නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝදනය යටතේ බලතල විමද්‍යගත කරන බව කීවේ අප නොවේ ජනාධිපතිතුමාය. 13 න් එහාටත් යන බව එතුමා කීවා.
ඒ නිසා අපි රජය සමග මේ ගැන සාකච්ඡා කරනවා. රජය අපිට හරි පිළිතුරක් නොදුන්නොත් ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කරනවා. ඒ දේ ඒ වෙලාවට බලමු යනුවෙන්ද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.
දෙමළ සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කතා කරමින් 13 වෙනි ව්‍යවස්ථාවෙන් වන බලතල උතුරු පළාත් සභාවට අවශ්‍ය බව කීවේය.
දෙමළ ජනතාවගේ අන්‍යයතාවය සංස්කෘතිය වැනි කරුණු වලදී ස්ව්‍යං තීරණ ගැනීමේ අයිතියක් අවශ්‍ය බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් එක්කත් කතා කරනවද? (නි)
ලෝකෙටම පෙනෙන්න සුක්ෂම විදිහට එක පක්ෂයක් හදාගෙන වැඩේ ආරම්භ කළා. (නි)
ඔය වැඩවලට හොඳම විසදුම පක්ෂය 2ට 3 ට කඩන එකයි (නි)
13 නරක අංකයක් (නි)
කට කට....
ලංකාවේ ජනතාව පවු කියලත් හිතෙනවා (දී)
චන්දයක් තිබ්බා ජනතාව චන්දෙ දුන්නා අන්තිමට ඒ කට්ටිය දින්නා ජනතාව පරද උන (දී)
රාජේශ්, තමුන්ලට කිරිබත් හොද කොච්චි ලුණු මිරිසකුත් එක්ක ආයි කන්න හිතිලා වගේ (නි)
"රාජේශ්" වැඩිය දගලන්න එපා,අපිත් ඉන්නේ අවදියෙන් (දී)
දෙමල අය නිතරම සුද්දන්ගේ පස්සේ යනවා,පිහිට පතනවා.ලන්දේසින් මේ අයට වෙනම නීතියකුත් හදලා දීල තියෙනවා.තේසවලාමේ නිතිය කියලා. ඒක නිසා ඉන්දියාවත් සමග කතා කළාට වරදකුත් නැහැ. (නි)
දිවි හිමියෙන් දිනාගත් මව්බිමේ වැසියනි පටි තදකර ගනිව්.ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි නැවතත් නැගෙමින් එන බව පෙනේ. (ස)
එක රටක්, එක ජාතියක්,.... මොනවද මේ කතා? (නි)
ඔබ නිවසේ ප්‍රශ්න ඔබ නිවස තුල විසඳා ගන්න. අන් අයට ඇඟිලි ගහන්න දෙන්න එපා. (ස)
දැන් ඉතින් තියෙන්නේ හමුදාව අයින් කරගෙන පොලිස් බලතල ඉඩම් බලතල දීලා අර සින් එක්ක හිනා වෙලා ඔලුව කසන එක විතරයි.තව පළාත් අටක් තියෙන්නේ.ඒ මදෑ හොදටම (නි)
උතුරේ මිනිසුන්ව රවටන්න නොහැකි බවත් ඉතිහාසය අමතක නොවන බවත් ඉතාම පැහැදිලිය (නි)
අනේ මගේ රට ආරක්ෂා කරන්න
මගේ සුභ පැතුම්!!! (නි)
සිංහලයන් සිංහලයන්ටම ගැහුවා ක්‍රිස්තියානි කරා මිනිස්සුන්ට හරි හිරි හැර කළා පල්ලි කැඩුවා දැන් බලමු මොකද වෙන්නේ කියලා (දී)
