යහළුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානයකර වෙරිවී නැවත තම වාසස්ථානය කරා එන අතරමගදී මිලානෝ ප්‍රධාන දුම්රියපොළ ආසන්නයේ රාත්‍රි දෙකට පමණ විසිදෙහැවිරිදි ඉතාලි ජාතික තරුණියකට බලහත්කාරකමක් කිරිමට තැත්කළැයි කියන විසිතුන්හැවිරිදි ලාංකිකයෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉතාලිජාතික තරුණියගේ නිවස පිහිටි මහල්ගොඩනැගිල්ලේ දොරටුව අසලදී ඇය බිමට තල්ලුකර ඇඳුම් ගැලවිමට තැත්කරද්දී තරුණියගේ කෑගැසිම ඇසුණු දෙමාපියන් එතැනට පැමිණ පොලීසියට කතා කර ලාංකිකයා අත්අඩංගුවට පත්කර ඇත.
පොලීසිය හමුවේ ලාංකිකයා පවසාඇත්තේ තමා නීත්‍යනුකූලව 2010 සිට ඉතාලියේ වාසයකරන බවත් , අරක්කැමියකු ලෙස කලින් සේවය කළද දැන් රුකියාවක් නොමැති බවත්, සිද්ධිය සිදුවිමටපෙර තම යහළුවෙකුගේ නිවසකට ගොස් මත්පැන් පානය කළ නිසා සිද්ධිය ගැන කිසිවක් මතකනැති බවත්වය.
ඒ අවස්ථාවේ තරුණිය රෝහල්ගත කළද ඇයට අතවරයක් සිදුවු නැති හෙයින් රෝහලෙන් නික්මගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුල සහ පිටබැද්දර,,,,,ඔය කියන එක රටක්වත් මොන පාටද කියලවත් මම දන්නේ නැහැ. රත්නපුරෙන් එහාට ගිහින් තියෙන්නෙත් ලොකු උනාට පස්සේ. ඒ හන්දා ඔය දේවල් මට කියල වැඩක් නැහැ. මම අදහස් දැම්මේ පත්තර වලින් දකින කියන දේවල්. ඉතාලියේ සහ යුරෝපයේ රටවල් වලින් ඇහෙන දේවල් අනෙක් රටවල් වලින් ඇහෙන්නේ නැහැ. ඔයාල මොනවා කිව්වත් යථාර්තය හැමෝම දන්නවා. ඒ දේවල් මෙහෙ අය දැනගන්නවට අකමැති නම් ශිෂ්ට විදිහට ඉන්න රටේ ජීවත් වෙන්න. නැත්නම් දැන්වත් කොහෙට හරි ගිහින් මොනවා හරි ඉගෙන ගන්න. (ස)
අනේ ඔයා එන්ඩ තිබුනේ ඩුබායි. (ස)
මිනිහා හිතන්න ඇති ගෙදර කියලා. (ස)
රොෂාන් ජයමාන්න මිලානෝ ,මහතාණෙනි, ඔබට මම හිස නමා ආචාර කරමි. සත්‍ය ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම ගැන. මේ අනුන්ට අවලාද කියනා අය දැනගත යුතුයි , අනුන්ගේ කුණු ඇවිස්සීමට යාමෙන් තමන්ගේ කුණු වසා ගැනීමට බැරි බව. එයින් සිදුවන්නේ තමන්ගේ කුණු වඩාත් හොදට අවුස්සවා ගැනීම පමණි. අනිකුත් පුද්ගලයන්ට ගැරහීම වසලයන්ගේ වසල ගතියකි. (නි)
රටේ නමත් කනවා. වෙනත් කෙනෙකුටවත් රස්සාවක් කරගන්න බැහැ (නි)
මෙයා නම් වෙන්නප්පුවේ කෙනෙක්ගේ වැඩක් වෙන්න බැහැ අර කට්ටිය සද්ද නැත්තේ ඒකනේ.(නදී)
අපොයි දැන්නම් ඉතාලියේ කතා අහල ඇති වෙලා. උගත්කමක් හැදියාවක් තියෙන කවුරුවත්ම ඉතාලියට ගිහින් නැද්ද? කැනඩාව, නවසීලන්තය , ඕස්ට්‍රේලියාව වගේ වැදගත් මිනිස්සු සංක්‍රමණය වන රටවලින් නම් ඔහොම දේවල් ඇහෙන්නේ නැහැ. යුරෝපයේ හැම රටක්ම එක වගේද කොහෙද. (ස)
බිල කූඩුවකට ගියාට කමක් නැහැ.හැබැයි වෙරි මරගාතේ අනුන්ගේ ගෙවල් වලට රිංගන්නේ නැතුව. (නි)
අන්න හරි මොකුත් මතක නැහැ කී වහාම ඔක්කොම හරිනේ. බූරුවා, ඉතාලිය විතරක් නෙමේ මුළු ලංකාවම කනවා. (ස)
ඉස්සර රෑට ලයිට් නැතුව යන බයිසිකල් අල්ලා ගත්තාම කොල්ලෝ බොරු ලිපිනයන් දෙනවා රාළහමිලට. ඒ වගේ මේ මිනිස්සුන්ට හදිසියකදී පාවිච්චි කරන්න රටක් මේ ලෝකයේ නැද්ද? මොකක් හරි "ලන්තයක්", අපේ රටේ නම කන්නේ නැතුව? (නි)
