ නිරුවතින් ස්නානය කිරීම වැරදියි. තරාතිරම නොබලා දඬුවම් කල යුතුයි.(නදී)
අම්මෝ මම බයවුණු තරමක්! මේ අපේ වැවේ නාන තුන්දෙනද කියලා. වෙලාවට ඒ අය නෙමෙයි (නි)
බලාගෙන නංගියෝ, ඇළවල් වල මාලු ඉන්නවා (නි)
වැඩක් ඇති දේවල් වලදී පොලිසිය නිදි. හසිත අපි සිංහල නොවෙයි දැන් ඔක්කොම කණපිට. ආදි කාලේ අපේ කාන්තාව උඩුකය නිරුවතින් සිටි බව, අයියයි මල්ලියි දෙන්නටම එක කාන්තාවක් සමග දීග කෑවා කියලා දන්නේ නැහැ. ලංකාවේ ඉතිහාසය කවුරුත් දන්නේ නැහැ. හින්දි සින්දුවක් හෝ හින්දි නළු නිලියෝ ගැන ඇහුවොත් ලස්සනට කියයි. අපේ මිනිස්සු ජීවත්වෙන්නේ ඉන්දියාවේ.(නදී)
අනේ මේ වෙරෝන චතුල කියන්නේ නම් මොන ජාතියේ මෝඩයෙක්ද කියලා (නි)
ෂෙරිෆ්, මේක බෞද්ධ රටක් නිසා මෙහෙමවත් මේවා රැකිලා තියෙනවා. වැරදිලාවත් අරාබියක් වුනා නම් බලන්න තිබුණා රඟේ.... (නි)
රෙදි නැන්දලා මේ කෙල්ලන්ට හරියට චාරිත්‍ර කරලා නැතිපාටයි. නැවත වරක් සතියක් කාමරයක තියලා නැකතට නාවලා චාරිත්‍ර කලොත් ලැජ්ජා බය ඇති වෙයි සමහරවිට.(නි)
එතකොට අර සීගිරියේ කාන්තාවෝ නෑවේ කොහොමද දන්නෙ නැහැ (නි)
කොහේද බොදු බල සේනා ?(නදී)
සල්ලිකාරයන්ගේ දුලට විතරයි හොද.පොඩි අයට තමා සංස්කෘතියයි, හැදියාවයි ඔක්කොම. (නි)
එතකොට මේ පිරිමි තුන්දෙනා බිලා හිටියේ නැද්ද? ඔවුන්ගේ යටිකය ආවරණය වෙලාද තිබුනේ? නැත්නම්, පිරිමි නිසා ඒක ප්‍රශ්නයක් නැද්ද? (නි)
ප්‍රසිද්ධ ස්ථානයක නිරුවතින් නාන එක වරදක් කියලා නොතේරෙන තොත්ත බබ්බුත් ඉන්න එක තමයි පුදුමයට කාරනාව...එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් කියවලා ඒක නොතේරෙන අය වෙන්න ඇති.(නි)
දුෂණ මර්ධන අංශයෙන් ඇල්ලුවා නම් ඉතින් වරදක් නැහැ (නි)
අපොයි දෙයියනේ මගේ රටට ගිය කලක්.... ! ඉන්දියාවත් එක්ක තරග කරන්න යනවද කොහෙද?? (නි)
යුනිෆෝම් එක ගලවලා, මෙයාලටත් නාන්න කතා කලාද දන්නෙ නැහැ නංගිලා දෙන්නා? (නි)
මමනම් කියන්නේ පොලිසිය එසේ කලේ නැතිනම් මෙවන් සිද්දීන් සාමාන්‍ය කරණය වෙනවා, ඒක සමාජ පරිහානයේ මුලාරම්භයයි (දී)