සාධාරන ලෙස ඔවුනට බලතල ලබාදී එක රටක් ලෙස ඉදිරියට යමු. (නි)
දැන් කිබුල් කදුළු හලන්න එපා ඔය අදහස් දාන අය.පේනවනේ ප්‍රතිපල... අපි කිරිබත් දෙන්නද ඔයාලා අපට දෙනවද... (නි)
අනේ මෝඩ සිංහලයනි, ඇයි මෙවැනි අදහස් දාන්නේ? පොඩ්ඩක් සුබවාදීව හිතන්න පුරුදු වුනොත් හොඳයි (නි)
රාජේශ්,ඔයාලා කිරි බත් කන්න. අපි පස්සේ ඕනෑ නම් පරිප්පු ටිකක් එවන්නම්, තව ඉතුරු වෙලා තියෙනවා (නි)
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය මිස ඉන්දියාවේ අමුතු ඇටයක් නොවන බව විග්නේශ්වරන් මහතා මතක තබා ගන්න. (නි)
දෙමළ මිනිස්සුන්ගේ එකමුතුකම අපේ සිංහල අයගේ තිබුනා නම් ..ඡන්ද ගන්න අපේ මිනිස්සු හැම ජාතියම ආගමම එක වගේ කියලා ඉල්ලන් කනවා. (ස)
කියලා මොනවා කරයිද අපිට. (නි)
සිංහල ආත්මාර්තකාමියෝ දෙමළ ජනයාගෙන් පාඩමක් උගත යුතුය. ඔවුන් භෞතික සම්පත් වලට කෑදර උනේ නැත.ඔවුනට අවශ්‍ය සදාචාර ,භාවාත්මක නිදහසයි. 1947 සිට දෙමළ ජනයා පාවාදුන් දෙමළ නායකයින් ඔවුන් විසින් දුරු කොට ඇත.සිංහලයා තම ප්‍රයෝජනය තකා තම ආත්මය පවා විකුණා ඇත. (ස)
දෙමල අයට වෙනම පාලනයක් ඕනෑ නෙම් අනිත් පළාත්වල ඉන්න සියලුම දෙමල අය ඒ පළාත් අතහැර දාලා උතුරට යා යුතුයි. එකගද.... (නි)
බල තල ගැන රජය සමඟ සාකච්ඡා කරනවා? විග්නේෂ්වරන් යාපනයේදී සිංහලෙන් කියයි හා හා හි ස්වයං තීරණ කියන්නේ ස්වයං පාලනයට. ඒ කියන්නේ වෙන පාලනයකට හෙමින් හෙමින් යන එකයි.පළාත් සභා වල මේ කියන බලතල බෙදීම නැහැ. එහෙම වුනොත් ලංකා භූමියේ අවසානය.විශේෂයෙන් සිංහල බෞද්ධයාගේ මලගම. (ස)
සමහරු 13 ගැන කතා කරනවා.
සිංහලයා තරම් මිත්‍රශීලී ජාතියක් ලෝකෙ කොහේවත් නැහැ.ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කලොත් හොඳයි. හැබැයි ඔවුන්ගේ මිත්‍රශීලී බව සමහර අය මෝඩකමක් සේ හිතලා කාරේ නගින්න හදනවා.එතකොට ඉතින් ඔවුන් කේෂර සිංහයා වගේ ගොරවනවා.විග්නේශ්වරම් මහතා සිංහල අපෙත් ඥාතියෙක් නිසා උතුරේ ප්‍රශ්නය ඉතා සාධාරණව විසඳා ගන්න පුළුවන් වේවි.ඔහු කොටි රූකඩයක් නොවෙන නිසා සුභවාදිව හිතමු.ඒත් අපි සමඟිය සහ සංවර්ධනය ප්‍රිය නොකරන ලේ පිපාසයෙන් පෙලෙන රටවල් සහ පුද්ගලයන් ඔහුව පාවිච්චි කිරීමට ඉඩ ඇත.අපි ඉතාම බුද්ධියෙන් සිටිය යුතු වකවානුවකි.කරුණා කර මෙය සංශෝධනය කරන්න එපා. (ස)
