බිල ගෙවන තුරු නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි මළ සිරුර වහා මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රෝහලට අද නියෝග කළේය.
මිය ගිය දළුවත්ත පටබැඳිගේ තිලක් දළුවත්තගේ දේහය මුදා හැරීමට රුපියල් 14 ලක්ෂයකට මදක් වැඩි මුදලක් රෝහලෙන් ඉල්ලා ඇති බවත් අධිකරණයේ දී සඳහන් විය.
කෙනකුගේ මිනියක් අනවසරයෙන් රඳවා ගැනීමට කිසිවකුටත් බලයක් නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
රුපියල් පන් ලක්ෂයකට හෘද සැත්කම කරන බව කියා මිය ගිය පුද්ගලයා රෝහලට ඇතුළු කළ බවත්, මුලින් තුන් ලක්ෂයක් ගෙවූ පසු සැත්කම කළ බවත්, සැත්කමින් පසු අසාධ්‍ය වූ නිසා රෝගියා කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ඉල්ලුවත් තවත් රුපියල් 16 ලක්ෂයක් පමණ ඉල්ලූ බවත්, පසුව ඔහු මිය ගිය පසු දේහය නුදුන් බවත් මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික රෝහල් වහාම නියාමනය කළයුතු අතර, වහාම ගාස්තු පාලනයක් ඇති කළයුතුයි. රජයෙන් ගාස්තු ගෙවා බෙහෙත් ගතහැකියි. අංග සම්පුර්ණ රෝහලක් හදමු. එවිට අනෙකුත් රෝහලුත් ඉබේම පාලනය වේවි. (නි)
මේ වගේ දේවල් අඩු වැඩි නැතුව ලංකාවේ හැම පුද්ගලික රෝහලකම වගේ කරනවා. රෝගියාගේ ලෙඩ සනීප කරනවට වඩා කරන්නේ ලෙඩා මරාගෙන කන එක (නි)
ඔබ රජයේ රෝහලක අවසන් මොහොත ගතකරනවිට ඔබට වැටහේවී එහි අමාරුව. සල්ලි ගියත් පෞද්ගලික රෝහල් වල ලැබෙන පහසුව ගැනත් බලන්න ඕනෑ. රජයේ රෝහල් හොඳයි කියන නිසා මමත් මගේ පියාව පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලකට ගෙන ගියා. ලෙඩාට මොන අමාරුව තිබුණත් හෙදියන්,දොස්තරලා හොයාගෙන අපි දුවන්න ඕනෑ. අන්තිමට තාත්තා නැතිවුණා.මම අදටත් දුක්වෙනවා කරපු වැඩේට. (නි)
ධනවාදී ආර්ථික ක්‍රමයේ අශිෂ්ට බවට එක උදාහරණයක් (නි)
සිරුර මුදාහැරලා ගනුදෙනු ගැන පස්සෙ කතාකළා නම් තමයි වැදගත්. (නි)
ඔබට අන්තර්ජාලය හරහා සියලු රටවල වෛද්‍ය සභාවන් වල ලියාපදිංචිවුවන් සොයාගත හැක (නි)
මේ රෝහලේ විතරක් නොවෙයි තව තව තැන්වලත් මෙහෙම තමයි
අනේ දෙවියනේ මුදලට ජීවිතයක වටිනාකම යටව තිබෙන හැටි? (නි)
බිල් වලට මළමිනී ඇපය ගන්නා ඔය රෝහල් සැපයුම් අංශ නම් ඉතාම දුෂිතය. (නි)
පද්මෙන්,කවුරු මොන කතා කිවුවත් රජයේ ආයතන වලින් හොඳම සේවය වෙන්නේ රෝහල් වලින් පමණි. අනික රෝහල් වලට තිබෙන සම්පත් වලින් තමා වැඩ කරන්නේ. හුඟක් තැන් වල අඩුපාඩු ගොඩයි. (නි)
ලෙඩා මියගියා නම් මොකටද බිල ගෙවන්නේ. (නි)
අවසානයේ ගොඩගන්න බැරිවුණාම පෞද්ගලික තැන් වලින් ආණ්ඩුවේ රෝහල තමා පිහිටට එන්නේ. (නි)
වෙදැදුරන් කියා කිවහැකිද මොවුන්ට? (නි)
දැන්වත් තේරුම්ගන්න නිදහස් සෞඛ්‍යයේ වටිනාකම (නි)
අනේ අම්මපා මෙහෙමත් සමාජයක්? (නි)
අපේ ආණ්ඩුවේ රෝහල් අපේ මිනිසුන්ට අගයක් නැහැ. (නි)
ලෙඩා මැරුනත් සල්ලි? මෙහෙමත් රෝහල්? (නි)
පුද්ගලික වෙදකමේ අරුමය පෙනේද? (නි)
