(සුජිත් හේවාජුලිගේ )
ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ ජල පාරිභෝගිකයන් ලබාගත් ජලය වෙනුවෙන් ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි දහයකට ආසන්නය.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පිරිසට දේශපාලනයට සම්බන්ධ පිරිස්, රාජ්‍ය ආයතන, ව්‍යාපාර ස්ථාන ආගමික ස්ථාන හා විවිධ පුද්ගලයෝ ඇතුළත් වෙති.
ලක්ෂ පහ හය වටිනා බිල්පත් ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන්ද මේ පිරිස අතර වෙතියි මණ්ඩලය සඳහන් කරයි.
මේ අයගේ ජල සැපයුම් දැනටමත් විසන්ධි කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නොගෙවූ මැති ඇමතිවරු?
ඊළඟ පුවත පුළුවන්නම් දාන්න. බිල් නොගෙවපු ඇමැති, මන්ත්‍රීන්ට නඩු දැම්මා කියලා ලිසිට් එක...
මණ්ඩලය ජලය දෙන්නේ ගිවිසුමක් ඇතුව නොවෙයිද? එහෙම ගිවිසුමක් ඇත්නම් එය කැඩී ඇත්නම් නඩුපැවරීමට තවත් පාර්ශවයන් සම්බන්ධ කරන්නේ මොකටද කියලා අහන්නේ නොදන්නා කමටයි... එතැනින් එපා කිව්වොත් පාඩුව බිල් වැඩිකර ජනතාවගෙන් අය කරනවද?
එතොකට එයාලගෙ ලයින් එක විසන්දි කරලද තියෙන්නේ? අපිටනම් එක මාසයක් ගෙව්වෙ නැත්නම් රතු බිල. ඊට පස්සේ කෙලින්ම ලයින් එක කපනවා.