දකුණේ ඉදන් පුස් වෙඩි පත්තු කරන්නේ නැතුව පොඩ්ඩක් සුබවාදීව බලමුද වෙන්නේ මොනවද කියලා (නි)
මුලික පියවර වෙනම රටක් පිහිටවීමේ ආරම්භය වීමට හැක (නි)
එකම ජාතියක් විදියට හිතන්න බැරි සිංහලයට හොඳ පාඩමක්. එහෙම හිතන අයට කිව්වේ ජාතිවදියෝලු. ඔහොම යන්නකෝ. (නි)
රමේෂ්, ප්‍රබාකරන්ගෙන් ඔයාලව නිදහස් කර ගත්තටද කිරිබත් දෙන්නේ (නි)
සමාජවාදී සර්ව සාධාරන මහතුරුනි, දැන් පෙනෙනවා නේද ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා (නි)
13වෙනිව්‍යවස්ථාව ආවට ගියාට දෙන්න බැහැ ඒකට ජනමතය විමසන්න ඕනේ. අපි එතකොට බලමු විග් දැන් ලැබුන දෙයින් රටට වැඩක්කරමු (අ)
විග්නේෂ්වරන් මහතාණනි, රජය හරි පිළිතුරක් නොදුන්නොත් ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කිරීමට යෑම නීතියට පටහැනියි. ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බව අමතක වුනාද? (නි)
" අපි කිරිබත් දෙන්නද ඔයාලා අපට දෙනවද..." කෙහෙල් ගෙඩි ද පොල් ගෙඩි ද? (නි)
මේ ප්‍රතිපල දිහා බැලුවාම පේනවා කොතරම් සංවර්ධනය කළත් උතුරේ ජනතාව ඉල්ලා සිටින්නේ දකුණේ සිංහල රජයක පාලනය නොවෙන බව.අපි කලබල විය යුතු නැහැ.ලොව බොහෝ රටවල මධ්‍යම රජයේ පාලනයෙන් මිදී ස්වාධීනව පාලනය ගෙනයන ප්‍රාන්තයන් කොතෙකුත් තියනවා. (නි)
උතුර ජනතාව ඡන්දෙ දුන්නේ රට බෙදන අදහසින්... වයඹ ජනතාව ඡන්දෙ දුන්නේ මේ රට කවදාවත් බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියන අදහසින් (නි)
කලබල වෙන්න එපා,ඔයාලා දාන අදහස් ගොඩක් වටිනවා,ලියන දේ ගැන දෙවරක් හිතලා ලියන්න.ආවේගයට නොලියන්න.විග්නේශ්වරන් මහත්තයෝ, ඔබ උගතෙකි.සමස්තයක් හැටියට ශ්‍රී ලංකාවේ දෙමල බහුතරය නුගත්.ඔබට ලොකු වගකීමක් තිබේ. (නි)
නුඹලා ස්වයං තීරණ ගනිල්ලා ඉන්දියාවේ තමිල්නාඩුවට ගිහිල්ලා මෙහෙ බැහැ (ස)
13 න් එහාට 14 හරි 15 හරි තමා .. (ස)
පේනව නේද දෙමළ ජනතාවගෙන අපේ උන්දැලට ගන්ඩ පුලුවන් පාඩම් තමා මේ ඡන්දෙන් පෙන්නුවෙ. සිංහල මිනිස්සු එකාට එකා ඇන කොටාගනිද්දි බත් පැකට් එකට ෆෝන් එකට මනාප දෙද්දි ඒ මිනිස්සු රජය මොන තරම් සංවර්ධනයක් කරල දුන්නත් තමන්ගෙ ජාතිය ගැන හිතල ඡන්දෙ දුන්නෙ. මම හිතන්නෙ අපේ නායකයො මේ විදිහට හැසිරුනොත් සිංහල ජාතිය සුළු ජාතියක් වෙන දවස වැඩි ඈතක නෑ. (අ)