තවත් මෙවන් දේ නොවෙන්න නම් ලෙඩාගේ ජීවිතයටත්, වූ අපහසුතා වලටත් වන්දි ගෙවන්න කියලා පෞද්ගලික රෝහලටම නියෝග කරන්න ඕනෑ (නි)
ඔය මැරෙන්නේ නැති මිනිසුන්,සල්ලි වලට මිනිස් කම විකුණගන්න කට්ටිය.(හේ)
මේ දේ නම් අසාධාරණයි.(හේ)
නිදහස් සෙෘඛ්‍ය රැක ගනිමු.(හේ)
යම්කිසි අදායම් මට්ටමකින් ඉහල සැම පුරවැසියකුටම ආරක්ෂණ ක්‍රමයක් ඇති කරන්න . මාස පතා ගෙවන විදියට ( ඉන්සුවරන්ස් )අඩු අදායම් අයට පමණක් නොමිලේ ප්‍රතිකාර කළ යුතුයි. (ම)
පෞද්ගලික රෝහල් වලට විධිමත් නියාමන ක්‍රමවේදයක් ඇති කිරීමට කාලයයි මේ උදාවී ඇත්තේ. (නි)
අනේ අපේ රටේ සෞඛ්‍ය සේවයට ගිය කල! (නි)
ලංකාවේ ආරෝග්‍යශාලා මුදලට වැඩ කිරීම සම්පුර්ණයෙන්ම නවත්වන්න, මෙය ශ්‍රීලංකාවේ ජනදිපතියි දැනගතයුතු කරුණකි. මෙවැනි ක්‍රම යුරෝපාරට වලට සුදුසු ක්‍රමයකි ඔවුන්ට මුදල් ඇත, එය ඩොලරය, යුරෝය, රුපියලට මුකුත් කල නොහැක, ශ්‍රීලංකාවට නොබින දේවල් වහාම නවත්වා සියලුම රෝහල් ජනසතු කර එය කොමිසමක් මගින් යම් සාධාරණ මුදලකට කටයුතු කරනවානම් එය එත අගනේය.(ම)
විදුලි සංදේශන නියාමන කොමිසම (TRC ) වගේ පෞද්ගලික රෝහල් වලටත් නියාමන කොමිසමක් පටන් ගන්න .(ම)
මියයන්නට පෙර ජාතික රෝහලට මාරුනාෙකිරීම ගැන සොයාබැලිය යුතුයි (නි)
කොහොමත් මෙම රෝහල ගසා කන්න ප්‍රසිද්ධයි (බ)
ලංකාවේ තිබෙන බොහොමයක් පුද්ගලික රෝහල් බොහොම අසාධාරණ සහ කැත විදියට ලෙඩුන්ගෙන් මුදල් සූර කනවා. මේවා සහ ගහන අපරාධ සහ මොවුන් කටයුතු කරන්නේ හරියට පින් පවු ගැන කිසිම බයක් නැතුව. රජයේ මැදිහත්වීමෙන් ස්ථිර ගාස්තු ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. (බ)
මේ වගේ තව නීති තදකරලා රෝහල් වලින් කරන මේ මහා ගසාකෑම නවත්වන්න ඕනෑ (නි)
බොහොම හොඳ පාඩමක් පුද්ගලික රෝහල් සේවයට වඩා මුදල තමා බලාපොරොත්තුව.(ම)
මේකේ වරද අනෙක් හැමදෙයකටම වාගේ රටේ නීතියක් නැතිකම. මිනිස්සු සූරාකමට ඇති ඉඩකඩ.දැන් වෙන රටවලත් ඔහොම වෙනවද? (නි)
විනිසුරුතුමනි, ඔබේ තීරණය අතිවිශිෂ්ට තීරණයක්.(නි)
දැන් හැමදේම මුදලට යටවෙලා (නි)
අධිකරණයට හිස නවමු. ස්තුතියි! (නි)
මේ රෝහල්වල සැත්කම් සිදුකරන්නෙත් රජයේ රෝහල්වල සේවය කරන දොස්තරලාම තමයි.ඒගොල්ලො එයාලගෙ ගාන ආයතනයට කියනව. ආයතනය එයාලගෙ ගානත් එකතු කරල ලෙඩාට කියනව. අන්තිමට ලෙඩා මළත් බඩ සුද්දයි (බ)
ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති දැන් ජනපති. ජනපතිතුමනි, ඔබට බාරයි මේ අනාගතය. සෑම පුරවැසියෙකුටම ඉහළම වෛද්‍ය සේවයක් නොමිලේ ලැබීමට අයිතියක් තිබිය යුතුය. (නි)
පේනවා නේද මිනිස් ජීවිතයක ඇති වටිනාකම? (නි)
පේනවා නේද නිදහස් සෞඛ්‍යයේ වටිනාකම? (නි)
"කලියුගයේ ජීවකලාගේ ජීවිත වෙළඳාම" (නි)
දේශීය වෛද්‍යවරයෙක් අතින් රෝගියෙක් මියගියොත් ඔහු 'හොර වෙදා' කියලා හංවඩු ගහලා ඔහුව එහෙම පිටින්ම නැතිකරලා දානවා. සුද්දන්ට ගැති වහල් මානසිකත්වය අපේ මිනිසුන්ගේ ලේ වලටම කාවැදිලා (නි)
අද කාලේ මුදලට තමයි හැමදේම (නි)
නම ලංකා හොස්පිට්ල් වුණාට 'ලංකා' කියන නමටත් ලැජ්ජයි (නි)