මහගෙදර, මම හිතන්නේ යුරෝපයේ මත්පැන් බොහොම ලාබයි. යුරෝ 1 කට වුනත් වයින් බෝතලයක් ගත හැකියි. ඔයත් යුරොප් ආවනම් ඔය ටික තමා...(නදී)
යමු යමු ආශ්චර්යය කරා (නි)
මෙයාවත් යවන්න ඕනෑ සෞදි අරාබියාවට (නි)
ජයතිලක මගෙ රට නම් ලංකාව ඔයා ගෙ රට ස්වාසිලන්තෙද? ඉන්ටර්නෙට් එක තිබුන පලියට මෝඩ කොමන්ටු දාන්න එපා(නදී)
චතුල වෙරෝනා, අපි හැමෝම ඉපදුනු රට ලංකාව තමයි හලෝ. නැත්නම් අපි මෙතන සිංහලෙන් බයිලා කියා කියා ඉන්නේ නැහැනේ. මම කතා කරන්නේ තමුන්නාන්සේ දැනට වැඩ වාසය කරන රට ගැනයි. හිතා ගතහැකි මොලේ තරම. (ස)
රොෂාන් ජයමාන්න මහතාගේ කතාව හරියට හරි...සෙනසුරාදාට කට්ටි කට්ටි සෙට්වෙලා බොනවා අපේ අය සංගීත ප්‍රසංගයකට ගියත් බීලා ගෝරියක් දා නොගත්තොත් එතන ලොකු අඩුවක් වගෙ එයාලට දෑනෙන්නේ....නූගත් කම වගේම දූෂිත දේවල් වල්ට ඈබ්බහිවීම. පෑමිලිවීසා වලට ආපු තරුණ කිරිකජු කොල්ලෝ හරියට නාස්තිවෙලා තියෙනවා.දෙමව්පියන් යුරෝ පස්සේ දුවනවා.(නදී)
මහගෙදර අනේ අපි නොදන්නා ඕස්ට්‍රේලියා, ගිය මාසෙත් අපේ එකෙක් සිඩ්නි වලදී තරුණ ළමයෙක් අල්ලගන්න හදන කොටම මාට්ටු උනා කියල එසනෙන් දැකකේ නැද්ද ?අපේ එවුන් දිව්‍ය ලෝකේ ගියත් නැහැදිච්ච්කම නම් අතාරින්නෙ නැහැ ! (ස)
අපෝ මේ බත් කන මී හරක් රටේ නම කනවා. (ස)
මිනිහා ලංකාවේ දේශපාලනය කරපු කෙනෙක්ද කියලා හොයල බලන්නකෝ. (ස)
වර්ථමානයේ ඉතාලියේ ජීවත්වන ගොඩ දෙනෙකුගේ පවුල් පරිසරය ඉතාමත් කණගාටුදායක තත්වයකයි තිබෙන්නේ.පුරුෂයා යුරෝපයේ රැකියාව කරමින් සිටිද්දී බිරිඳව හා දරුවන්ව ලංකාවට යවයි. ඉන්පසු ඔහු මෙහි ඩෙඟානටයි. ඊටම හරියන ගැහැණුද මෙහි ඇත.තම කසාද පුද්ගලයාගෙන් වෙන්වී තවත් කාගේ හෝ ඇඟේ එල්ලීමට බලා සිටියි. ඉන්පසු මේ ගැටවලට අසුවුන පුද්ගලයින්ට සිදුවන්නේ ණය වෙවී අනුන්ගේ දරු පවුල් නඩත්තු කිරීමටයි. (ස)
ඕක තමයි කියන්නෙ බලු වලිගය උණු පුරුකේ දැම්මත් ඇදේ අරින්න බෑ කියලා. (ස)
පිටබැද්දර ජයා නමැති අලුත්ම ඕස්ට්‍රේලියන් ඇලජික් කරලියට එයි. ඒ සිඩ්නි වලදී මාට්ටු වෙච්ච කෙනා ඔහේගේ නෑ කෙනෙක්. බෝට්ටුවෙන් ආපු ග්‍රහයෙක්. නිතියානුකුලව මෙහාට ආපු කෙනෙක් නොවෙයි. (ස)
මේ අර මතක නැති ලෙඩේ බෝ වෙච්ච කෙනෙක් වගෙයි. (ස)
මහගෙදර ඕස්ට්‍රේලියාවෙ ඉන්න වැදගත් අය ගැනනම් අපිට කියන්න එපා. එහෙට ගිය ඔය වැදගත් අය වීස ගන්න ලියකියවිලි හදා ගත්තු වැදගත් ආකාරය ඔයාට ඕනනම් කියා දෙන්නම්. ලක්ෂ ගණන් බැංකු මැනේජර්ලට දීල තමයි හොර ආදායම් වාර්තා හදා ගත්තෙ. ඉගෙන ගන්නව කියල ඉංග්‍රීසි කෝස් එකක් කර කර ජොබ් කරන ඔහෙ ඉන්න වැදගත්තු සිංහ කොඩියක් අරගෙන රට වෙනුවෙන් පාරෙ ඉඳල තියනවද කවදාවත් මැච් එකක් තියෙද්දි නම් බීගෙන කොඩි ඔලුවෙ ඔතාගෙන හිටියා. ඉන්න රටේ හැටියට මිනිස්සු වර්ග කරන්න බෑ. මොට්ට වැඩ කරන උන් ලෝකෙ කොහෙත් ඉන්නවා. (ස)
චතුල වෙරෝනා, වැඩිපුරම මොට්ට වැඩ කරන කට්ටිය ඉන්නේ ඔයා ඉන්න රටේ. ගම කාල, රටත් කනවා. සන්තෝසේ බෑ. (ස)