එන්නකෝ දෙන්න (නි)
ඔන්න වැඩ පටන් අරගෙන... (නි)
පොඩ්ඩක් නවතින්න.විග්නේශේරන් මහත්තයා ප්‍රබා සමග සංසන්දනය කරන්න එපා.මේ මහත්තයා උගත් කෙනෙක්.(අ)
බොහෝ සිංහල ජනතාව හරි හොඳයි. සමහර සිංහල ජනයා නිසා මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ (නි)
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ලැබුන නිදහස කොපමණ වටිනවද කියල මුළු ලෝකයටම දැනුන මැතිවරණයක් මේක. ඒ නිදහස ලබා දුන් රණවිරුවන් අතී උදාරයි .එසේ නොවන්නට මෙවන් නිදහසක් උතුරේ ජනතාවට ලැබෙන්නේ නැත .(අ)
ඉන්දියාව සමග සාකච්චා කරන්න උතුරේ මහා ඇමතිට තිබෙන නයිතික බලය කුමක්ද? මේ රටේ බහුතරයකගේ චන්ද බලයෙන් ඇති කර ගන්න අණ පනත් වලින් රටේ විවිධ පළාත් පාලනය වීම තීරණය වෙයි. මහා ඇමතියා සිංහලෙන් වුවත් කියා ඇත්තේ අර කලපුව අයිනේ ඔලු කට්ටත් හාරාගෙන හතරගාතේ ගහපු එකාට නොදෙවෙනි කතාවකි. (අ)
උතුරෙන් දකුණට දුන්න අපූරු පාඩම ගුරුවරියන් දණගැස්සුවත්, විදුහල්පතිලාගේ කන පැලූවත්, උදළු තලයක්, සාරියක්, සරමක්, ජංගම දුරකථනයක්, බුරියානි පැකට් එකක්, අරක්කු වීදුරුවක් ලැබෙනවා නම් ඕනෑම කෙනෙකුට ඡන්දය දෙන දකුණේ දීනයන්ට තවමත් හරි හමන් හිසට හෙවනක් නැති උතුරේ ජනතාව පාඩමක් කියා දී තිබේ. ඒ ‘හිඟා කෑවත් ආත්මය පාවා දෙන්න එපා’ යන්නයි. (ස)
අපි කිසි කෙනක් කලබල විය යුතු නැහැ අපේ රටේ අපිට පළපුරුදු නයකයක් ඉන්නවා .කලබලවෙන්න අවශ්‍ය නැහැ .විග්නස්වාරම් දැගලුවට එයාට ඉල්ලන සැම දයක්ක්ම නොලැබන බව අපි දන්නවා .බෙන්තර ගගෙන් අනිත් පැත්තේ කෙනක් ඉන්න .(අ)
ඇයි ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්නේ? අපි තවම ඉන්දියාවේ යටත් විජිතයක් නොවන බව අමතක වුනාද? (නි)
ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්නේ මොකටද?දිනුවා නම් තමන්ගේ පළාත සංවර්ධනය කරන්න (නි)
ඔය දෙනවා කියන හැමදේම දෙනවා කිව්වා පලියට දෙන්න බැහැ. දැන් රටේ අනික් පළාත්වල ජනතාවට දෙනවා කියපු දේවල් නොදීත් ඔය යස අගේට මැතිවරණ හෙම දිනන්නේ. (නි)
මේ රටට වෙන්න යන විපත්තිය සුළු පටු නොවේ. (නි)
