
( අමදෝරු අමරජිව)
බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි අද(28) ඇරුඹු විරෝධතාවය ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිස පවත්වද්දි තවත් හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට කඩා වැදි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වුහ.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විණි.
රැස්වීමට කඩා වැදුණු හිමිවරු අතර බොරළු කන්ද රජමහා විහාරාධිපති අම්පිටියේ සීල වංශ තිස්ස මොරවැව ඉන්ද්‍රරාමාධිපති ය පොල්හේන්ගොඩ උප රතන හිමියෝද වුහ.
ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් බොරළුකන්ද විහාරයේ සංවර්ධන කටයුතු තහනම් නියෝගය ලිඛිතව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් පි.දනේෂ්වරන් මහතාද මෙම රැස්විමේ සිටිම විශේෂත්වයකි .
තහනම් නියෝගය ඉවත් කරන තෙක් තමන් වහන්සේලා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවට සපථ කර කියා සිටියහ. සිදුවු අපහසුතා මධ්‍යයේ ආණ්ඩුකාර උපදෙස් මත තහනම ඉවත් කිරිමට සියළු දෙනා තිරණයකට එලඹියහ.
මහා සංඝරත්නය විරෝධය හමුවේ තහනම් නියෝගය ඉවත් කිරිමේ ලිඛිත නියෝගය ප්‍රාදේශීය ලේකම්වරයා බොරළුකන්ද රජමහා විහරාධිපති අම්පිටිය ශිල වංශ තිස්ස හිමියන්ට ලබාදිම සිදු කළේය.
අනතුරුව දිසාපති කාර්යාලයේ දොරටු හා මහා මාර්ගය පැය ගණනාවක් හරස් කරගෙන සිටි හිමිවරු හා ගිහි පිරිස ඉවත්ව ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි දෙකක්ම උඩින් තියාගෙන නේද මිස්ටර් බීන්ලා රට කරන්නේ? ඔවුන්ට ඕන ඕන නාඩගම් නටන්න බෑ මහා සංඝරත්නය වැඩසිටින තුරු. සංඝරත්නය ට නමස්කාර වේවා !
රටේ නීතිය...!
උතුරු, නැගෙනහිර පළාත්වල මේ වනවිට උසාවිය සහ ද්‍රවිඩ දේශපාලන අධිකාරිය විසින් සිදු කරන බොදු විරෝධී ක්‍රියාවලට එදිරිව පෙළ ගැසුණු ස්වාමීන් වහන්සේලාට අපගේ ගෞරවය පුදකරමු. උතුරු නැගෙනහිරින් සිංහල බොදු උරුමය අකාමකා දැමීමේ වුවමනාවෙන් පෙළෙන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැනි සුළු ජාතිවාදී දේශපාලකයන් ජනාධිපතිගේ හයිය අරගෙන කරන සියලු කටයුතු නවතා දැමිය හැකි වන්නේත් භික්ෂුන් වහන්සේටයි. එමනිසා බුද්ධ පුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේ එක්විය යුත්තේ බොදුනු කොඩිය වටා විනා ජවිපෙ හෝ පෙරේට්ටන්ගේ මාක්ස්වාදී ප්‍රලාප වටා නොවේ. රොබට් බ්‍රවුන්රිග් විසින් ඔබවහන්සේ හැඳින්වුයේ "කහකඩයන්" යනුවෙනි. ඒ, අපහාසාත්මක වදන් දැන් ඔබවන්සේට එදිරිව භාවිතා කරන්නේ ඉහත කී දෙපක්ෂය විසිනි. ඔවුන් සමග එක් වී සිංහල බොදු උරුමය මෙරටින් අතුගා දැමීමට කර උරදීම වෙනුවට සෙන්දිල් තොන්ඩමන්ලාට අභියෝග කළ යතිවරයන් වහන්සේ අනුගමනය කරන්න.
ඔව් අපේ හාමුදුරුවරුණේ මේ වඩුගයාට ජාතියක් ආගමක් නැහැ. ඒ නිසා ජාතිය බෞද්ධ ආගම රැක ගන්න අතීතයේ මෙන් ඔබ වහන්සේලා ඉදිරියට එන්න. දෙමළුන්ට නිජබිමක් නැතිබව කෙලින්ම කියන්න. දෙමළුන්ට නිජබිමක් දෙන්න හදන්නේ මේ වඩුග පාලකයා.
පලාත් ආණ්ඩු කාරයා රජය නියෝජනය කරයි. එසේ නම් මේ ඉදිරි ජනාධිපතිවරණය එල්ලකරගෙන සුලු ජාතික චන්ද අරමුණුකරගෙන රනිල් ගෙනයන ව්‍යාපාරයේ තවත් පියවරකි. නැතිනම් රනිල් වහා ක්‍රියාත්මක වී තත්වය සමනය කලයුතුව තිබුනි. එසේ නොවුනේ මන්දැයි දැන් ඉතා පැහැදිලිය. ඉදිරි මැතිවරණයේදී රනිල්ට නිසි පිලිතුරු දීමට ජනතාව සූදානමින් සිටී. ඒ හැරෙනකොට කෝ අපේ මහනායක හිමිවරු…?
පක්ෂ බේද පසෙකලා මහා සංඝ රත්නය එක්වන්නේ නම් රටත් ජාතියත් ආගමත් සියලු උවදුරැ වලින් ගලවා ගත හැකිය. සංඝ රත්නයේ ගරැත්වය කෙලාසාගෙන මහපාරේ කඳුලු ගැස් කන බේරෙ වතුර නාන අන්තරය ඇතුලු දේසපාලන පක්සවල අතකොලු බවට පත්වසිටින චිවර දාරින්ව එය්න් මුදවා ගැනිෙ මෙක්රමක්ද අවස්යවේ. සංඝරත්නය දේසපාලනයෙන් තොරව රට ජාතිය ආගම වෙනුවෙන් මෙපරිදි එක්වන්නේනම් සමස්ත ජාතියම මහා සංඝ රතනය සමග එකට සිටගන්නවා ඇත.එදාට මහාසංඝරත්නයට අපහාසකරන දේසපාලකයන් මහා සංඝ රනයේ දෙපාමුල වැදවැටිම වලකා ලියනොහැක.තවද රටසහ ජාතයේ චිරස්තියද එතැනම පවතිනුඇත.