ඉන්දියාවෙන් අපේ රටට ලැබුණු දෑවැද්ද වන දෙමල ජනතාවත් සහ 13 වැනි සංශෝදනයත් සමග ඒ බලතල ඔවුන්ට අවශ්‍ය බව උතුරේ දමිල ජනතාව මේ මැතිවරණයෙන් පෙන්වා දී ඇත. නමුත් ඒකීය රටක් තුල රාජ්‍ය පරිපාලනය යටතේ මොවුන්ගේ සාමාන්‍ය ඉල්ලීම් ලබාදී මොවුන්ගේ මානුසික ගැටලුවලට සහනයක් දී ජාත්‍යන්තර වශයෙන්එල්ලවන ප්‍රහාරවලිනුත් මිදී සැමට පිළිගත හැකි විසදුමක් ලබාගැනීම පවතින ආණ්ඩුවේ වගකීමකි (නි)
ඔබතුමාගේ පක්ෂයයේ ප්‍රතිපතති ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ නඩුවක් තියෙනවා නේද? පැරදුනොත් මොකද වෙන්නේ? (නි)
ලෝකේ බලවත් රටවල් හා ඒ අයට කඩේයන රටවල් හදන්නේ සාමකාමී රටවල් කොටවල කෙසේහෝ යුද්දයක් ඇතිකිරීමටයි .ඉරාකය,ලිබියාව,සිරියාව වැනි සාමකමාව පැවැතිරටවල විපක්ෂයට හෝ බටහිර ගැත්තෙක්නම් බලතන්හාව ඇතිකර ආයුධදී රජය පෙරලීමට උදව්කිරීමද සිදුකරයි . නමුත් ලංකාවේ ප්‍රබල විපක්ෂයක් හෝ සිංහල මෙවැනි අය නොමැති බැවින් ද්‍රවිඩ ජනතාවට බලතන්හාව පෙන්වා රට අස්ථාවර කිරීමට උදව් උපාකර කරන්නේ ඇමෙරිකාව, ඇතුළු ඉන්දියාව වගේ බටහිරට කඩේයන රටවල්ය. (දී)
මොනවා සාකච්චා කරන්නද මහත්තයෝ (දී)
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවේ. ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කරන්න ඕනෑ නැහැ. ශ්‍රී ලංකාව එකම රටකි, දෙකක් නොවේ. (නි)
අපේ රණ විරුවෝ ජිවිත පුදලා රට බේරා ගත්තේ (දී)
වර්තමාන ජනාධිපතිතුමා සිටිනතාක් කල් ඔය මොන කතා කීවත් බය වෙන්න එපා. ජනාධිපතිතුමා මීට පෙර කියා තිබෙනවා, අපි හිතන තරම් යකා කලු නෑ කියා. (ස)
ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ විශාල නෑ පොඩි දූපතක් බව ඔබතුමාට මතක ඈති නේද ස්කෝලෙ යනකාලේ උගන්නපුවා.හෑම පුරවෑසියෙකුටම සම අයිතිවාසිකමක් තිබෙනවා මේරටේ ජීවත් වෙන්න.කිසිම ජාතියකගෙ අනන්‍යතාවය කඩකරලත් නෑ වෑල්ලවත කොළඹ වෑනි ප්‍රදේශවල වෑඩිපුර ජීවත් වෙන්නේ දමිල මුස්ලිම් අපගේ සහෝදර ජනතාවයි.මානවහිමිකම් මූලස්තානය තිබෙන සුවිස් රටෙ භාෂා 4ක් කතා කරනවා සහජීවනයෙන් ජීවත් වෙනවා නමුත් පොලිස් බලතල ඉඩම් බලතල ඒ මිනිස්සු ඉල්ලන්නේ නෑ.පලාත් සභා හෑම එකකටම එකම බලතලයක් තිබිය යුතුයි.අවු30ක් මේරටේ උතුරු කරේ කෑලෑ නීතිය රජකලා..අහිංසක වෑසියන් බෝම්බවලට බස් පිටින් මෑරුණා..උතුරේ අහිංසක ජනතාව වලපල්ලට දෑම්මේ මෙලෙජ්ජ කොටි නායක ප්‍රභාකරන් නේද්?...පුදුඉඩිකුරුප්පුවේදි පොල්ගෙඩි දෙකට ,හාල් සේරුවට මෝටසයිකල් පවා හුවමාරු උනා ඔබට මතක ඈති නෙද...ඔබතුමා ඒ කාලේ කොහේ හිටියද කියලා මම දන්නේ නති නිසයි අහන්නේ...ප්‍රභාකරන්ගෙන් ඈහෑව්වේ නෑද්ද දෙමිල ජනතාවගෙ අනන්‍යතාවය කඩන්නෙ මොකද කියලා..ඉන්දියාවට කිව්වේ නද්ද?මේරටේ හෑම පලාත් සභාවකටම එකම බලතලයක් තිබිය යුතුයි.නෑත්නම් පලාත් සභා අහෝසි කරලා කේවල චන්ද ක්‍රමයක් තිබිය යුතුයි.මොකද ඔබතුමාට 13 දෙන්න ගියොත් අනිත් අයත් ඉල්ලනවා කමක් නෑ සේරටම් 13 ගානෙ දීලා රජයට පල්ස් එක තමා ඉතිරි කරගන්න වෙන්නෙ.ඊට වඩා හොද නද්ද උතුරෙන් දකුනට ඈව්ත් එකම ශ්‍රී ලාංකික ජාතියක් හටියට හෑම ජනකොටසක්ම මිශ්‍රවී අපේ රට ගොඩනගන එක..දෑන් ඔබතුමන්ලාට වරප්‍රසාද තියෙනවානේ කොටියගෙ කාලෙට වඩා..කතා කිරීමේ නිදහසපවා .(අ)
වයඹ ජනතාව ඡන්දෙ දුන්නේ මේ රට කවදාවත් බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියන අදහසින්.වර්තමාන ජනාධිපතිතුමා සිටිනතාක් කල් ඔය මොන කතා කිවුවත් බය වෙන්න එපා. ජනාධිපතිතුමා මීට පෙර කියා තිබෙනවා, අපි හිතන තරම් යකා කලු නැහැ කියා. (නි)
රාජේශ් ඔයා ප්‍රතිපල ගැන අදද දන්නේ අපි නං කලින් ඉඳන් දන්නවා. ඔයාලා තාවකාලික සතුටක් ලබන්නකෝ (අ)
දැන් එහෙනම් අපිට පස්පෝර්ට් එකත් අරන් යන් වෙයි. මේ විහට ගියොත්. මොකද මේ ක්‍රියාත්මක වෙන්නේ කොටින්ට ඕඅන දේ තමා(අ).
සනත්, ගගෙන් එහාහ පැත්ත ගැන කතා කරන්න එපා. (අ)
දෙමළා දෙමළාම බවත්, තම්බියා තම්බියාම බවත්, සිංහලයා මෙන් කිසිම දිනක යූ.ඇන්.පී ශ්‍රී ලංකා නොවන බවත් නැවතත් මතක් කරන ලදී. අද අපිට අහිමි උතුර පමණි. හෙට නැගෙනහිර සහ මුලු රටම අහිමි වන දවස වැඩි ඈතක නොවන බව මතක තබාගන්න (නි)
විග්නේශ්වරන් මහත්තයා ඉල්ලන දේවල් සාධාරන නම් ශ්‍රී ලංකා රජය ඔබට ලබා දෙයි (නි)
කොහොමත් මේ අය ඉන්දියාවේ අය කියලා තමයි හිතාගෙන ඉන්නේ. ලංකාවේ හිටියට එක කකුලක් එහේ. ඒ අයගේ නායකයොත් ඉන්දියාවේ අය කියලානේ හිතන්නේ (නි)
අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ගත්තම ඒ මහත්මය සිංහලෙන් කතාකළ එකට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. සිංහල බැරි, සිංහල කතාකරන්න අකමැති සිංහලයන් ඉන්න රටක එකමුතුකමේ බලය කියලා අපිට යමක් කියන්න පුලුවන්ද? (නි)
විග්නේශ්වරන් මහත්තයෝ, මොන දේ කළත් හැම වෙලාවේම තමන් ශ්‍රී ලංකාවේ ඉන්නේ කියලා කටයුතු කළොත් හොදයි. මොකද ලංකාවේ ප්‍රශ්න විසදන්න ඉන්දියාවෙන් උපදෙස් ගන්න ඕනෑ නැහැනේ. (නි)
මේ වෙච්ච වැඩේ නම් ටිකක් සුභ නැහැ
83 ජාතිවාදී කලබල වලින් රට ගැන ඇතිවූ අයහපත් චිත්‍රය සහ 87 ඉන්දු ශ්‍රීලංකා ගිවිසුමේ ණය ගෙවන්නට සිදුවී ඇත්තේ අපේ ජනාධිපති තුමාටයි. 83 සිට ලෝකයා අප දෙස බලන්නේ අප නරක ජාතියක් හැටියටත්,සෙසු ජාතින් අහිංසක ජාතින් හැටියටත්ය. දැන් මේ ප්‍රශ්නය ඉතා බුද්ධිමත්ව විසඳා ගත යුතුව ඇත. (ස)
ඉන්දියාව සමග සාකච්ඡා කර කුසක් කරන්නද? (නි)
ත්‍රස්ථවාදීන්ගෙන් භමුදාව රට බේරා ගත් නිසා ,සාර්ථක ඡන්දයක් පවත්වා ඡයග්‍රහනය ලබාගත් අය හමුදාවට ස්තුති කරනවා වෙනුවට, ,"විග්නේෂ්වරන් කියන්නේ කරුණාකරලා භමුදාව එලියට දාන්නලු. " මේ රට විනාශ කරන්න විදේශිකයන්ගේ සවියවත් අරගෙනද? (නි)
මේ රටේ හෑම ජන කොටස්ක්ම සහජිවනයෙන් ජීවත් වෙනවා, නෑවතත් අපේ රටේ ජීවත්වෙන සහෝදර දමිල භාෂාව කතා කරන ජනතාවට සුරංගනා කතා කියලා කබලෙන් ලිපට දමන්න එපා.ඒ වගෙම උතුරු පලාත ජාත්යන්තර ත්‍රස්තවාදින්ගේ තිප්පලක් කරලා (දී)
ඔබලාට තීරණක් ගැනීමට අවශ්‍යනම් ,සියලුම දමිල ජනතාව යාපනයට ගෙන්වා ගන්න (නි)
දෙමලුන්ගේ සමගියෙන් සිංහලයන් දැන්වත් පාඩමක් ඉගෙන ගත යුතුයි. නුවරඑළියේ සිංහලයන්ගේ අසමගිය නිසා මෙවර පත් වී ඇත්තේ සිංහල මන්ත්‍රීන් දෙදෙනකු පමනයි. පේන හැටියට මලයනඩුව වැඩිදුර නොවේ ,....???? (ස)
චමිල-පානදුර,ඡන්දයකදී හෝ වේවා වෙනයම් කරුණකදී හෝ වේවා ජාතිවාදී නොවී,ලාංකිකයෙක් සේ අදහස් පළකරන්න.ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටවූ කාලේ පටන් සෑම පක්ෂයකම මුස්ලිම්,දෙමල ජනතාවගේ ඡන්ද මිශ්‍රව තමයි රජයක් පිහිටෙව්වේ.නමුත් දෙමල සංධානයේ හෝ මුස්ලිම් කොන්ග්‍රසයේ සිංහල ඡන්ද නැත කියායි මා හිතන්නේ (නි)
බලය දුන්නේ දුක නැතිකර ගන්නයි, නැවත දුකට වැටෙන්න නොවේ (නි)
13 එහාට කියනේ 13 නෙමේ මං හිතන්නේ.. (ස)
ඉන්දියාව එක්ක කතා කරනවා? ඒක හොඳයි. (නි)
13 එහෙට බලතල දෙනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය...පළාත් සබා කියන්නේ එක පළාතකට පමණක් සිමා උන දෙයක් නෙමේ... (ස)
පාර හොඳට එලි කරලා ,කටු අකුල් ඉවත් කරලා හදලා දුන්නට පස්සේ ආඩම්බරකම පෙන්නන්න හදන හැටි? දකුණේ අපිට තමා තලන්න ඕනෑ. ඉල්ලන දේවල් නුදුන්නොත් ඉන්දියාවත් එක්ක එකතුවෙලා මොනවා කරන්නද ? (නි)